Saturday, May 27, 2017

සාමූහික විඤ්ඤාණය හෙවත් විඤ්ඤාණ ධාතුව.



The collective unconscious


"Jung had a term for the transcendent domain of consciousness, where lies the common cause of all synchronous events - the collective unconscious. It has been called unconscious because we are usually not aware of the nonlocal nature of these events. Empirically, Jung discovered that, in addition to the Freudian personal unconscious, there is a transpersonal collective aspect of our unconscious which has to operate outside spacetime, has to be nonlocal, since it seems to be independent of geographical origin, culture, or time.''

සාමූහික විඤ්ඤාණය. හෙවත් විඤ්ඤාණ ධාතුව.

කාල් යුං නැමැති දාර්ශනිකයා හට විඤ්ඤාණයේ ශුද්ධ ස්වරූපය හදුන්වනු ලැබීම උදෙසා වදනක් තිබූණි. සියලු විඤ්ඤාණීය ක්‍රියාවන්ට උත්තරව පිහිටි එය සාමූහික විඤ්ඤානයයි.  එය අවිඤ්ඤාණය යනුවෙන් හදුන් වනුයේ අපට එහි පැවැත්ම ගැන සාමාන්‍යයෙන් දැනුමක් අැති නෙවන හෙයිනි.  යුං විසින් ප්‍රත්‍යක්ෂ කරන ලද එය ෆොරිඩියානු ( උඩුසිත හා යටිසිත යන) පෞද්ගලික විඤ්ඤානයන්ට අමතරව වූවකි.  එය සංස්කෘත වූ අවිඤ්ඤාණිකවූ පෞද්ගල විඤ්ඤානයට (යටිසිතට) එපිටින් වූ අපෞද්ගල වූ කාලඅවකාශ රාමුවෙන් පිටත වූ ස්වාධීන වූවකි. එය කාලයෙන්, දේශයෙන් හා සංස්කෘතියෙන් ස්වායත්ත වූවක් බව පෙනී යයි.

2 comments:

  1. මෙය ඉංග්‍රිසි ලිපියක සිංහල පරිවර්ථනයක් පමණි. විඤ්ඤාණය පිලිබඳව සාකච්ඡාවක් සඳහා පමණි.

    විඤ්ඤාණයේ අවධීන් කීපයක් ධර්‍මයේ කියැවේ.
    * ධාතු විඤ්ඤාණය (පඨවි, ආපෝ, තේජෝ, වායෝ, අාකාශ හා විඤ්ඤාණ)
    * කර්ම විඤ්ඤාණය.
    * සනිදස්සන විඤ්ඤාණය
    * අනිදස්සන විඤ්ඤාණය
    අාදී වශයෙනි.

    නූතන මනෝ විද්‍යාවේ (ෆොරිඩියානු ) උඩු හිත හා යටි සිත යනුවෙන් එය විග්‍රහ වේ.
    මෙහිදී consciousness යන්න විඤ්ඤාණය ලෙස පරිවර්තනය කෙරේ. නමුත් එය කොතෙක් දුරට සාධාරණදැයි විමසා බැලීම සුදුසුය.
    සත්වයාට සාමාන්‍යයෙන් පවතින්නේ කර්ම විඤ්ඤානයයි. මෙහි පුද්ගල ස්වරූපය ප්‍රකට බැවින් සනිදස්සන විඤ්ඤාණය යයිද යෙදේ.
    කර්ම ක්ෂය වූ විඤ්ඤාණය පුද්ගලභාවයෙන් විමුක්තවී ඇති බැවින් චරිතයක් මතුවී නොඑන සුලු බැවින්ද අනිදස්සන විඤ්ඤාණය යයි යෙදේ.

    යුංග් විසින් අත්දැක ඇත්තේ මින් කුමක්ද? එසේ නොමැතිනම් එය මෙයින් බැහැර වූවක් ද?

    ReplyDelete
  2. නිවන පිලිබඳ පහත හැඳින්වීම සමඟ එය ගැලපෙන බවක් නොපෙනේ.

    8. පාටලීගාම වර්ගය
    1. (ප්‍රථම) නිර්වාණ සූත්‍රය
    71
    (මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි.)
    එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට අසංස්කෘත ධාතුවවූ නිවන පැවසීම් වශයෙන් පැවැති ධර්ම දෙශනාවෙන් දක්වනසේක. (ලවා) ගන්වනසේක. බබුළුවනසේක. (නිර්වාන) ගුණයෙන් මනාකොටම සර්වප්‍රකාරයෙන් සතුටු කරවන සේක. මනාව දක්වනසේක. සමාදන් කරවනසේක.
    ඒ භික්ෂූහුද ප්‍රයෝජන ඇත්තෝව සිතේ තබා දෙශනාව ආවර්ජනාකොට (සියලු සිතින්) මනාව දරා මනාව තබනලද කන් ඇත්තෝව දහම් අසති.
    ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය (හැම අයුරෙන්) දැන මේ ප්‍රීතිවාක්‍යය ඒ වේලාවෙහි පහළකළසේක.
    “මහණෙනි, යම් නිවනෙක්හි පෘථිවිධාතුව නොම ඇත්තේද, ආපෝධාතුව නැත්තේද, තෙජෝ ධාතුව නැත්තේද, වායෝධාතුව නැත්තේද, ආකාසානඤ්චායතන චිත්තෝත්පාදය නැත්තේද, විඤ්ඤාණඤ්චායතන සිතෙහි ඉපදීමෙක් නැත්තේද, ආකිඤ්චඤ්ඤායතන සිතෙහි ඉපදීමෙක් නැත්තේද, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සිතෙහි ඉපදීමෙක් නැත්තේද, මේ ආත්මභාවය සඳ හිරු දෙදෙනද නැත්තේය. මහණෙනි, ඒ නිවණෙහි ඊමක්ද නොමකියමි, යාමක්ද නොම කියමි. සිටීමක්ද නොම කියමි. ඉපදීමද නොමකියමි. චුතවීමද නොමකියමි, ඒ නිවණ නොපිහිටියේය. නොපවත්නේය ඒ නිවණ අරමුණක් නැත්තේමය, කෙළවර වූයේම මේ නිවණ යයි.”

    ReplyDelete