Showing posts with label විවිධ මත. Show all posts
Showing posts with label විවිධ මත. Show all posts

Wednesday, June 7, 2017

විවිධ මත

 No automatic alt text available.
Gayan Yapa Upali Herath, Lalith Munasinghe මෙතන අනිත් අය මනසින් මවන "කෙනාගේ" සම්මුති මරණයත්, බුද්ධ දේශනයේ සඳහන් මරණයත් (නැතිවීම - චින්තනයක) කලවම් කරගෙන කතා කරන්නේ. "මරණ" කියල බුදුන් කල කීවේ නැතිවීමට. ඒ කාලයේ සම්මුති මරණයට කීවේ "මච්චු" කියල. ඒකයි මේ පටලැවිල්ල. කොටින්ම සම්මුති මරණයක් ගැන බුද්ධ දේශනයේ කතාවක් නැහැ. ඒ ගැන කතා කරන්නේ ආගම් කාරයෝ - බමුණෝ. මෙතන කී දෙනෙක් සම්මුති මරණය ගැන කතා කලාද?. එතකොට ආයෙත් මැරිලා (සම්මුති මරණය) කෙනෙක් වශයෙන් ඉපදෙන කතාවකුත් නැහැ. එතකොට ශාස්වතත් නැහැ උච්චේදත් නැහැ. (ශාස්වතයෝ - BLOCK බණ්ඩෝ COPY කරන්න එපා). ඇත්තේ ඇතිවී නැතිවන චින්තනයක් පමණී. ඒකත් අනිත්‍යයි. ඊලඟ එකට සම්බන්ධ නැහැ. ඒ නිසා සම්මුති මරණ යෙන් පසු මනස චින්තනයකින් මැවූ මායාවත්(කෙනාත්) ඉවරයි. ------------- දැන් බමුණෝ අඳුනා ගන්න.

 Upali Herath මම යම් තැනක දැක්කා, Tissa Senanayake මහතා ප්‍රකාශ කර තිබුනා,
"සමහර අය මරණයෙන් පසු පැවැත්මක් නැහැ, පරලොවක් නැහැ කියලා කියන්නේ ඔවුන් යම් තැනක සිරවී ඇති නිසයි" කියලා.
මම එම ප්‍රකාශයට එකග නැහැ, මොකද එයින් පෘතග්ජනයාට මරණයෙන් පසු පැවැත්මක් ඇතැයි යන්න ගම්‍ය වෙන නිසා.
මා හැම විටම පෙන්වා දෙන්නේ, සත්‍යය දුටු හෝ නොදුටු සියලු දෙනාටම සම්මුති මරණයෙන් පසුවටත් ක්‍රියාත්මක වීම සදහා ආත්මයක් හෝ වෙනත් මොනයම් හෝ යාන්ත්‍රණයක් නොමැති බවයි. මෙය සත්‍යය දුටු අය ප්‍රත්‍යක්ෂ ලෙසම දැක ඇති අතර නොදුටු අයට මේ පිලිබඳව උභතෝකෝටිකයක් තිබෙනවා. මේකයි තිබෙන එකම වෙනස.
නමුත් මේ තත්ත්වය සත්‍යය දුටු කෙනෙකුට පැහැදිලි කරන්න වෙන්නේ සමාජයේ භාවිතා කරන කතෘකාරක භාසාවක් හරහායි. කතෘකාරක භාසාවක් මගින් මෙය පැහැදිලි කිරීමේදී ආත්ම සන්කල්පයේ හෝ මරණයෙන් පසු ක්‍රියාත්මක වන වෙන යාන්ත්‍රණයක් ඇතැයි යන දැඩි විශ්වාසයේ ඉන්නා කෙනෙකුට එය තේරුම් යන්නේ වෙනත් ආකාරයකින්. මෙන්න මේ කාරණය නිසයි, බොහෝ දෙනෙක් මා අනාත්මවාදයක් පතුරුවනවා කියමින් ප්‍රකාශ නිකුත් කරන්නේ. මෙතනදී තේරුම් ගත යුතු දේ තමයි, මෙහි ආත්ම හෝ අනාත්ම යන දෙකින්ම නිදහස් තත්ත්වය පැහැදිලි කරන බව.
මේ පිලිබඳව Tissa මහතාගේත්, සියලුම adminla ගේත්, ඒ වගේම මේ වෙනුවෙන් අදහස් දක්වන Gayan Yapa සහ Risen Joe මහත්වරුන්ගේ අදහස් බලාපොරොත්තු වෙමි.


Maheema Madusanka බුදුදහම කියන්නෙ මරණයෙන් මතු උපතක් ගැන පෙන්වන හෝ උපතක් නැතයයි පෙන්වන බමුණු දහමක් නොවෙයි,, පුබ්බේ නිවාසානුස්සතියත් චුතූපපාතයත් ආසවක්ඛය ඥාණයත් ලබා කුසලය මතුකිරීමත් පාපයෙන් ගැලවීමත් යන උතුම් ඌ ඥාණ දර්ශණයකට සත්වයා ගෙනයාම වේ,,කෙටියෙන් කිව්වොත් ආර්‍ය වංශයට පැමිණවීම,, Tissa Senanayake මහතාගේ අදහසත් මෙතනදි අපි බලමු.


 


 Tissa Senanayake මෙතන මරණය යනු කුමක්ද? කය විච්චේජනය වීමක් ගැන අපි කතා කතා කරනවා. එතන මරණයක් සිදුවන්නේ නැහැ. එතන වෙන්නේ භව වෙනස් වීමක්. සමහර විට එකම භවයම රැගෙන යනවා වෙන්න පුළුවන්.

මම මරණය ලෙස ගන්නේ පටිච්චසමුප්පාදය තුල පෙන්වන ජාති ජරා මරණ කියන තැන තියන මරණය.

බොහෝ දෙනෙකුට මේ මරණය සිදුවන්නේ නැහැ. මේ මරණයෙන් පසු තියෙන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. ඒ කියන්නේ මෙතන මරණයෙන් පසු පැවැත්මක් තියනවා.

 Tissa Senanayake සංසාරය පුරාවටම තමන්ගේ මරණය සිදුවන්නේ එක වරයි. එතනින් පසු තථාගත උපත සිදුවෙනවා. Wishwajith Bandara හැකිනම් මේ ගැන ටිකක් විස්තරාත්මකව පෙන්වා දෙන්න.

Tissa Senanayake මම මෙතන පළමු comment එකෙන් තමන්ගේ මරණයක් ගැන කියල නැහැ. මරණය සිදුවෙන තැන තමන් නැහැ. එකයි මම කිව්වේ දෙවන comment එකෙන් තමන්ගේ මරණය උනානම් එතන තියෙන්නේ තථාගත උපත කියල. එතන සතෙක් නැහැ.

 
 

තිළිණ ජයවර්ධන මරණයෙන් පසු නැවත උප්පත්තියක් නොමැති අවස්ථාවක් තිබෙනවා..එය පාදා ගැනීම සීරුවෙන් කරගත යුතුයි..එය පාදා ගත් අය පමණයි උතුම් අරිහත් බවට පත් වෙන්නේ..මරණින් මතු උපතක්,පුනර්භවයක් නැත්තේ ඒ උත්තමයන් වහන්සේලාට පමණයි..

දැන් ඔය අනෙක් එවුන් ඔක්කොටම නැවත නැවත ඉපදෙන සසර ගමනක් තිබෙනවා..
මැරිලා ඉපදෙනවද..?ඔව්..

මරණයෙන් පසු උපතක් නැද්ද? ඔව්
මෙන්න මේ පිළිතුර නිසයි බුද්ධ දර්ශනය පවතින්නේ.එය ජීවත්ව සිටියදිම දකින දෙයක්..ස්වක්ඛාතයි,ඒහිපස්සිකයි...
Upali Herath
Upali Herath ඔබ අදහස් කරන්නේ සම්මුති මරණයෙන් පසුව (වල කජ්ජා ගැහුවට පස්සේ) සත්‍යය නොදැපු (බොහෝ දෙනා කියන පරිදි නිවන් නොදැක්ක) කෙනෙකුට නැවත උපතක් තිබෙනවා කියලානම්, එය සම්බන්ධතාවය සිදුවන අයුරු හුදී ජනයාගේ පහන් සන්වේගය සදහා, කාරුණිකව වදාරණ මැනවි. 
 


Tissa Senanayake Gayan Yapa එක පැහැදිලි කරන එකක් නොවෙයි. එතන සබ්දකෝෂයේ වචන නැහැ. බොහෝ මිනිස්සුන්ට අභිඥඥා පහල වෙනකොට ආ ගිය තැන දකිනවා. යන තැන දකිනවා. එපමණයි. එතකොට දරුවෝ හදලා ඉවරයි, දරුවෝ හදන හැටි දැනගන්නේ නැතුවම.