Sunday, May 14, 2017

චිත්තය සිත මනස සිතිවිලි විඤ්ඤාණය

අලංකාර මල් සැරසිලි වලින් යුත් සාරියක්, බුමුතුරුනුවක් වැන්නක් ගැන සිතන්න.
මෙහි මල් ආදී රටාවන් සැබෑවටම ඇති ඒවා නොව ඒ දෙස බලන්නා අනුව තිබෙන්නාක් මෙන් පෙනෙන රටා පමනි.
සැබෑ ලෙසම ඇත්තේ නූල් වැනි කෙඳි පමණි.
කෙඳි වල මල් නොමැත. මල් වල කෙඳි නොමැත.
නිරීක්ෂකයෙකු නැති විට මල් නැත. ඇති විට ඇත.
මෙම න්‍යාය සෑම තැනම සෑම මට්ටමකටම පොදුය.
ඉලෙක්ට්‍රෝනයකට පවා.
සියල්ල පුද්ගලයාට නිරීක්ෂනයට සාපේක්ෂකව පවතී.
නිරීක්ෂකයා අහේතුක නොවේ.
නිරීක්ෂනය ඇති තැන නිරීක්ෂකයා බිහිවේ.
මෙය අනෝන්‍ය ක්‍රියාකාරිත්වයකි.

 







චිත්තය සිත මනස සිතිවිලි විඤ්ඤාණය
යන මවායේ මතකය ඇත්තේ කොහේද ? මොලේද ? මොලයට තදපහරක් වැදුණු විට හෝ හෙලවීමක් වූ විට මතකය ටික වේලාවකට හෝ අවුල්වන්නේ ඇයි ? නිර්වින්දනය කලවිට චිත්තය සිත මනස සිතිවිලි විඤ්ඤාණයට මොනවාද වෙන්නේ ? ධර්මානුකූල පිළිතුරු ලබා දෙන්න ( චිත්තය සිත මනස සිතිවිලි විඤ්ඤාණය යන වචන වල සමානකම් අසමානකම් පහදන්න) ස්තූතියි.

---------------


සෑම ක්‍රියාවක් ම තවත් ක්‍රියා සමඟ බැඳී පවතී.
එකිනෙක පරිවර්තනය වෙමින් පවතී.
අප සිත යැයි සලකන ක්‍රියාවද මෙසේ පරිවර්තනය වෙමින් පවතින්නකි.
කර්මසිත් හා විපාකසිත් වශයෙනි. තවද,
විඤ්ඤානය හා නාමරූප වශයෙනි.
අනොන්‍යව ප්‍රත්‍ය වෙමින් පවතී.

මෙම ක්‍රියාවලිය පදනම කොටගෙන ප්‍රපංච වීමක් හෙවත් වැඩීයාමක් සිදුවේ.
විඤ්ඤානයේ වැඩීයාම පටිච්චසමුත්පාද අංග අනුව විස්තර වේ.

විඤ්ඤානයේ(කර්ම) සිඳීයාම මාර්ගය වැඩීමෙන් සිදුවේ.
එමගින් සසරින මිදේ.

චින්තනය සඳහා මොලයත් හැඟීම් සඳහා හදවතත් ප්‍රත්‍යවේයැයි සිතමු.
කය ඇසුරින් සිතත්, සිත ඇසුරින් කයත් අනෝන්‍යව ප්‍රත්‍යවේ.
මනෝමය කය (මනෝකාය) යන සංකල්පය ඉහත ගැටලුව ලෙහාගැනීමට උපකාරීවේ. හදිසි අනතුරු ආදියට ලක්වී මෑතක නැවත ප්‍රතිසංධිවූවිට අතීත සිදුවීම් මතක් කලහැකි වන්නේ මනෝකාය ඇසුරින් සිත පැවතුන බැවිනි.
විඤ්ඤානය ඇසුරුකොට සිත පවතින බව දහමේ සඳහන්ය.
කය මලවිට සියල්ල අවසන් නොවන්නේ එබැවිනි.

නිර්වින්දනය කලවිට හෝ තදනින්දේදී මනස අක්‍රියවී තිබිය හැකි අතර,
මනෝකාය ඇසුරේ පවතිමින් සිරුරින් බැහැරවද පවතිය හැක.

No comments:

Post a Comment