Showing posts with label ලිපි. Show all posts
Showing posts with label ලිපි. Show all posts

Saturday, July 1, 2017

වට්ටය

කරජකාය, මනෝමයකාය, සංඥාමයකාය යනුවෙන් ආත්මබාවයේ අවස්තා තිබිය හැකියැයි පොට්ටපාද සූත්‍රයේ තිබේ.
පොට්ඨපාදය, ඖදාරික වූ ආත්මප්‍රතිලාභය, මනෝමය වූ ආත්මප්‍රතිලාභය, අරූප ආත්මප්‍රතිලාභය යැ යි මේ ආත්මභාවප්‍රතිලාභ තුනෙකි.”

පොට්ඨපාදය, ඖදාරික ආත්මප්‍රතිලාභය කවරේ යැ? රූපවත් වූ සතර මහාභූතයන්ගෙන් පහළ වූ, කබලීකාරාහාරය අනුභව කරන යමෙක් වේ ද, මෙය ඖදාරික ආත්මභාවප්‍රතිලාභ යැ.

මනෝමය ආත්මප්‍රතිලාභය කවරේ යැ? රූපවත් වූ ධ්‍යාන සිතින් නිපන්, සියලු අඟපසඟින් යුත්, නොපිරිහුණු ඉඳුරන් ඇති යමෙක්වේ ද, මෙය මනෝමය ආත්මප්‍රතිලාභ යැ.

අරූපාත්මප්‍රතිලාභය කවරේ යැ? රූපවත් නොවූ සංඥාමය වූ යම් අත්බවෙක් වේ ද, මේ අරූපාත්මප්‍රතිලාභ යැ.

ශක්තියක් යන අර්ථය සම්මුතියක්. ඇත්තෙන්ම එය හුදු ක්‍රියාවක් පමණයි..

රූප කියන්නෙත් ක්‍රියාව ක්, නාම (විඤ්ඤාන) කියන්නෙත් ක්‍රියාවක්. මෙම ක්‍රියාවන්මත සකස්වන තවත් ක්‍රියාවලියක් සත්ත්වයා.
උදාහරනයකට කොස් ගසක් ගැන සිතන්න. එතැනද රූප ක්‍රියාවලියක් මෙන්ම යම් ආකාරයක නාම කුියාවක් (කොස් ගතිය) සැකසේ.
නාමය හා රූපය අනොන්‍යව පවතී.

ශබ්දයේ ගමන මෙන්, ජල තරංගයක ගමන මෙන්, කිසිවක් නොයයි නමුත් ප්‍රචාරණයක් වේ. ඒ ඒ අංශු කම්පනය වනවා පමණි.
මෙහිදී ශක්ති හුවමාරුවක් පරිවර්තනයක් සිදුවේ. චාලක ශක්තිය විභව ශක්තියට හා නැවත විභව ශක්තිය චාලක ශක්තියට. එය නිරීක්ෂණය කරන්නෙකුට තරංගයක් පැතිරෙන අන්දමක් වැටහේ.(එය නිර්මිත ක්‍රියාව යැයි ගනිමු). ආලෝකය ද මෙසේ විද්‍යුත්ශක්තිය හා චුම්භකශක්තිය අතර පරිවර්තනය හේතුවෙන් (විද්‍යුත්චුම්භක කිරණක්) පැතිරෙන්නාක මෙන් සලකනු ලබන නිර්මිත ක්‍රියාවකි.
මෙසේ යම් ද්වයතාවක් , එකිනෙකට ප්‍රත්‍යවන ක්‍රියාවලියක් පවතිනවිට ඒ සමඟ තුන්වන ක්‍රියාවක් නිරීක්ෂණය කලහැකිවේ.
මෙම ලක්ෂණය ඕනෑම ස්වභාවික ක්‍රියාවලියකට පොදුය.
ශාකයක ස්වභාවික පැවැත්මට මෙය යොදා බලමු.
ගසක් බීජයක් තුල ආහාර ගබඩා කරයි. (විභවය). බීජය ආහාර දහනය කරමින් වර්ධනය වේ.(චාලකය). මෙම ද්වයතාව මත (ආහාර ක්‍රියාව) ශාක පරපුරක පැවැත්මක් දැකිය හැක.(තෙවන ක්‍රියාව).
සත්වයන්ද (DNA) මෙවැනිම ස්වභාවික ක්‍රියාවලිය කි.
සත්වයන් අතරද ඒක ශෛලිකයන්, මිනිස් දේහ ශෛල ආදිය ගත හැක. පුද්ගලයා හෙවත් ආත්මයක් යැයි සලකනු ලබන පැවැත්මද මෙවැනිම ක්‍රියාවලියකි. එහිදී එම ක්‍රියාවලිය මනස මත සිදුවන ක්‍රියාවලියකි. (වට්ටයකි)
විඤ්ඤාණයත් නාමරූපයත් එකිනෙක ප්‍රත්‍යව ද්වයතාවක නිරතවන විට පෞද්ගලිකත්වයක් තෙවැනි ක්‍රියාවලියක් ලෙස නිරීක්ෂණය වේ.
(මායාවක් වන උපාදානස්කන්ධයක්). විඤ්ඤාණයේ හෝ නාමරූපයේ බිඳවැටීමෙන් එම වට්ටය නතරවේ.

Saturday, May 27, 2017

මෙත්ත සූත්‍රය

“යම් ගිහියෙක් හෝ පැවිද්දෙක් එළඹ සිටි සිහි ඇත්තේ මෛත්‍රී ධ්‍යානය අප්‍ර‍මාණ්‍ය වශයෙන් වඩා ද, නිර්‍වාණය දක්නා වු ඔහුගේ සඤ්ඤෝජනයෝ තුනී වෙත්.
( මෙත්‌තා චෙතොවිමුත්ති සූත්‍රය - ඉතිවුත්තක)
මෙත්තාසහගතසුත්තං හෝ හලිද්දවසන (මෙත්තා) සූත්‍රය.
-------------------------------------------------------------
මෙම සූත්‍රය තුල මෙත්‍රිය වැඩීම මගින් නිවන ප්‍රත්‍යක්ෂවන බව බෝධිඅංග හත සම්පූර්ණ වන බව පෙන්වාදීමෙන් තහවුරු කර දක්වා ඇත.
එසේ ලොකොත්තර ධර්මය අවබොධ නොකලොත් දෙයාකාරයක පිහිටක් ලැබේන බවත් එහි සඳහන්ය.
එනම්
(1). සුභය කෙළවරකොට ඇති මෛත්‍රී සමාධිය හෝ
(2). ආකිඤ්චඤ්ඤායතනය කෙළවරකොට ඇති මෛත්‍රී සමාධිය යි.
දිසා වශයෙන් මෙත්‍රිය වැඩීම බුදුසසුනේ මෙන්ම අන් සසුන් වලත් තිබේ. නමුත් බුදුසසුනේ විශේෂත්වය වන්නේ නිවන් ලැබෙන අන්දමින් මෙත් වඩන ආකාරය ඉගැන්වීමයි.
..........
‘ඇවැත්නි, කෙසේ වඩන ලද මෛත්රීස සමාධිය කිනම් නිපදවීමක් ඇත්තේද? කුමක් පරමකොට ඇත්තේද, කුමක් අනුසස්කොට ඇත්තේද, කුමක් අවසානයකොට ඇත්තේද? කෙසේ වඩනාලද කරුණා සමාධිය කුමක් නිපදවීමකොට ඇත්තේද? කුමක් පරමකොට ඇත්තේද? කුමක් අනුසස්කොට ඇත්තේද? කුමක් අවසානය කොට ඇත්තේද? කෙසේ වඩනාලද මුදිතා සමාධිය කුමක් නිපදවීමකොට ඇත්තේද? කුමක් පරමකොට ඇත්තේද? කුමක් අනුසස්කොට ඇත්තේද? කුමක් අවසානයකොට ඇත්තේද? කෙසේ වඩනලද උපෙක්ෂා සමාධිය කුමක් පරමකොට ඇත්තේද? කුමක් අනුසස්කොට ඇත්තේද? කුමක් අවසානයකොට ඇත්තේද? කියායි.
.....................
මහණෙනි, දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්රනහ්මයන් සහිතවූ, ලෝකයෙහි, මහණ බමුණන් සහිත ප්රෙජාව අතුරෙහි, දෙව් මිනිසුන් අතුරෙහි තථාගතයන් හෝ තථාගත ශ්රායවකයෙකු හෝ මේ සාසනයෙන් ඇසුවක් හෝ හැර යමෙක් මේ ප්ර්ශ්න විසඳන්නේ නම් (එබඳුකෙනෙකු) මම නුවණැසින් නොමදකිමි.
....
“මහණෙනි, කෙසේ වඩනා ලද මෛත්රීඅ සමාධිය කුමක් නිපදවීම කොට ඇත්තේද, කුමක් පරම කොට ඇත්තේද, කුමක් අනුසස් කොට ඇත්තේද, කුමක් අවසානකොට ඇත්තේද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවෙකය ඇසුරුකළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණු මෛත්රීි සහගත සති සම්බොජ්ඣංගය වඩයිද,........ උපෙක්ෂා සම්බොජ්ඣංගය වඩයිද,.....
........
“ඉදින් හෙතෙම පිළිකුල් නොවූවෙහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේ නම්, එහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරයි. .......ඉදින් පිළිකුල් නොවුවද පිළිකුල් වුවද යන ඒ දෙක දුරුකොට සිහි ඇතිව මනා නුවණැතිව උපෙක්ෂා ඇත්තේව වාසය කරන්නෙමියි කැමැත්තේ නම් එහි සිහි ඇතිව, නො නුවණැතිව උපෙක්ෂා ඇතිව වාසය කරයි.
සුභවූ විමොක්ෂයට හෝ පැමිණ වාසය කරයි. මහණෙනි, මම ලොකොත්තර ධර්මය අවබොධ නොකළාවූ මහණහට සුභය කෙළවරකොට ඇති මෛත්රීර සමාධිය කියමි.
.......
ඉදින් පිළිකුල් නොවූවද, පිළිකුල් වුවද යන ඒ දෙක හැර සිහි ඇතිව මනා නුවණැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි සිහි ඇතිව මනා නුවණැතිව උපෙක්ෂාවෙන් යුක්තව වාසය කරයි.
සියළු ආකාරයෙන් වනාහි විඥානඤ්චායතනය දුරුකොට කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, ලොකොත්තර ධර්මය අවබොධ නොකරන්නාවූ මහණහට උපෙක්ෂා සමාධිය ආකිඤ්චඤ්ඤායතනය කෙළවරකොට ඇතැයි මම කියමියි වදාළේය.
(යොමු කිරීමට ස්තූතිය Charith Sandaruwan මහතාට )

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව යුනිකේතයට හරවා උතුම් වූ ධර්ම දානයක් ලෙස සදහම් පිපාසාවෙන් සිටින සියළුම දෙනාගේ හිත සුව පිණිස අන්තර්ජාලයට එකතු කිරීම මෙම වෙබ්අඩවියේ පරම චේතනාවයි.
thripitakaya.org

Monday, May 15, 2017

අබුද්ධස්ස කාලෙට ධර්මය වනගත වේලු!






පොලොන්නරු යුගයෙන් පසු විදේශ ආක්‍රමන හේතුවෙන් රටේ සාමය පිරිහී ගියා. පොඩියෙන් හරි දීප්තියක් තිබුනේ දඹදෙනි යුගයෙදි, කුරුණෑගල යුගයෙදී පන්සිය පනස් ජාතක පොත් වහන්සෙ සම්පාදනය වනවා. කෝට්ටේ යුගයත් අභ්‍යන්තර ආරාවුල්, රටේ එක්සත් බව සාමය අදටත් අභියෝගයක්.
අනුරාධපුර රාජධානිය අවුරුදු දහසකටත් වඩා පැවතුනා. රටේ සමෘධිමත්ම යුගය. එදා තෙරවාදයේ මූලස්තානය වූ මහා විහාරයට රුවන්වැලි සෑය , ජයශ්‍රීමහාබෝධිය ආදීය, ලෝවාමහාපාය ආදිය අයත් විය.
මහාායානයේ මූලස්තානය ලෙස පැවැති අභයගිරිය ජ්‍යාත්‍යන්තර කීර්තියක් දැරූ අධ්‍යාපන ආයතනයක් විය. චීනයට පවා ධර්මදූතයින් ගියබව සදහන්ය. - දේවසාරා මෙහෙනින්වහන්සෙ.
මහායානයේ මූලික කෘතියක් වන ලංකාවතාර සූත්‍රයේ එදා ලංකාවේ අතීත තොරතුරු හා කාර්‍ය්‍යභාරය දැක්වේ.
මහායාන අභියෝගයට - විමුක්ති මාර්ගයට - තෙරවාදී පිලිතුර වූයේ - විසුද්ධිමාර්ගයයි.
ලංකාව යටත් විජිතයක් වූවාට චීන, කොරියන්, බුරුම ආදී රටවල් පූර්ණ ලෙස යටත් නොවුන බැවින් පෙර සිට රැගෙන ආ සම්ප්‍රදායයන් සුරැකිනි.

තෙරවාද සම්ප්‍රදාය ධර්මය රැකගැනීම තම ප්‍රමුඛ කාර්යය ලෙස සැලකූ අතර, මහායානය යාවත්කාලීන වෙමින්, නව අභියෝගයන් සොයා ගිය ප්‍රතිසංස්කාරණ වාදීන් වූහ. ජපන් zen එවන් වූ කාලීන නවතාවකි.
ටිබෙටය දැනුම රඳවාගත් භාන්ඩාගාරයකි. එහි සෑම සම්ප්‍රදායකටම අයත් කෘති වල පරිවර්තන සුරැකී තිබුනි. චීන හා ටිබෙට් පරිවර්තන හා සැසඳීමෙන් තෙරවාදී ත්‍රිපිටකයේ ඉපැරනි බවත් පූර්ණ බවත් තහවුරු විය.
මහායානිකයින් අන් සම්ප්‍රදායයන් ගැන අතීතයේ සිටම උනන්දුවිය. ෆාහියන් ආදී චීන භික්ෂූන් ලංකාවට පවා ධර්මය සොයා පැමිනඇත.
මහායානිකයින් නූතන විද්‍යාත්මක අදහස් හා මත ධර්මානුකූලව වටහා ගැනීමේ රුසියෝය. බටහිර ද්විකෝටික (බූලියන්)(0 1) තර්ක ක්‍රමය මත චින්තනය මෙහෙයවන විට, පෙරදිග චතුස්කොටිකයටත් නොවන (Fazey) තර්කනය ප්‍රිය කරයි. එබැවින් නූතන ක්වොන්ටම් සංකල්ප පවා ධර්මානුකූලව වටහාගැනීමේ නිපුනතාවක් ඔවුන් සතුය.
ඇත හා නැත යන අන්ත ඉක්මවූ, මධ්‍යයද ඉක්මවන්නාවූ, පටිච්චසමුත්පන්නවූ, සම්මුති හා පරමාර්තවූ, කාලිකය තුලින් අකාලික වන්නාවූ, මජ්ජිමාපටිපදාවක් තුලින් එකම මාර්ගයක් පනවන්නාවූ, වෙනස් නොවන ඒකාන්ත සත්‍ය ලෙස චතුරාර්‍යසත්‍ය දර්ශනය අවසන් කොට අැත්තාවූ, විමුක්තිය ජිවිත කාලය තුලම ප්‍රත්‍යක්ෂකට යුතුවූ, ජීවන ක්‍රමයක් ඔවුන් සතුය.
සංසාරය පවතිනුයේ අවිද්‍යාවක් මත නම්, විද්‍යාව උපදවාගැනීම සඳහා විප්ලවකාරී චින්තනයක් අත්‍යවශ්‍යය සාධකයකි. එබැවින් එම අභියෝගයට මුහුනදීමේ හැකියාව ඇති ජනතාවක් සිටින සංස්කෘතියකින්ම රහතුන්බිහිවනු ඇත.
අනුරාධපුර යුගයේදී රහතුන් ගෙන් පිරී පැවතුන බව ඉතිහාස ගතව ඇත. එබැවින් නුදුරු අනාගතයේදීද ඉතිහාසය නැවත සිදුනොවේ යැයි කිව හැකිද?

Monday, May 1, 2017

පුනරුප්පත්තිය



ඇයි මේ ආගම් හින්ද මිනිස්සු මරා ගන්නෙ....... ....
සියලු ආගම් පටබැදුනේ ඉපදුනාට පස්සෙ ! දෙමාපියෝ බෞද්ධ නම් දරුවත් බෞද්ධ !! . දෙමාපියෝ මුස්ලිම් නම් දරුවත් මුස්ලිම් !! . දෙමාපියෝ ක්‍රිස්තියානි නම් දරුවත් ක්‍රිස්තියානි !!
සමහර විට බේබි රූම් එකේදී දරුවා මාරුවෙලා ගිහිං මුස්ලිම් පවුලක හැදුනා නම් ඔහු ඉස්ලාම් !! එතකොට ඔහු නැවැත ඉපදීම පිලිගන්නෙ නෑ.... . ඕක තමයි මේ සමාජයේ තියන දේ. .. .
ලෝකයේ යථාර්තය තේරුම් ගන්න ..
මේ විශ්වයේ ඇති සියුම් සත්ය තේරුම් ගන්න උත්සාහ ගන්න.
මේ පන ඇති පන නැති සියලු දේ සෑදී ඇත්තේ ඉතාම කුඩා අංශු සමූහයකින් ! මරණයෙන් පස්සේ අංශු පොලොවට පස් වෙනවා මිසක කොහෙවත් යන ක්රමයක් විශ්වයේ නැහැ.
අපිට පොඩි කාලේ ඉදලා පංසල් පල්ලි කෝවිල් වලින්,දෙමාපියන්කියාදුන් දේවලුත් ,සහ පොත් කියවලා ලබාගත් දැනුමත් ඔලුවෙ තියාගෙන මේ ජීවත්වන ටික කාලේ තර්ක කර කර ඉදලා අන්තිමේ නිකම්ම මැරිලා යනවා මිසක ඊට පරිබාහිරව වෙනස් විදියකට හිතන්න අපිට මේ "සිත" ඉඩ දෙන්නේ නැහැ.

--------------------------------------------------------


Thissa Niluka
Thissa Niluka මේ පණ ඇති පණ නැති සියලු දේ හැදිල තියෙන්නෙ ශුද්ධ ආශ්ටක වලින් තමයි..ඒක ඇත්ත නමුත් අපේ ඇහැට පේන්නෙ මේවායෙන් 2%ක් විතර පොඩි කොටසක්..හුලග ඇගේ වදින නිසා ඒක දැනෙනවා..සංඛ්‍යාතයක් දුරකථනය එක්ක සම්බන්ධ වෙනවා පේනවද දැනෙනවද අපිට??😀😀😀
නොපෙනෙන නොදැනෙන දේවල් වැඩියි...පෘතුවියෙන් ගත්තු පෘතුවි ශුද්ධ ආශ්ටක ටික මේකෙ දාල යනව තමයි...නැවත උපත විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා ඕරා කිරණ හදුනා ගන්න උපකරණ හදල ඉවරයි...බුදු දහම සත්‍යක්...
ආගම් හින්ද ගහමරාගන්න වෙන්නෙ මොකද කාගෙද වැරැද්ද කියල හොයාගෙන ගිහින් බලන්න..බෞද්ධයන් කිසි දවසක ආගමට වරෙවු කියල ගහමරාගන්න ගිහින් තියෙනවද??
ඔලුගෙඩි වැඩිකරගෙන බෞද්ධයන්ට වැඩක් නෑ..හැබැයි නිඝණ්ඨයො වගෙ සේරම කර්මය කියල අවිහිංසාවේ අන්තගාමී වෙන්නෙත් නැ....

Sunday, April 30, 2017

ආපසූ......හැරෙන්!




කුමක්ද මේ කියන්නෙ?






විවිධ ආකාරයෙන් හමුවන අරමුනු වලට අයිතිවාසිකම් නොකියන්න. 

මන්ද "අයිතිය ඇති තාක් අයිතිකරුවකු නිර්මානය වේ."


Raju Ramanayake
Raju Ramanayake මේ වාක්‍ය කොහෙන්ද? මෙය මිල කල නොහැකියි. මේ තමයි පටිච්චසමුත්පාදයේ රහස. හැමෝම හිතන්නෙ අයිතිකරුවා අයත්කරගන්නා බවයි. නමුත් අයත්කරගන්නා නිසයි අයිතිකරුවා බිහිවන්නේ.

 



මෙය වටහාගැනීමට ක්‍රමයක් තබේ. මෙතනින් බලන්න