Showing posts with label ස‍ෝවාන්. Show all posts
Showing posts with label ස‍ෝවාන්. Show all posts

Tuesday, April 25, 2017

නිවනට පසුව මාර්ගය.

පඨම සච්චධාරණ සූත්‍රය
“මහණ, යහපති, යහපති, මහණ නුඹවනාහි මවිසින් දෙශනා කරණලද සතරආර්‍ය්‍යසත්‍යය දරන්නෙහි (ඉතා) මැනවි. මහණ, මවිසින් වනාහි පළමුකොට දුක්ඛාර්‍ය්‍යසත්‍යය දෙශනා කරනලදී. එය එසේ දරාගනුව. මහණ, මවිසින් වනාහි දෙවනුව දුක්ඛසමුදාර්‍ය්‍යසත්‍යය දෙශනා කරනලදී. එය එසේ දරාගනුව. මහණ, මා විසින් තෙවනුව දුක්ඛ නිරොධාර්‍ය්‍ය සත්‍යය දෙශනාකරනලදී. එය එසේ දරාගනුව. මහණ, මවිසින් වනාහි සතරවෙනුව දුක්ඛනිරොධගාමිණීපටිපදා ආර්‍ය්‍යසත්‍යය දෙශනා කරන ලදී, එය එසේ දරාගනුව.

දුතිය සච්චධාරණ සූත්‍රය 
“ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරනලද තෙවෙනි ආර්‍ය්‍යසත්‍යය දුක්ඛ නිරොධාර්‍ය්‍ය සත්‍යයයි දරමි යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දෙශනා කරනලද මේ දුක්ඛනිරොධාර්‍ය්‍යසත්‍යය තෙවෙනි ආර්‍ය්‍යසත්‍යය නොවේ. මම මේ තෙවැනි දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්‍රතික්ෂෙපකොට අන්‍යවූ තෙවෙනි දුක්ඛ නිරොධාර්‍ය්‍යසත්‍යයක් පනවන්නෙමියි’ කියන්නේ නම් ඒ කාරණය සිදුනොවේ.
http://pitaka.lk/252127/cs,aps
 

Sunday, April 23, 2017

සෝවාන් වීම සඳහා පරතෝඝෝෂයට අමතරව භාවනාව ද අත්‍යාවශ්‍යය.

ප්‍රශ්නය:

ශ්‍රාවක පාරමිතාව සහිත සෑම කෙනෙක්ම සෝතාපන්න වන්නේ බණ අසා මිස භාවනාවෙන් නොවේ...( බුදු,පසේ බුදු වරු පමණක් භාවනාව වඩා සියළු මග ඵල ලබනව)සක්ඛාය දිටිය ,විචිකිච්චා,සීලබ්බත පරාමාස යනසංයෝජන තුන ප්‍රහීන වන්නේ දර්ශණයෙන් හෙවත් බණ ඇසීමෙනි ..ඉතිරි සංයෝජන 7 ප්‍රහීන කරන්නට භාවනාව වැඩිය යුතුයි( බණ ඇසීමෙන් පමණක් සියළු සංයෝජන ප්‍රහීණ කළ උතුමෝද අැත.එහෙත් විරළය)නෙත්තිප්පකරණය 28සහ29 පිටු වල මේ පිළිබඳ සඳහන්ව ඇත.


Image may contain: text



 පිලිතුර :


මාර්ගඵල⁣ නොලැබූ පුද්ගලයන්ගෙන් බණ අසා මාර්ග එල වලට පත්වූ අවස්ථා පිළිබදව  සදහන් වෙන තැන් තියනව
1.බුදුපියාණන්වහන්සේ ගේ ජීවමාන සමයේ වි⁣සූ තුච්ඡ පොටිල තෙරැැන් පිලිබද කතාව(මූලාශ්‍ර සොයාගත නොහැකි විය දන්නා කෙනෙක් සිටීනම් දක්වන්න කතාව සඳහන් වෙනව අජාන් චා හිමියන්ගේ පොතක)
2.ලංකාවේ විසූ මහා සිව ස්වාමීන්වහන්සේගේ කතා පුවත (චන්දවිමල ස්වාමීන්වහන්සේගේ ශාසනාවතරනය පොත)
3.උච්චාලික වාසීමහා නාග ස්වාමීන්වහන්සේ සහ තරංගලවාසී දම්මදින්න ස්වාමීන්වහන්සේ   සම්භන්ධ කතාව (විදර්ශණා භාවනා ක්‍රමය චන්දවිමල මහනාහිමි)
4.මිලින්ද ප්‍රශ්ණය නාගසේන ස්වාමීන්වහන්සේ සොවාන් ඵලයට පත්වන තැනදී ඊ⁣ට පෙර උන්වහන්සේගේ ධර්ම දේශණාව අසා ඒ උපාසිකාව සොවාන් වීම

5. අසම්මුකව මගපල ලැබූ පලමු ශාවිකාව කාලි යක්ෂ දුවයි. ඇය සාතාගිර හා හේමවත යන යක් සෙනෙවිවරුන් ගේ සාකච්චාව ශ්‍රවනය කිරීමෙන් සෝවාන් වූවාය. ඒ වනවිටද යක් සෙනෙවිවරුන්ට සෝවාන් මගපල ලැබී නොතිබුන බවයි මගේ දැනුම.

බණ ඇසීමෙන් රහත් වූ බවට සාධකයක්

 බාහිය ධාරුචීරිය, පරායන සුතුර එන පාරිසරිය බමුනු ශ්‍රාවකයින් දහසය දෙනා. එක්කෙනෙක් අනාගාමී විය.

ඉහත සාධක අනුව ඹබගේ // ( බණ ඇසීමෙන් පමණක් සියළු සංයෝජන ප්‍රහීණ කළ උතුමෝද අැත.එහෙත් විරළය)නෙත්තිප්පකරණය 28සහ29 පිටු වල මේ පිළිබඳ සඳහන්ව ඇත.// යන කරුණු සනාත වේ.

ඒ එසේ නමුත් සියලු දෙනාම සෝවාන් වන්නේ බණ ඇසීමෙන් පමනි. යන්නෙන් අනියමාර්ථයෙන් කියැවෙන // සෑම කෙනෙක්ම සෝතාපන්න වන්නේ බණ අසා මිස භාවනාවෙන් නොවේ..//) හෙවත් බාවනාවෙන් සෝවාන් විය නොහැකියි යන්න සනාථ වේද?


නෙත්තිපකරනයෙහි උපුටනයේ ඇත්තේ පිලිතුර පමණි. එබැවින් ප්‍රශ්ණය අනුමානයෙන් ගතයුතුවේ. ඒ අනුව අනුසන්ධිය යනු චතුරාර්‍ය සත්‍ය යැයි අනුමාන කලහැකිය. මන්ද පිලිතුර නිවන හා දුක්ඛ සමුදය හා මග්ග යැයි කියා ඇති බැවිණි.

මංගල ධර්‍මදේසනයේ දී පස්වග මහනුන් අතුරින් අඤ්ඥා කොන්ඩඤ්ඤ හිමි සෝවා්න් වූ බව ප්‍රකටය. එය ධම්ම චක්ඛුංඋදපාදි, ඥාණංඋදපාදි, විජ්ජාඋදපාදි, ආලෝකෝඋදපාදි ආදී වසයෙන් පෙන්වා ලැබූ අවබෝධය චතුරාර්‍යසත්‍ය බවට, එවං ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං ...යන ධම්මචක්කපවත්තන සූතුර සාධක වෙයි.

එසේනම් සෝවාන් වීමේදී චතුරාර්‍ය සත්‍යම හෙවත් සත්‍ය හතරම අවබෝධ කරයි. සකෘදාගාමී, අනාගාමී හා අර්හත් යන මගපල ලැබීමේදී ද සතරසත්‍යම, හතර වාරයකදී ම ප්‍රත්‍යක්ෂ කරයි. ලොව්තුරා බුදුරජානන් වහන්සේද මෙම හතර පියවරම එකම අසුනකදී හෙවත් බාවනා වාරයකදී පසුකර බුද්ධත්වයට පත්වනු මිස එකවරම හෝ මුල් පියවර තුන මගහැර නිවන් නොදකී. එබැවින් උපුටනයේ දක්වා ඇති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය සෝවාන්වීමේදී හටගන්නා ප්‍රත්‍යක්ෂය විය යුතුය. අනෙකුත් මගපල වලදීද මෙම ප්‍රත්‍යක්ෂයම වඩාත් තහචුරුවනවා විය යුතුය. අර්හත් පලයේදී ඉතිරි කෙලෙසයක් නොමැති බවට ඇතිවන ප්‍රත්‍යක්ෂය අඤ්ඤින්ද්‍රිය ලෙස සලකා ඇති බව පෙනේ.

ඉහත කරුනු සලකා බැලූවිට, පෘතක්ජනයා තුල සංයෝජන දහයම ක්‍රියාත්මක වනබවත්, සෝවාන් වීමේදී සංයෝජන දහයම යම් ප්‍රමානයකට දුර්වල වන බවත්, එයින් තුනක් නැවත හටනොගන්නා බවට ප්‍රහීනවී යන බවත් නිගමනය කල හැක. ඉතිරි මගපල වලදී තව දුරටත් ගෙවී යන සංයෝජන වලින් දෙකක් අනාගාමී මගපල යෙදී ප්‍රහීන වේ.

දැන් සමුදය යන්නෙන් කුමක් අදහස් වේදැයි බලමු. මන්ද සමුදයේ ප්‍රහානයක් දක්වා ඇති බැවිනි. සමුදය යන්නෙන් අදහස් වන්නේ තන්හාවයි. තන්හාව ක්‍රමයෙන් ගෙවී ගොස් සම්පූර්ණයෙන් ප්‍රහීන වන්නේ අර්හත්වයේදීය. තන්හාව ඇතිවීමට හේතුව සංයෝජන තිබීම ය. ඉහත උපුටනයේ //"එහි සමුදය දර්ශනභූමියෙහි ද භාවනාභූමියෙහි ද යන භූමි දෙක්හි ප්‍රහීණ වෙයි"// යන වාක්‍යයේ අදහස විය යුත්තේ දර්ශනයෙන් හා බාවනාවෙන් සමුදය ප්‍රහීනවන බව යි. මෙහිදී දර්ශනයෙන් කොටසක් ඉවත්වීමෙන් පසු බාවනාවෙන් ඉතිරි කොටසක් ගෙවේ යැයි නොකියැ වේ.

මුල් සංයෝජන කැඩීයාමට පරතෝගෝෂය අත්‍යාවශ්‍යය, එයින් අනතුරුව යෝනිසෝ මනසිකාරය පැවැත්වීමෙන් ක්‍රමයෙන් තන්හාවේ ගෙවීයාම සිදුවේ. පරතෝඝ‍ෝසය ලැබූ පමනින්ම සෝවාන් විය නොහැක්කේ තම සන්තානය තුල සිදුවන සංඛාර විදර්ෂනා කිරීමට එලඹ සිටි සිහිය හෙවත් යෝනිසෝමනසිකාරයද අත්‍යාවශ්‍ය අංගයක් බැවිනි. එසේනම් ඉහත උදාහරණ වලදී ධර්ම ශ්‍රවනයේදීම මගපල ලැබුවා යන්න පහදා ගන්නේ කෙසේද?

පාරමිතා සම්පූර්ණ වූ බාහිය වැන්නන් රහත්යැයි සිතා සිටීමෙන් පෙනෙන්නේ ඔවුන්ගේ කෙලෙස් බොහො දුරට යට පත්වී අනුශය මට්ටමේ පැවති බවයි. ඔවුනට බණ අහන ක්ෂණයේදී ම සිත විදසුනට නගා ගැනීමට තරම් සමාධිය වැඩී තිබුණා විය හැක. මෙයට සාධකයක් ලෙස පිංගිය මානවක ධර්මය ශ්‍රවනය  කිරීමේදී තම ගුරුවරටෙත් ධර්මය කියදීම සඳහා මතක තබා ගැනීසට උත්සාහයක යෙදුන බැවින් පූර්ණ අවධානය තබාගැනීමට නොහැකිවීම නිසා අනාගාමී වීමට පමණක් සිදුවූ අතර, අනෙක් අය රහත් වූ බව දැක්විය හැක.

"ධම්ම සංගිනියෙන්" උපුටා දක්වා ඇති ඡේදය, ධර්මය විස්තර විභාග කිරීම පිණිස නොව සංග්‍රහ කිරීම සැකසූ ග්‍රන්ථයකින් විය හැක. සමස්ථ ග්‍රන්තයම පරීක්ෂා නොකොට ඒ පිලිබඳ සතීර නිගමනයකට එලැඹිය නොහැක.


ඉහත කරුනු සමස්ථයක් වශයෙන් ගෙන බැලූවිට සෝවාන් වීම සඳහා ද පරතෝගෝෂයට අමතරව භාවනාව ද අත්‍යාවශ්‍ය බව තහවුරු වනවා ඇත.