Showing posts with label කිතු දහම. Show all posts
Showing posts with label කිතු දහම. Show all posts

Monday, June 26, 2017

බයිබලය

බයිබලයේ කොටස් දෙකකි,පලමු කොටස පරණ ගිවිසුම ලෙසද,දෙවන කොටස දෙවන ගිවිසුම ලෙසද හැදින්වෙි,ජේසුස් ක්‍රිස්තුස්ගේ උපතින් පසු ලියවුන කොටස නව ගිවිසුම යනුවෙන් හැදින්වෙි..පරණ ගිවිසුමෙහි කොටස් 39කි, එහි ප්‍රධාන කොටසක් වන ව්‍යවස්ථාව පහත කොටස්වලින් විකාශය වෙි.
1.උප්පත්ති කතාව
2.නික්මයාම
3.ලෙවි කතාව
4.ගණන් කතාව
5.ද්විත්ව කතාව

යන කොටස් 5 සමන්විතයි,මැවිල්ලේ සිට පූජක ග්‍රෝත්‍රය දක්වා කොටස් පරණ ගිවිසුමෙි ඇතුලත්වෙි.

⁣නව ගිවිසුම පොත් 27කි,මගින් පරණ ගිවිසුමෙි කරැණු විශ්ලේෂණය කෙරේ,ජේසු තුමන්ගේ ජීවිතකතාව හා ඔහුගේ ඉගැන්වීමි නව ගිවිසුමෙන් ප්‍රකාශ කෙරේ,මෙි දෙකම එකම කතාවක කොටස් දෙකකි.අවුරැදු 500ක කාල පරාසයක් ගිවිසුමි දෙක අතර ඇත.

කෙසේ වෙතත්,බයිබලය මගින් ප්‍රකාශ කරන්නේ ගැලවීමක් ගැනය,එනමි පරිපූර්ණ ලෙස මැවූ මනුෂ්‍යා යක්ෂ්‍යාගේ බොරැවට හසුවී පාපයන් සිදුකර තමන්ට ලැබුනු දිව්‍යයම වරප්‍රසාද අහිමිකර ගැනීමයි.එදිනෙන් ඇරඹෙන ලෝකය දෙවිගේ පාලනයෙන් ගිලිහී යමින් යක්ෂයාගේ බලපෑමට හසුව ඉතා නරක තැනකට පත්ව ඇති බව බයිබලයේ අදහසයි,මෙකී මනුෂ්‍යාගේ පාපයෙන් ගලවා මනුෂ්‍යාට සදාකාලික ජීවනය ලබා දෙන්නට ජේසුස් ක්‍රිස්තුත් මෙලොවට ආ බවත් දෙවියන්ගේ සුභාරංචිය දේශනා කල බවත්ය,එම සුභාරංචිය යනු ලෝකාවසානයේ අවසන් විනිශ්චයෙන් පසු සියලුදෙනා මරණින් නැගිටවන අතර ස්වර්ගයට හා පාරාදීස පොලොවක නැවත ඔවුන් පිහිටුවන බවයි,

ක්‍රිස්තු දහම නැවත නැවත ඉපදීම ප්‍රතික්ෂේප කරයි,බයිබලය පවසන්නේ මෙි ඔබ ලද එකම හා අවසාන ජීවිතය බවයි,එමෙන්ම එය දෙවියන් සමග ගෙවන ලෙස ඉල්ලයි,යක්ෂයාගෙන් ගැලවෙන ලෙස ඉල්ලයි.

මෙම බයිබලයේ ඉගැන්වීමි බොහෝ දෙනා හාස්‍යයට ලක් කරති,විශේෂයෙන්ම මෙහි සර්ව බලධාරී දෙවි කෙනෙකු ගැන කියවෙන නිසාය,එමෙන්ම ඔහු විශ්වය ඇතුළු සියල්ල නිර්මානය කලා යැයි පැවසීමද බොහෝ දෙනෙකුගේ විවෙිචනයට ලක්විය,කෙසේද එය වන්නේ"ඔහු මිනිසා ඇතුළු සියලු දේ මැවිවා නමි ඔහුව මැවිවෙි කවුද? මෙය ඉතා වැදගත් ප්‍රශ්නයකි,ඉන්න මං ටික වෙලාවකින් එන්නමි..


ක්‍රිස්තු දහමේ නැවත ඉපදීම නැතැයි කියන එක පසු කාලෙක බලෙන් කරන ලද්දක්.  අර ඔළුව පහලට තියල ගිනි තබා මරණ ලද ශාන්තු වරයා ගැන දන්නවාද?

නැවැත්වූ තැන සිට...

ඉතිං දෙවිගේ ආරමිභය කෙසේද? දෙවියන් යනු කවුද ? ඔහු හෝ එහි ස්වරෑපය කෙබදුද..? යන්න සොයා බැලිය යුතුය,බයිබලය හරහා දෙවියන් දකී නමි එහි ඔබට භෞතිකව රෑපකයක් ඇති දෙවියෙක් නිතැතින් දැක ගත හැක,එනමි දෙවියන්ගේ සෘජු විධානයන් වචන ස්වරෑපයෙන් දක්වා ඇති බැවිනි,මෙම රෑපකයක් ගොඩ නගා තියෙන්නේ ඇයි? එයයි මෝසෙස් වැන්නවුන්ට කල හැකි දේ,ඔවුන්ට අවබෝධය කෙසේ හෝ විකාශනය කල යුතු වුනා,අධි මනසකින් යුක්තව අවබෝධ කල දේ ප්‍රකාශ කල යුතුයි,ඔවුන්ගේ කුතුහලය හා අවබෝධ කලදේ වචන වලට හැරවූ දෙයයි මෙි බයිබලය,අනන්ත වූ අහසේ තාරකා..නිමක් නොපෙනෙන විශ්වය..අභ්භූත මනුෂ්‍යා..ජලය..සාගර..ස්වභා දහම..ජීවිතය..මරණය..ඔවුන් ගොඩ නැගුවා කතාව..හැබැයි එය බොරැවක් නොවෙි..දෙවියන්ගේ කතාව..බයිබලය...

මතු සමිබන්ධයි...

මෝසෙස් හට දෙවියන් පැමිණුනා,විශ්වීය භාෂාව කතා කරන්නට වුනා,ඔහු ආරමිභ කළා බයිබලය,ඔහු ඉතා බුද්ධිමත්,ඔහු දෙවියන්ගේ මැවීම ගැන කියනවා,කාලය විද්‍යානුකූලව පරස්පරයි,නමුත් කතාව විද්‍යවට වඩා පරණයි,මා එන්නමි කතාවට..අප සිතමු මෙසේ..නවීන විද්‍යාව කෙතෙක් දුරට පහත සදහන් දේ ප්‍රත්‍යයක්ෂ කර තිබෙිද?

1.විශ්වයේ අාරමිභය,එහි බිහිවීම හා හේතුව හා අවසානය
2.පෘතුවිය හා එහි ජීවය
3.මිනිසා
4.ප්‍රකට ගැටලු සතර..කොහේ සිටද...කොහාටද..කුමකටද..ඒ ඇයි..යන්නට එනමි මෙි ජීවිතයේ පැවැත්ම ගැන
යන කරැණු විද්‍යාව මගින් විසදා තිබෙිද...?


සැබවින්ම සියලු ආගමි හා දර්ශන බිහිවීමෙි සාධකය වනුයේ මරණයයි,මරණය සියලු ආගමි නිර්මාණය කර ඇත,කුතුහලය ආගමි නිර්මාණය කර ඇත,

කවුද මෙි දෙවියන්..? දෙවියන් යනු සමස්තයයි,සියලු දෙයෙහි ආරමිභයයි,එමෙන්ම අවසානයයි,මෙය රෑපක ඇසුරෙන් ගත්විට ඉතා විවාදයට තුඩු දේ,නමුත් මෙසේ ගන්න,සිතෙන් අයින්කර බලන්න සියලු නිර්වචන,රෑපක..පුද්ගලිකතා..මෙි සියල්ලටම හේතුවක් ඇතිද ඒ දෙවියන්ය..ඔබ උඩ පැන්නොත් බිම වැටෙි,ඒ ඇයි..? ,ගුරැත්වාකර්ෂනය නිසා,අපට එය පෙනෙනවාද ? නැහැ,නමුත් එය ඇති බව දන්නවා,සූර්‍යයා හයිඩ්‍රජන් දහනය කර හීලියමි කරන න්‍යෂ්ටික ක්‍රියාවලිය අප දැක තිබෙිද ? නමුත් එය වෙනවා,දෙවියන් යනු එවැනිම ක්‍රියාවලියකි,ශක්තියකි,ඉතා සංකීර්ණ,මිනිසාගේ දැනුමට බුද්ධියට හසු නොවන විශ්වීය සැකැස්ම දෙවියන්ය..

මතු සමිබන්ධයි...,

දෙවියන් යනු විශ්වීය බුද්ධියයි,එයයි සියල්ල නිර්මානය කරේ,අප දැන් එයට පුරැෂලිංග අනන්‍යතාවක් දෙමු,ඔහු...උන් වහන්සේ..පියාණන්..දැන් අපට කතාව ලේසියි,අපට දැන් එයට "එය" කියනවාට වඩා "ඔහු" කියන්න ලේසියි..(සංවාදයට විවෘතයි..Roshan Dissanayake)

මා ආරමිභයක් ගන්නවා මෙසේ,⁣විද්‍යානුකූලව මිනිසාගේ වයස කීයද ? ඒ හා සාපේක්ෂව අප සෞරග්‍රහ මණ්ඩලයේ වයස කීයද? අපේ මන්දාකිනිය වන කිරිමුහුදේ වයස කීයද? විශ්වයේ වයස කීයද? ඉතා කුඩා ඉතිහාසයක් ඇති මිනිසා අනන්තවූ විශ්වීය රහස් අනාවරනය කර ගැනීමට දරන උත්සහය..එය කෙසේ කරන්නද ආරමිභය ගැන දන්නේ දෙවියන් පමණි,සිතන්න..මෙි සියල්ලට කලින් කුමක් මෙහි තිබෙන්නට ඇත්ද ? සියල්ල ඇතිවී තිබෙිනමි මෙහි සියල්ල හිස්ව තිබෙන්නට ඇතැයි උපකල්පනය කල හැක,සියල්ල හිස් නමි සියල්ල ඇතිවූ අයුරැ හා සියල්ල සිදුවී තිබීමට හේතුවක් තිබිය යුතුයි,ගෙයක් තනන්නට අමුද්‍රව්‍යය හා නිර්මාණකරැවෙක් සිටිය යුතුය,ගෙය නිමවූ පසු ගේ ඇති බව පෙනේ,

1.පලමු තර්කය..අපගේ කර්කය ගෙය නමි එය විෂ්‍යය නමි ගෙය නිර්මානය සදහා අමුද්‍රව්‍ය හා නිර්මාන කරැවා සිටි බවට එකගයි

2.දෙවන තර්කය..ගෙය නිර්මානයක් බව පිලිගැනීමෙන් පසු නිර්මාන කරැ ගැන තර්කය හා අමුද්‍රව්‍යය ගැන තර්කය මතු කිරීම පලමු තර්කයෙන් පලිගත් කරැනට පටහැනියි.



Thursday, May 11, 2017

කිතු දහම



කිතු දහම

බුදුන් වහන්සේට අවුරුදු 500 කට පමණ පසු ක්‍රිස්තියානි අාගම අාරම්භය වී අැත. උන්වහන්සේ ගේ උපතේදී පෙරදිග පූජකවරු (ලාමාවරු) සොයාගෙන විත් පූජා පවත්වා අැත. (අදත් දලයි ලාමා නම් බෝධිසත්වයන් තෝරන්නේ ඒසේය).
යේසුතුමා තරුණ කාලයේ පෙරදිගින් සේදමාර්ගය ඔස්සේ ගොස් අධ්‍යාපනය ලබා නැවත අාපසු යෙරුසෙලමට පැමිණ විමුක්තියේ පණිවුඩය දේශනා කර ගැලවීම සිදුකර අැත.
අවුරුදු තුනක් පමණ දහම් දෙසූ උන්වහන්සේ සතුරන් විසින් කුරුසයේ අැන ගසා අැත. උන්වහන්සේගේ මරණය අභිරහසකි.
බයිබලයේ නව තෙස්තමේන්තුව පුරා උන්වහන්සේගේ ඉගැන්වීම් හඳුනාගත හැක.