Friday, June 30, 2017

සමූහය

ලෝකය හා සත්වයා යනු සංකල්පයකි.
සමූහය යනු ද සංකල්පයකි.
ඒ බැවින් ලෝකයේ අැති ඕනෑම සංකල්පයක් සමූහය යන වදනින් නිරෑපනය වේ.

ඒ බැවින් ඒකත්වය යන්න අර්ථවිරහිත ප්‍රකාශයකි.
ඒකත්වයෙන් මිදීමම අතම්මයාවයි.

උත්පාද තිථි භංග?
බුදුසහම තිථි අවස්තාව පිලි නොගනී. (ස්තීර වූ කිසිවක්).
ඒවිට උත්පාද හා භංග යනු උදය වය යන අවස්තාවයි.
තිථි යනු සංකල්පීය ලෝකයයි.

ඒකත්වය යන සංකල්පය තිථි අවස්තාව සලකා ගොඩනැගී අැත. ඒනම් ස්කන්ධයකි.
සංකල්ප රාගය අැති තාක් නැවත නැවත සංකල්පයන් ගොඩනැංවේ.
ඒය ලෝකයේ හටගැනීමයි.

ඒකත්වයෙන් මිදීම සඳහා පාරුව වන්නේ සමූහයයි.
සමූහය මායාවක්, දුකක් ශුන්‍යයක් වශයෙන් විදසුනට නැංවීමෙන්
දුකත් දුකින් මිදීමේ මගත් පහල වේ.

හෙවත් සැබෑ අනන්තය, ශුන්‍යය ස්පර්ෂ කෙරේ.
ඒය ඒකත්වය නොවේ. දුකින් මිදීමයි.
අනිදස්සන අප්පටටිත්තිත විඤ්ඤානයයි.
ඒකත්වයේ නොපිහිටි, සමූහයේද නොපිහිටි විඤ්ඤානයයි.

අරමුනු කිරීම් වශයෙන් නිවනට පැනවැදීම නම් ඒයයි.
ප්‍රඥා විමුක්තියයි.

ඒම අරමුන මත ධ්‍යාන කිරීමෙන් උපදිනුයේ චේතෝ විමුක්තියයි.

Monday, June 26, 2017

බයිබලය

බයිබලයේ කොටස් දෙකකි,පලමු කොටස පරණ ගිවිසුම ලෙසද,දෙවන කොටස දෙවන ගිවිසුම ලෙසද හැදින්වෙි,ජේසුස් ක්‍රිස්තුස්ගේ උපතින් පසු ලියවුන කොටස නව ගිවිසුම යනුවෙන් හැදින්වෙි..පරණ ගිවිසුමෙහි කොටස් 39කි, එහි ප්‍රධාන කොටසක් වන ව්‍යවස්ථාව පහත කොටස්වලින් විකාශය වෙි.
1.උප්පත්ති කතාව
2.නික්මයාම
3.ලෙවි කතාව
4.ගණන් කතාව
5.ද්විත්ව කතාව

යන කොටස් 5 සමන්විතයි,මැවිල්ලේ සිට පූජක ග්‍රෝත්‍රය දක්වා කොටස් පරණ ගිවිසුමෙි ඇතුලත්වෙි.

⁣නව ගිවිසුම පොත් 27කි,මගින් පරණ ගිවිසුමෙි කරැණු විශ්ලේෂණය කෙරේ,ජේසු තුමන්ගේ ජීවිතකතාව හා ඔහුගේ ඉගැන්වීමි නව ගිවිසුමෙන් ප්‍රකාශ කෙරේ,මෙි දෙකම එකම කතාවක කොටස් දෙකකි.අවුරැදු 500ක කාල පරාසයක් ගිවිසුමි දෙක අතර ඇත.

කෙසේ වෙතත්,බයිබලය මගින් ප්‍රකාශ කරන්නේ ගැලවීමක් ගැනය,එනමි පරිපූර්ණ ලෙස මැවූ මනුෂ්‍යා යක්ෂ්‍යාගේ බොරැවට හසුවී පාපයන් සිදුකර තමන්ට ලැබුනු දිව්‍යයම වරප්‍රසාද අහිමිකර ගැනීමයි.එදිනෙන් ඇරඹෙන ලෝකය දෙවිගේ පාලනයෙන් ගිලිහී යමින් යක්ෂයාගේ බලපෑමට හසුව ඉතා නරක තැනකට පත්ව ඇති බව බයිබලයේ අදහසයි,මෙකී මනුෂ්‍යාගේ පාපයෙන් ගලවා මනුෂ්‍යාට සදාකාලික ජීවනය ලබා දෙන්නට ජේසුස් ක්‍රිස්තුත් මෙලොවට ආ බවත් දෙවියන්ගේ සුභාරංචිය දේශනා කල බවත්ය,එම සුභාරංචිය යනු ලෝකාවසානයේ අවසන් විනිශ්චයෙන් පසු සියලුදෙනා මරණින් නැගිටවන අතර ස්වර්ගයට හා පාරාදීස පොලොවක නැවත ඔවුන් පිහිටුවන බවයි,

ක්‍රිස්තු දහම නැවත නැවත ඉපදීම ප්‍රතික්ෂේප කරයි,බයිබලය පවසන්නේ මෙි ඔබ ලද එකම හා අවසාන ජීවිතය බවයි,එමෙන්ම එය දෙවියන් සමග ගෙවන ලෙස ඉල්ලයි,යක්ෂයාගෙන් ගැලවෙන ලෙස ඉල්ලයි.

මෙම බයිබලයේ ඉගැන්වීමි බොහෝ දෙනා හාස්‍යයට ලක් කරති,විශේෂයෙන්ම මෙහි සර්ව බලධාරී දෙවි කෙනෙකු ගැන කියවෙන නිසාය,එමෙන්ම ඔහු විශ්වය ඇතුළු සියල්ල නිර්මානය කලා යැයි පැවසීමද බොහෝ දෙනෙකුගේ විවෙිචනයට ලක්විය,කෙසේද එය වන්නේ"ඔහු මිනිසා ඇතුළු සියලු දේ මැවිවා නමි ඔහුව මැවිවෙි කවුද? මෙය ඉතා වැදගත් ප්‍රශ්නයකි,ඉන්න මං ටික වෙලාවකින් එන්නමි..


ක්‍රිස්තු දහමේ නැවත ඉපදීම නැතැයි කියන එක පසු කාලෙක බලෙන් කරන ලද්දක්.  අර ඔළුව පහලට තියල ගිනි තබා මරණ ලද ශාන්තු වරයා ගැන දන්නවාද?

නැවැත්වූ තැන සිට...

ඉතිං දෙවිගේ ආරමිභය කෙසේද? දෙවියන් යනු කවුද ? ඔහු හෝ එහි ස්වරෑපය කෙබදුද..? යන්න සොයා බැලිය යුතුය,බයිබලය හරහා දෙවියන් දකී නමි එහි ඔබට භෞතිකව රෑපකයක් ඇති දෙවියෙක් නිතැතින් දැක ගත හැක,එනමි දෙවියන්ගේ සෘජු විධානයන් වචන ස්වරෑපයෙන් දක්වා ඇති බැවිනි,මෙම රෑපකයක් ගොඩ නගා තියෙන්නේ ඇයි? එයයි මෝසෙස් වැන්නවුන්ට කල හැකි දේ,ඔවුන්ට අවබෝධය කෙසේ හෝ විකාශනය කල යුතු වුනා,අධි මනසකින් යුක්තව අවබෝධ කල දේ ප්‍රකාශ කල යුතුයි,ඔවුන්ගේ කුතුහලය හා අවබෝධ කලදේ වචන වලට හැරවූ දෙයයි මෙි බයිබලය,අනන්ත වූ අහසේ තාරකා..නිමක් නොපෙනෙන විශ්වය..අභ්භූත මනුෂ්‍යා..ජලය..සාගර..ස්වභා දහම..ජීවිතය..මරණය..ඔවුන් ගොඩ නැගුවා කතාව..හැබැයි එය බොරැවක් නොවෙි..දෙවියන්ගේ කතාව..බයිබලය...

මතු සමිබන්ධයි...

මෝසෙස් හට දෙවියන් පැමිණුනා,විශ්වීය භාෂාව කතා කරන්නට වුනා,ඔහු ආරමිභ කළා බයිබලය,ඔහු ඉතා බුද්ධිමත්,ඔහු දෙවියන්ගේ මැවීම ගැන කියනවා,කාලය විද්‍යානුකූලව පරස්පරයි,නමුත් කතාව විද්‍යවට වඩා පරණයි,මා එන්නමි කතාවට..අප සිතමු මෙසේ..නවීන විද්‍යාව කෙතෙක් දුරට පහත සදහන් දේ ප්‍රත්‍යයක්ෂ කර තිබෙිද?

1.විශ්වයේ අාරමිභය,එහි බිහිවීම හා හේතුව හා අවසානය
2.පෘතුවිය හා එහි ජීවය
3.මිනිසා
4.ප්‍රකට ගැටලු සතර..කොහේ සිටද...කොහාටද..කුමකටද..ඒ ඇයි..යන්නට එනමි මෙි ජීවිතයේ පැවැත්ම ගැන
යන කරැණු විද්‍යාව මගින් විසදා තිබෙිද...?


සැබවින්ම සියලු ආගමි හා දර්ශන බිහිවීමෙි සාධකය වනුයේ මරණයයි,මරණය සියලු ආගමි නිර්මාණය කර ඇත,කුතුහලය ආගමි නිර්මාණය කර ඇත,

කවුද මෙි දෙවියන්..? දෙවියන් යනු සමස්තයයි,සියලු දෙයෙහි ආරමිභයයි,එමෙන්ම අවසානයයි,මෙය රෑපක ඇසුරෙන් ගත්විට ඉතා විවාදයට තුඩු දේ,නමුත් මෙසේ ගන්න,සිතෙන් අයින්කර බලන්න සියලු නිර්වචන,රෑපක..පුද්ගලිකතා..මෙි සියල්ලටම හේතුවක් ඇතිද ඒ දෙවියන්ය..ඔබ උඩ පැන්නොත් බිම වැටෙි,ඒ ඇයි..? ,ගුරැත්වාකර්ෂනය නිසා,අපට එය පෙනෙනවාද ? නැහැ,නමුත් එය ඇති බව දන්නවා,සූර්‍යයා හයිඩ්‍රජන් දහනය කර හීලියමි කරන න්‍යෂ්ටික ක්‍රියාවලිය අප දැක තිබෙිද ? නමුත් එය වෙනවා,දෙවියන් යනු එවැනිම ක්‍රියාවලියකි,ශක්තියකි,ඉතා සංකීර්ණ,මිනිසාගේ දැනුමට බුද්ධියට හසු නොවන විශ්වීය සැකැස්ම දෙවියන්ය..

මතු සමිබන්ධයි...,

දෙවියන් යනු විශ්වීය බුද්ධියයි,එයයි සියල්ල නිර්මානය කරේ,අප දැන් එයට පුරැෂලිංග අනන්‍යතාවක් දෙමු,ඔහු...උන් වහන්සේ..පියාණන්..දැන් අපට කතාව ලේසියි,අපට දැන් එයට "එය" කියනවාට වඩා "ඔහු" කියන්න ලේසියි..(සංවාදයට විවෘතයි..Roshan Dissanayake)

මා ආරමිභයක් ගන්නවා මෙසේ,⁣විද්‍යානුකූලව මිනිසාගේ වයස කීයද ? ඒ හා සාපේක්ෂව අප සෞරග්‍රහ මණ්ඩලයේ වයස කීයද? අපේ මන්දාකිනිය වන කිරිමුහුදේ වයස කීයද? විශ්වයේ වයස කීයද? ඉතා කුඩා ඉතිහාසයක් ඇති මිනිසා අනන්තවූ විශ්වීය රහස් අනාවරනය කර ගැනීමට දරන උත්සහය..එය කෙසේ කරන්නද ආරමිභය ගැන දන්නේ දෙවියන් පමණි,සිතන්න..මෙි සියල්ලට කලින් කුමක් මෙහි තිබෙන්නට ඇත්ද ? සියල්ල ඇතිවී තිබෙිනමි මෙහි සියල්ල හිස්ව තිබෙන්නට ඇතැයි උපකල්පනය කල හැක,සියල්ල හිස් නමි සියල්ල ඇතිවූ අයුරැ හා සියල්ල සිදුවී තිබීමට හේතුවක් තිබිය යුතුයි,ගෙයක් තනන්නට අමුද්‍රව්‍යය හා නිර්මාණකරැවෙක් සිටිය යුතුය,ගෙය නිමවූ පසු ගේ ඇති බව පෙනේ,

1.පලමු තර්කය..අපගේ කර්කය ගෙය නමි එය විෂ්‍යය නමි ගෙය නිර්මානය සදහා අමුද්‍රව්‍ය හා නිර්මාන කරැවා සිටි බවට එකගයි

2.දෙවන තර්කය..ගෙය නිර්මානයක් බව පිලිගැනීමෙන් පසු නිර්මාන කරැ ගැන තර්කය හා අමුද්‍රව්‍යය ගැන තර්කය මතු කිරීම පලමු තර්කයෙන් පලිගත් කරැනට පටහැනියි.



Monday, June 12, 2017

එළඹි මොහොත දැකීම

කායික මානසික ක්‍රියාවලිය
ලේබල් කිරීම හෙවත් මෙනෙහි කිරීම.
සමත හා විපස්සනා.

ශීල සමාධි හා ප්‍රඥා
උදරයේ පිම්බීම හා හැකිලීම
සක්මන

හෙමින්

සතර සතිපට්ටානය
පංචනීවරණ

විසුද්ධි අවස්ථා හත
ඉන්ද්‍රිය ධමර්‍ පහ තියුණු කිරීමේ අාකාර නවය.
1. සංස්කාරයන් ක්ෂයවීම බැලීම.
2. ඒම මනසිකාරය.
3. අඛන්ඩව නිතර පුහුණුව.
4. සප්පාය කරුණු.
5.මුලින් විදර්ශනා සමාධිය පහල කරගත් නිමිත්ත නැවන නැවතත් පහල කර ගැනීම.
6. බොජ්ජංග නිසි පරිධි යොදා ගැනීම.
7. ජීවිත අපේක්ෂාව හැරීම.
8. වීර්ය්‍යය.
9.අදහස් මුදුන්පත් වන තුරු අතරකදී නතර නොකිරීම.

පංච ප්‍රධානියංග
1ග සද්ධාව
2ග නිරෝගී
3. අවංක සෘජූ.
4. වීයර්‍්‍ය
5. ප්‍රඥා ඤාණය

 1. නාමරූප පරිච්චේද ඤානයයි.
2. පච්චය පරිග්ගහ ඤිනය
3. සම්මස්සන ඥානය
4. උදයබ්බය ඥානය.



Sunday, June 11, 2017

ආයතනය


චක්ඛු සම්ඵස්ස
සෝත සම්ඵස්ස
ඝාණ සම්ඵස්ස
ජිව්හා සම්ඵස්ස
කාය සම්ඵස්ස
මනෝ සම්ඵස්ස

එක ස්පර්ශ ආයතනයකට ප‍්‍රධාන වශයෙන් කාරණා තුනක් එකතු වෙනවා.
චක්ඛු සම්ඵස්සයට - චක්ඛුං පටිච්ච රූපෙච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සො... චක්ඛු සම්ඵස්ස කියන කොට ඇහැත්, රූපයත්, චක්ඛු විඤ්ඤාණයත් තුන් දෙනාගෙ එකතුව ස්පර්ශය... ස්පර්ශය වුනොත් වේදනා, සංඥා, චේතනා හටගන්නවා. මේ වේදනා, සංඥා, චේතනා ස්පර්ශය අනුව ගිය ධර්මයන්... වේදනා, සංඥාවන් ඵස්ස සම්ප‍්‍රයුක්තයි.

මේ සිදුවීම දැකගන්න...



චක්ඛු ව හෙවත් චක්ඛුඉන්ද්‍රිය චක්කායතනය නොවෙයි.
චක්ඛු + රෑප = චක්ඛු විඤ්ඤාණය. (ධාතු ක්‍රියාව - රූප) *(පෙර පියවර).*
මේ තුනේ එක්වයාමයි (තින්නං සංගති) ස්පර්ශය (ඵස්සෝ).

එතකොට ස්පර්ෂ නොවන අවස්තාත් තිබෙනවද? (ඇස් ඇරගෙන සිටියත් නොපෙනෙන නොදැනෙන?)
ඒ වේදනා සංඥා චේතනා ඵස්ස මනසිකාර යන නාම (ස්කන්ධයෝ්) හට නොගත් බැවිනි. එනම් ආයතන පහල නොවූ බැවිනි. මේ මනසින් කෙරෙන ස්පර්ෂය නම් වූ (පසු පියවරයි.)* මේ සත්‍ය වශයෙන් දැනෙන ස්පර්ශයයි.

මේ දැනෙන අවස්ථාවේ එම දැනීම (මනෝ සම්පස්සය) පැති තුනකින් වැටහේ. (අර්තසීමනය වේ). එනම් ස්කන්ධ, ධාතු හා ආයතන වශයෙනි.
ස්කන්ධයෝ මම වශයෙන්ද,(අභ්‍යන්තර)
ආයතනයෝ මගේ වශයෙන්ද,
ධාතු දේවල් (බාහිර) වශයෙනුත් ය.

මෙම වෙන්කර දැනීම වි + ඥාණය = විඤ්ඤාණය යන්නෙහි එක් අර්තයකි. (සනිදස්සන විඤ්ඤාණය).
ස්පර්ෂය ස්පර්ෂයක් ලෙසම වැටහේ නම් , ස්කන්ධ, ධාතු ආයතනයන් ක්‍රමයෙන් නිරුද්ධ වී යාමෙන් (ගෙවී යාමෙන්) විඤ්ඤානයේ නිරුද්ධවීම ⁣සිදුවේ.(අනිදස්සන විඤ්ඤාණය).

Thursday, June 8, 2017

බුද්ධ කාලීන භාරතයේ ෂට් ශාස්තෘන්ගේ මත.


බුද්ධ කාලීන භාරතයේ ෂට් ශාස්තෘවරු.

1.       පූර්ණ කාෂ්‍යප
·         පින් පව් යනුවෙන් යමක් නොමැත. මරණින් සියල්ල අවසන් බැවින් රිසි පරිධි ජීවත්විය හැක.
2.       මක්ඛලිගොසාල
·         සත්වයන් ගේ පිරිසිදු වීමක් හො අපිරිසිදු වීමක් නැත. ඒ ඒ බවයන් හි ඉපදීම මගින් බව 84000 ක් ගෙවා සසර අවසන් කරයි. සැමටම ඒකම විධියයි විෂේශයක් නොමැත.
3.       කේසකම්බල අජිත
·         කුසල් අකුසල් නැත. දානයේ විපාක නැත. මව නැත පියා නැත.මෙලොවක් පරලොවක් නැත. මැරී උපදින සත්වයෝ නැත. මරණිය සිරුර ධාතුවලට විසිරී යෑමක් පමණි.
4.       පකුධකච්චායන
·         මූලික ධාතූන් හා ප්‍රාණය යනු ස්වභාවික ගතීන් වෙත්. සත්වයෙක් ජීවියෙක් නැත. කඩුවකින් හිස සින්දත් ධාතු තුලින් කඩුව යාමක් පමණි.

5.       නිගණ්ඨ නාථපුත්ත
·         සිත දමනය කල යුතුය. ඒ සදහා පිලිවෙත් 4 කි. සිහිල් ජලයෙන් වැළකෙන්නේ, සියලු පවින් වැළකීමෙන් යුක්ත වූයේ, සියලු පව් පිඹ හැරියේ, සියලු පව් වැළැක්මෙන් මොක්සුව විදී.  අාත්ම සංයමය කල නිසා සිතෙහි කිසි කිලුටෙක් නැත.
6.       සඤ්ජය නම් බෙලට්ඨපුත්‍ර
·         පරලොව ගැන, මැරීඋපදින සත්වයා ගැන, කුසල් අකුසල් අාදිය ගැන කිසිවක් නිෂ්චිතව නොකියයි.
·       
පරලොවක් ඇත්තේදැයි මා විචාරන්නෙහි නම් පරලොවක් ඇතැයි මෙසේ මට අදහස්වී නම්, පරලොවක් ඇතැයි මෙසේ එය ඔබට ප්‍රකාශ කරන්නෙමි. මට එසේත් අදහස් නොවෙයි, මට එපරිද්දෙනුත් නොවෙයි. මට අන් පරද්දෙකිනුත් නොවෙයි. මට එසේ නැත්තේයයිද නොවෙයි, මට නැත්තේ නොවන්නේත් නොවෙයි, පරලොවක් නැතැයි කියාද, එසේද මාගේ ගැන්මක් නැත, එසේයයිද මාගේ ගැන්මක් නැත. මේ වෙන ආකාරයයිද මාගේ ගැන්මක් නැත. එසේ නොවේයයිද මාගේ ගැන්මක් නැත. එසේ ගැන්මක් නැත්තේත් නැත.
පරලොව ඇත්තේත් වේ නැත්තේත් වේයයි කියාද, පරලොව නැතැයි කියාද නැත්තේත් නොවෙයි කියාද, එසේද මාගේ ගැන්මක් නැත. එසේයයිද මාගේ ගැන්මක් නැත. මේ වෙන ආකාරයයිද මාගේ ගැන්මක් නැත. එසේ නොවේයයිද මාගේ ගැන්මක් නැත. එසේ ගැන්මක් නැත්තේත් නැත.

http://pitaka.lk/15114/cs,aps

චක්‍රය



 උත්තර දෙන්න වචන සංකල්ප තියෙන්න ඕනෑ. සිතීමට පවා සංකල්ප ඕන. සසරට පවා සංකල්ප ආහාරයක් වෙනව. අපි කුඩා කල සිට මේ දක්වා ඉන්න බව, තියෙන බව කියන හැම දෙයක්ම සංකල්ප ම වුවත්, මේ සංකල්පයන් සත්ව පැවැත්මට හේතුවක් (සාධකයක් පමණි).
අපි තේරුම් ගැනීමට උදාහරණයක් සලකමු.
කොස් හා අඹ සලකමු. මෙම කොස් ගතිය පරමානුවල හෝ රසායනද්‍රව්‍යය වල ම ලක්ෂනයක් නම් කොස් හා අඹ  වෙන් කල නොහැකි වෙනව. නමුත් ජීව (bio) මට්ටමින් (ජාන) මට්ටම කියමු. වෙනස් කම් (පරිනාමය හෝ විකෘති) නිසා බාහිර ගස් වර්ගයට බලපෑමක් තියෙනව.
සත්වයන්ගේ මනසක් සහ චරිතලක්ෂණ ත් මෙසේ බාහිර මොලයට සිරුරට බලපානව. කෝපය රාගය වැනි හැඟීම් මනසත් සිරුරත් පරිනාමනයකට ලක්කරවන සාධක වෙනව. චරිත ලක්ෂණ හෝ භවය සැකසෙනව. මේ භවය ජාතියට හේතුවන්නේ කෙසේද?
අඹ ගසෙන් අඹබීජ සැකසීමත් එවා හේතුවෙන් තව අමතර සාධකද බලපෑමෙන් නැවත වෙනත් ගසක් වුනත් අඹ වගේ ගසක් හැදෙනව. මේ පෙර තිබූ ගසම නොවන අතර එයින් පූර්ණව ස්වාධීන වූ වක් ද නොවේ.
පුද්ගලයා ගේ චරිත ලක්ෂණ මේ බීජ වැනිය. ඒවා සුදුදු බිමක වැටුනොත් (මව් කුසක් හෝ අන් කුසක් ජීවින් හට ගන්නා තැනක්) එය හේතුවක්වී පැවැත්මක් ගෙනයයි. මේ භවයේ ජීවිතයට පෙර බවයක බලපෑම එවැනිය.
චරිතය බිංදුව දක්වා ගෙවීඇත්නම් පැවැත්මට (පෞද්ගලික) පදනමක් නැත.
Identity ක් තිබේනම් එහි බලපෑම නැතිනොවේ.
සංකල්ප(සංඛාර) විඤ්ඤානයටත් එය මනසටත් (නාමරූප) එය සිරුරටත් (ෂඩායතන) එය ඉන්ද්‍රිය ස්පර්ෂය ටත් නැවත සංකල්ප සංඛාර නිර්මානයටත් එකිනෙක ප්‍රත්‍යය වීමෙන් චක්‍රීය ක්‍රියාවලියක් සැකසේ.

Wednesday, June 7, 2017

විවිධ මත

 No automatic alt text available.
Gayan Yapa Upali Herath, Lalith Munasinghe මෙතන අනිත් අය මනසින් මවන "කෙනාගේ" සම්මුති මරණයත්, බුද්ධ දේශනයේ සඳහන් මරණයත් (නැතිවීම - චින්තනයක) කලවම් කරගෙන කතා කරන්නේ. "මරණ" කියල බුදුන් කල කීවේ නැතිවීමට. ඒ කාලයේ සම්මුති මරණයට කීවේ "මච්චු" කියල. ඒකයි මේ පටලැවිල්ල. කොටින්ම සම්මුති මරණයක් ගැන බුද්ධ දේශනයේ කතාවක් නැහැ. ඒ ගැන කතා කරන්නේ ආගම් කාරයෝ - බමුණෝ. මෙතන කී දෙනෙක් සම්මුති මරණය ගැන කතා කලාද?. එතකොට ආයෙත් මැරිලා (සම්මුති මරණය) කෙනෙක් වශයෙන් ඉපදෙන කතාවකුත් නැහැ. එතකොට ශාස්වතත් නැහැ උච්චේදත් නැහැ. (ශාස්වතයෝ - BLOCK බණ්ඩෝ COPY කරන්න එපා). ඇත්තේ ඇතිවී නැතිවන චින්තනයක් පමණී. ඒකත් අනිත්‍යයි. ඊලඟ එකට සම්බන්ධ නැහැ. ඒ නිසා සම්මුති මරණ යෙන් පසු මනස චින්තනයකින් මැවූ මායාවත්(කෙනාත්) ඉවරයි. ------------- දැන් බමුණෝ අඳුනා ගන්න.

 Upali Herath මම යම් තැනක දැක්කා, Tissa Senanayake මහතා ප්‍රකාශ කර තිබුනා,
"සමහර අය මරණයෙන් පසු පැවැත්මක් නැහැ, පරලොවක් නැහැ කියලා කියන්නේ ඔවුන් යම් තැනක සිරවී ඇති නිසයි" කියලා.
මම එම ප්‍රකාශයට එකග නැහැ, මොකද එයින් පෘතග්ජනයාට මරණයෙන් පසු පැවැත්මක් ඇතැයි යන්න ගම්‍ය වෙන නිසා.
මා හැම විටම පෙන්වා දෙන්නේ, සත්‍යය දුටු හෝ නොදුටු සියලු දෙනාටම සම්මුති මරණයෙන් පසුවටත් ක්‍රියාත්මක වීම සදහා ආත්මයක් හෝ වෙනත් මොනයම් හෝ යාන්ත්‍රණයක් නොමැති බවයි. මෙය සත්‍යය දුටු අය ප්‍රත්‍යක්ෂ ලෙසම දැක ඇති අතර නොදුටු අයට මේ පිලිබඳව උභතෝකෝටිකයක් තිබෙනවා. මේකයි තිබෙන එකම වෙනස.
නමුත් මේ තත්ත්වය සත්‍යය දුටු කෙනෙකුට පැහැදිලි කරන්න වෙන්නේ සමාජයේ භාවිතා කරන කතෘකාරක භාසාවක් හරහායි. කතෘකාරක භාසාවක් මගින් මෙය පැහැදිලි කිරීමේදී ආත්ම සන්කල්පයේ හෝ මරණයෙන් පසු ක්‍රියාත්මක වන වෙන යාන්ත්‍රණයක් ඇතැයි යන දැඩි විශ්වාසයේ ඉන්නා කෙනෙකුට එය තේරුම් යන්නේ වෙනත් ආකාරයකින්. මෙන්න මේ කාරණය නිසයි, බොහෝ දෙනෙක් මා අනාත්මවාදයක් පතුරුවනවා කියමින් ප්‍රකාශ නිකුත් කරන්නේ. මෙතනදී තේරුම් ගත යුතු දේ තමයි, මෙහි ආත්ම හෝ අනාත්ම යන දෙකින්ම නිදහස් තත්ත්වය පැහැදිලි කරන බව.
මේ පිලිබඳව Tissa මහතාගේත්, සියලුම adminla ගේත්, ඒ වගේම මේ වෙනුවෙන් අදහස් දක්වන Gayan Yapa සහ Risen Joe මහත්වරුන්ගේ අදහස් බලාපොරොත්තු වෙමි.


Maheema Madusanka බුදුදහම කියන්නෙ මරණයෙන් මතු උපතක් ගැන පෙන්වන හෝ උපතක් නැතයයි පෙන්වන බමුණු දහමක් නොවෙයි,, පුබ්බේ නිවාසානුස්සතියත් චුතූපපාතයත් ආසවක්ඛය ඥාණයත් ලබා කුසලය මතුකිරීමත් පාපයෙන් ගැලවීමත් යන උතුම් ඌ ඥාණ දර්ශණයකට සත්වයා ගෙනයාම වේ,,කෙටියෙන් කිව්වොත් ආර්‍ය වංශයට පැමිණවීම,, Tissa Senanayake මහතාගේ අදහසත් මෙතනදි අපි බලමු.


 


 Tissa Senanayake මෙතන මරණය යනු කුමක්ද? කය විච්චේජනය වීමක් ගැන අපි කතා කතා කරනවා. එතන මරණයක් සිදුවන්නේ නැහැ. එතන වෙන්නේ භව වෙනස් වීමක්. සමහර විට එකම භවයම රැගෙන යනවා වෙන්න පුළුවන්.

මම මරණය ලෙස ගන්නේ පටිච්චසමුප්පාදය තුල පෙන්වන ජාති ජරා මරණ කියන තැන තියන මරණය.

බොහෝ දෙනෙකුට මේ මරණය සිදුවන්නේ නැහැ. මේ මරණයෙන් පසු තියෙන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. ඒ කියන්නේ මෙතන මරණයෙන් පසු පැවැත්මක් තියනවා.

 Tissa Senanayake සංසාරය පුරාවටම තමන්ගේ මරණය සිදුවන්නේ එක වරයි. එතනින් පසු තථාගත උපත සිදුවෙනවා. Wishwajith Bandara හැකිනම් මේ ගැන ටිකක් විස්තරාත්මකව පෙන්වා දෙන්න.

Tissa Senanayake මම මෙතන පළමු comment එකෙන් තමන්ගේ මරණයක් ගැන කියල නැහැ. මරණය සිදුවෙන තැන තමන් නැහැ. එකයි මම කිව්වේ දෙවන comment එකෙන් තමන්ගේ මරණය උනානම් එතන තියෙන්නේ තථාගත උපත කියල. එතන සතෙක් නැහැ.

 
 

තිළිණ ජයවර්ධන මරණයෙන් පසු නැවත උප්පත්තියක් නොමැති අවස්ථාවක් තිබෙනවා..එය පාදා ගැනීම සීරුවෙන් කරගත යුතුයි..එය පාදා ගත් අය පමණයි උතුම් අරිහත් බවට පත් වෙන්නේ..මරණින් මතු උපතක්,පුනර්භවයක් නැත්තේ ඒ උත්තමයන් වහන්සේලාට පමණයි..

දැන් ඔය අනෙක් එවුන් ඔක්කොටම නැවත නැවත ඉපදෙන සසර ගමනක් තිබෙනවා..
මැරිලා ඉපදෙනවද..?ඔව්..

මරණයෙන් පසු උපතක් නැද්ද? ඔව්
මෙන්න මේ පිළිතුර නිසයි බුද්ධ දර්ශනය පවතින්නේ.එය ජීවත්ව සිටියදිම දකින දෙයක්..ස්වක්ඛාතයි,ඒහිපස්සිකයි...
Upali Herath
Upali Herath ඔබ අදහස් කරන්නේ සම්මුති මරණයෙන් පසුව (වල කජ්ජා ගැහුවට පස්සේ) සත්‍යය නොදැපු (බොහෝ දෙනා කියන පරිදි නිවන් නොදැක්ක) කෙනෙකුට නැවත උපතක් තිබෙනවා කියලානම්, එය සම්බන්ධතාවය සිදුවන අයුරු හුදී ජනයාගේ පහන් සන්වේගය සදහා, කාරුණිකව වදාරණ මැනවි. 
 


Tissa Senanayake Gayan Yapa එක පැහැදිලි කරන එකක් නොවෙයි. එතන සබ්දකෝෂයේ වචන නැහැ. බොහෝ මිනිස්සුන්ට අභිඥඥා පහල වෙනකොට ආ ගිය තැන දකිනවා. යන තැන දකිනවා. එපමණයි. එතකොට දරුවෝ හදලා ඉවරයි, දරුවෝ හදන හැටි දැනගන්නේ නැතුවම.