Showing posts with label වහරක. Show all posts
Showing posts with label වහරක. Show all posts

Tuesday, April 25, 2017

ධර්ම විනය

මේ ගැන ඔබ සිතන්නේ කුමක්ද ?  නැවත කියවමු .......?

මේ වැකිය සහිත ඡායාරූපය බුකියේ දක්නට ලද්දකි. මෙහි ඇතුළත් කියමන ගැන යමක් කියන්නට සිතුණි. හුදෙක් ඒ කියමන ගැන පමණි. ඇතැම්විට මේ වදන මේ ස්වාමින් වහන්සේ පවසන ලද්දක් නොවිය හැක. නමුත් අපට අවශ්‍ය මේ වදනේ ඇති සාවද්‍ය බව පෙන්වා දීමයි.  මන්දයත්, ඔය අදහස දරන බොහෝ දෙනෙක් සිටිය හැකි නිසයි. කවරෙකුට හෝ මෙය ප්‍රයෝජනවත් විය හැකි නිසයි. නුවණින් විමසා බලනු පිණිසයි.

ඇයි පළිගන්න මහන්සි වෙන්නේ .... කර්මය කොහොමත් වැඩේ කරලා දෙයි...

ඇත්තෙන්ම මේ බුදු බණද ?

බුදුවරු මෙසේ ලෝකයට ධර්මය දේශනා කර ඇද්ද ?

මේ බුදු බණදැයි, සූත්‍රයට, ධර්මයට, විනයට බහා, ඕනෑම අයෙකුට පරික්ෂා කර බැලිය හැකි ය.

මේ කියමන තුළ දැඩි ආත්ම පුද්ගල සංඥාවක් පවතී. යමෙකු තමාට යම් පීඩාවක් / අලාභයක් සිදු කළ විට, පුහුදුන් සත්වයෙකුට නම්, සතුරාගෙන් පළිගැනීමේ චේතනාවක් පහළ වෙයි. බලවත් දෘෂ්ටි සහගත සසංකාරික අකුසල් සිත් වඩවාගෙන සිටිනා සත්වයෙකු නම්, නිසැකවම, තමාගේ ද්වේෂ විඤ්ඤාණය, ව්‍යපාදය හෙවත් සතුරා වැනසීම දක්වා කැඳවාගෙන යයි.

නමුත් අකුසල් සිත් බලවත් වුවද, තමාගේ ප්‍රත්‍ය ලාභය දුර්වල නම්, එනම් ආර්ථික වශයෙන්, බලය අතින් දුර්වල නම්, ඔහුට සතුරාගෙන් පළිගැනීමට අවස්ථාවක් නොලැබෙයි. නමුත් පළිගැනීමේ චේතනාව පවතියි. එවැනි සත්වයෙකුට ඔය බණ ඇසෙයි.

දැන් කුමක් වන්නේදැයි දැකිය යුතු ය.

යමෙකුගෙන් පළිගැනීමේ චේතනාව ඇති යම් සත්වයෙකුට ඔය බණ ඇසුණු විට, ඔහු ඒ බණ ගැන විශ්වාස කර, සතුරාගෙන් පළිගැනීමේ උත්සහය අත්හරියි. එමනිසා බැලු බැල්මට ඔහු තුළ යම් ක්‍රියාකාරීත්වයක් නතර වූ බවක් පෙනෙයි. සතුරාටද හානියක් නොවෙයි. නමුත් සත්වයා පළිගැනීමේ චේතනාව අත් නොහරී. කර්මය අනුව සතුරා වැනසී යනතුරු බලා සිටියි. කර්මය සැබෑවක් වනතුරු බලා සිටියි. කර්මය වැඩේ කරලා දෙනතුරු බලා සිටියි.

ඉන් සිදුවන්නේ කුමක්ද ? ඔහුද නොදැන දවස දවස පළිගැනීමේ චේතනාව (ද්වේෂ විඤ්ඤාණය) බලවත් වීමයි. (සංඛාර පච්චයා විඤ්ඤාණ).

චේතනා හං භික්ඛවේ කම්මං වදාමි, යනු උතුම් බුද්ධ භාෂිතයයි. කර්ම, චේතනා සහ සංචේතනා යන දෙයාකාරයටම රැස් වේ. මින් සසර ගමනක් නිර්මාණය වන්නේ, සංචේතනා මගින් සිදු කරන කර්ම පමණයි. ඉහත වැකිය තුළ, ඇත්තේ ද්වේෂසහගත මනෝ සංචේතනාවකි. එබැවින් එය අභිංසඛාරයකි. සසර දුක දෙසට ගෙන යන කර්ම චේතනාවකි.

ඇත්තෙන්ම එම බණ නිවැරැදිද ..... ?  ඒ බණ අනුව දැක සත්වයාගේ ද්වේෂය නිවා ගත හැකිද ? සත්වයාට සැනසීමක් හිමි වේද ?

එම අදහස සත්‍යයක්දැයි, නිර්මල ධර්මයදැයි, සූත්‍රයට අනුව, ධර්මයට අනුව, විනයට අනුව විමසා බැලිය යුතුය.

සූත්‍රය යනු කුමක්ද ? චතුරාර්ය සත්‍යයයි.

ධර්මය යනු කුමක්ද ? පටිච්ච සමුප්පාදයයි

විනය යනු කුමක්ද ? රාග විනය (රාගය දුරු කිරීම), ද්වේෂ විනය, මෝහ විනයයි

කර්මයේ එක් පැත්තක් නොව දෙපැත්තක් ඇත. යමෙකු අද මට පහර දුන්නේ නම්, පීඩාවක්, වේදනාවක්, අලාභයක් අත් කර දුන්නේ නම්, එය මම නමැති සත්වයා පෙර භවයක රැස් කර ගත් කර්මයක විපාක මිස අන් කිසිවක් නොවේ. එසේම යමෙකු මට අද පහර දීමෙන්, ඔහුද අද අලුතින් කර්මයක් රැස් කර ගනියි. සෑම විටම කර්මය තුළ මෙම ද්වතාව ඇත.

කර්මය විසින්ම විපාකය සකස් කර දෙයි. විපාකය මුල් කරගෙන සත්වයා (ලෝභයෙන් / ද්වේෂයෙන් / මෝහයෙන්, රාගයෙන් / ද්වේෂයෙන්, මෝහයෙන්)  කර්මයක් නැවත රැස් කරයි.

කම්මා විපාක වත්තන්නී
විපාකෝ කම්ම සම්භවෝ

යමෙකු මට පහර දෙන්නේ මාද එවැනිම කර්මයක් සිදු කර ඇති නිසා ය. ඔහුද ඉන් අලුතින් කර්මයක් රැස් කරගන්නා බව සැබෑ ය.

නමුත් අප එතැනදි බැලිය යුත්තේ ඔහුගේ කර්මය දෙස නොව, අපගේ කර්මය දෙසයි. බුදු දහමින් පෙන්වා ඇත්තේ තමාගේ මනස ගැන සතියෙන් පසුවන ලෙසයි.

අප විමසිය යුත්තේ, අපට මෙවැන්නක් සිදුවූයේ කුමක් නිසාද කියායි. එවිට කර්මය යනු, අපගේම සිතිවිලි, ක්‍රියා, වදන් බව පෙනේ. කර්ම විපාක යනු, අපගේම සිතිවිලි, ක්‍රියා, වදන්වල ප්‍රතිඵල බව පෙනේ. ඒ නිසා අපට අත්වන සියලු දුක් විපත් අපම ගොඩ නගා ඒවා ය. ඒ නිසා, කවරෙකු අලාභයක් / හිංසාවක් සිදු කළත්, ලෝකයාගෙන් පළි ගැනීමට සත්‍යය දකින්නෙකු වෑ්‍යම් නොකරයි. මන්දයත් එය තවත් දුකක ආරම්භයක් බැවිනි.

එබැවින්, යමෙකු අපට හිංසාවක් / පීඩාවක් / අලාභයක් සිදු කළ විට, අප සිතිය යුත්තේ මේ ඡායාරූපයේ ඇති අන්දමට නොවෙයි.

අපටද එසේ වීමට හේතුවක් ඇති බවයි. එම හේතුව නිසා මෙසේ වූ බවයි  . එම හේතුව අපි විසින් ඇති කළ හේතුවක් නිසා, එය අප විසින්ම නැති කළ යුතු බවයි. හේතු නිරෝධ කළ විට නැවත මෙම දුක නමැති ඵලය අත් නොව බවයි. එය සූත්‍රයට අනුව දැකීමයි. එවිට ද්වේෂය දුරු වේ, නිරෝධ වේ. එය අනිච්ච දැකීමයි. දුක්ඛ දැකීමයි. අනත්ත දැකීමයි.

යමෙකු අපට හිංසාවක් / පීඩාවක් / අලාභයක් සිදු කළ විට, අප සිතිය යුත්තේ මේ ඡායාරූපයේ ඇති අන්දමට නොවෙයි.

අපට එසේ වූයේ හේතු ඵල සම්බන්ධයට අනුව බවයි. පෙර භවයේ ගොඩ නගන ලද, අවිජ්ජා, තණ්හා, සංඛාර, උපාදාන, භව යන හේතු පහ නිසා ඊට අනුකූල විපාකස්කන්ධයක් වන, මේ භවයේ විඤ්ඤාණ, නාමරූප, සලායතන, ඵස්ස, වේදනා යන ඵල පහ ගොඩ නැගුණු බවයි. එනම් ජාතියක් නැවත ගොඩ නැගුණු බවයි. ඊට අයත් විපාක හිමි වූ බවයි.
ඒ සියල්ලට අවිජ්ජා තණ්හා මුල් වූ බවයි. එය ධර්මයට අනුව දැකීමයි. එවිට ද්වේෂය දුරු වේ, නිරෝධ වේ. එය අනිච්ච දැකීමයි. දුක්ඛ දැකීමයි. අනත්ත දැකීමයි.

යමෙකු අපට හිංසාවක් / පීඩාවක් / අලාභයක් සිදු කළ විට, අප සිතිය යුත්තේ මේ ඡායාරූපයේ ඇති අන්දමට නොවෙයි.

අපට අද යමෙකු ද්වේෂ කරන්නේ, අපද පෙර භවරයේ මේ අන්දමින්ම කවරෙකුට හෝ ද්වේෂ කර ඇති නිසා බවයි. සතුරාට ද්වේෂ කිරීමෙන් නැවත ද්වේෂය වර්ධනය වන බවයි. වෛරයෙන් වෛරය නොසන්සිඳ‍ෙන බවයි. එසේම බලවත් ද්වේෂය, ව්‍යාපාදය නම් පිළිගැනීම, විනාශය දක්වා සත්වයා කැඳවා යන බවයි.

ඉන් බරපතළ අකුසල්ද සිදුවිය හැකි බවයි. ඉන් තමා සසර දුකට ඇද වැටෙන බවයි. නිරය ඇතුළු බිහිසුණු සතර අපායට ඇද වැටිය හැකි බවයි. එය ප්‍රඥාවෙන් දකින විට, සත්වයාගේ අවිජ්ජාව ප්‍රහීණ වී ද්වේෂය ප්‍රහීන වේ.පළිගැනීමේ චේතනාවට ආහාර නොමැති කමින් ව්‍යාපාදය දුරු වී යයි. දෙවනුව පටිඝ සංඥාවද දුරු වී යයි. ආහාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධ වෙයි. එය විනයට අනුව දැකීමයි. එය අනිච්ච දැකීමයි. දුක්ඛ දැකීමයි. අනත්ත දැකීමයි.

අප මේ පෙන්වා දී ඇත්තේ, ලොව්තුරු තථාගතයන් වහන්සේම පෙන්වා දුන්, සූත්‍රයට, ධර්මයට, විනයට අනුකූල විග්‍රහයකි.

අඩුම තරමින්, ලෞකික සම්මා දිට්ඨිය තුළ සිටින අයෙකු වුවද, සතුරාගේ විනාශය නොපතයි. තමාගේ දෝෂය දැක එය නිවැරැදි කර ගනියි.

අසමසම අනාවරණ ඤාණයෙන් සසරේ යථාර්ථය දැක, තුන් ලෝක සත්වයාගේ සදාතනික ශාන්තිය උදෙසා, ලෝකයට දේශනා කළා වූ උතුම් නිර්වාණ ධර්මය පහදන පටිච්ච සමුප්පාද ධර්මය යමෙකු අර්ථ විග්‍රහයන් වරදවා දේශනා කරන්නේ නම්, බුද්ධ භාෂිතය, අභාෂිතය කිරීමේ ආනන්තරිය මහා බලවත් අකුසලය සිදු කර ගනියි.

පරම සත්‍යය දැකීමට, නිවන් දැකීමට හේතුවන, සූත්‍රය, ධර්මය, විනය ගැන වූ නිර්මල සද්ධර්මය අපට නිවැරැදිව තෝරා දුන් අති පූජනීය වහරක අභයරතනාලංකාර අනුබුදුවරයාණන් වහන්සේට, මේ දහම් අදහස් පූජෝපහාරයක්ම වේවා !!!  පුෂ්පෝපහායරක්ම වේවා !!!

සාදු සාදු සාදු !!!

නිවීම සැනසීම සොයන්නන්ට, නිර්මල බුදු බණ සොයන්නන්ට, වහරක අභයරතනාලංකාර මහා යතිවරයාණන් වහන්සේ විසින් දේශිත, ධර්ම දේශනා ඇතුළත් මෙම මහාර්ඝ දහම් අඩවිය මහඟු අත්වැලක්ම වේවා !

මටද, සියලු ලෝක සියලු සත්වයන්ට,
උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධයම වේවා !!!
මමද සියලු ලෝක සියලු සත්වයෝ
පරම නිබ්බාන සුවයෙන් සුඛිත තර වෙත්වා !!!

තෙරුවන් සරණයි !!!

http://www.waharaka.com/deshana/tags.php

Sunday, April 23, 2017

විවිධ දෘෂටි


 වීඩියෝව බැලීමට.
https://www.facebook.com/groups/774617322648269/permalink/1157144591062205/#
Hettige Perera ප්‍රසාද් මහත්මයගෙ ප්‍රවිස්ටය ඉතා වැදගත් දෙවැනි විවිඩියෝව තුල තවත් වැදගත් කරැනු බොහොමයක් තිබිබබා ඔබ තුමා ඉදිරිපත්කිරිම ධර්මය තුල මෙහෙම සදහන් වෙනවා ( ඉඩ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤගතො වා රැක්ඛමුලගතො එා සුඤ්ඤාගාරනතෝවා නිසිදති පල්ලඩිකං ආභුජිත්වා උජුං කායනං පනිඩාය පරිමුකන් සතිං උපටිඨ පෙත්වා සො සතොව අස්සසති සතොව පස්ස සති පෙ පටිනිස්සග් ගානු පස්සි.......... මෙකියන්නෙ (බික්ඛු) කෙනතුගේ සිත පවත්වා ගැනිම ගැනයි රඤ්ඤ කියන්නෙ රන බිම අරඤ්ඤ යනු සිත රණ බිමනේ මුදවාගෙන රැක්කයක මුලක්මෙන් සක්තිමත්ව (සඤ්ඤා ගාර ගත) සිතක උපදින ඓිගය පාලනය කර ගැනිම (පල්ලඩිකං ) සිත පහලම අන්කයෙ පවත්වා ගැනිම (කායෙ කාය අනු පස්ස විහරති ) කායෙ යනු ක්‍රියාව කාය යනු වෙිගය අනු යනු අලුතෙන් සිතක උපදින අස්පස් කරමින් විහරති යනු වාසයකිරිම එහෙනමි කායේ කාය අහුපස්සි විහරති ආකාරයටම උජුං කායං වෙිගයක් සිතක ඇතිවෙන්නෙ පරිමුකන් මුක හයක් නිසා (ඇස කණ නාසය දිව ස්පර්ස මන ) යන්නයි එය ින් අපදින ක්‍රියව නිසා ඇතිවන වෙිගය කියාත්මක විම හොදින්දැන (සති ) හේතුපල ධහමට ගලපා විනයට සසදාබැලිම කර අස්ස සති පස්ස සති යනු සිතතුල උපදින ක්‍රියාව වෙිගයක් ඇතිවන එකක්නමි වෙිගය උපදින්න පෙර අස්කිරිම සහ සිත සංවරවන අරමුනු බාවිතා කිරිම ---- මෙය තමයි විපස්සනාව (වෙන්කර කර අස්ස සහ පස්ස කරමින් වාසය කිරිම ප්‍රසාද් මහත්මයා සරලව කියන්නෙ මෙයමයි බාවනාව කියන්නෙ රාග ද්වෙිෂ මෝහ කියන බව තුන සිතක නුපදින ආකාරයට පවත්වා ගෙන ඒවෙනුවට චිත රාගි චිත ද්වෙිෂි චිත මෝහි සිතක් පවත්වා ගැනිම හුරැ පුරැදු කර ගෙන පටිපදාවක් හැටියට ක්‍රියා කිරිමයි මොහොතක් පාසා නෙින්දෙදි හැර මොන ඉරියවුවෙි සිටියත් සිත මෙි තත්වයේ පැවැත්විය යුතුයි මෙය එකතැනක වාඩිවි ඇස් වහගෙන කරන ක්‍රි යාවක් නොවෙි යහපතක්ස වෙිවා ///