පටිච්ච සමුත්පාද විවරණයෙන් -

පටිච්ච සමුත්පාද විවරණය, අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි, 2014,
පුද්ගලයා
පුද්ගලයා කියනුයේ අදත් හෙටත් අනිද්දාත් මේ සතියේදීත් මේ මාසයේදීත් ලබන මාසයේදීත් මේ වර්ෂයේදීත් ලබන වර්ෂයේදීත්, එක් කෙනෙකු වශයෙන් මැරෙනතුරු ඉන්නා කෙනෙකි. සමහරුන් සලකන හැටියට මැරෙන්නේත් නැතිව දෙවන තුන්වන ජාතිවලටත් යන දෙයකි. මේ නාම රෑප ජාති පරම්පරාවෙහි එබඳු කල් පවත්නා කිසි ම දෙයක් නැත. එ් පුද්ගලයා, ඉබිලොම් - කවුඩුදත් - සා අං යනාදිය මෙන් සිතෙන් මවාගෙන අැති සැටියට සලකන දෙයකි. ඇති සැටියට සලකන පුද්ගලයා ඇත්තටම නැතත් එ් සැලකීමෙන් එ් වැරදි හැඟීමෙන් ඇතිවන නපුර නම් සත්‍ය වශයෙන්ම ඇතියකි.
       අවිද්‍යා සංස්කාරාදී ද්වාදසාංගයෙන් යුක්ත වන මේ දුක්ඛස්කන්ධයා ගේ නො සිඳී පැවැත්මට, නැති පුද්ගලයෙකු ඇතය යන එ් වැරදි හැඟීම බලවත් හේතුවකි. සත්කාය දෘෂ්ටියය කියනුයේ ද එයට ම ය. අවිද්‍යාදී හේතුඵල ධර්ම පරම්පරාව වූ නාමරූප ධාතු සමූහය නිසා පවත්නා වූ සත්කාය දෘෂ්ටි සංඛාත එ් වැරදි හැඟීම් දුරුකර ගැනීම පහසු වනු පිණිස තථාගතයන් වහන්සේ විසින් එ් නාම රූප ධාතු සමූහය රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සඣාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඣාණස්කන්ධය කියා ඕදාරික වශයෙන් කොටස් පහකට බෙදා තිබේ. (පිටුව 198.)

උපාදානය
උපාදානයන් අැති වන්නේ ද වැඩෙන්නේ ද ලෟෙකික නාම රූප ධර්මයන්හි ය. ලෟෙකික නාම රූපය යි කියනුයේ ලාේකෝත්තර සිත් සතරත් නිවනත් හැර කාම රූප අරූප සංඛාත ලෝක තුනෙහි සත්ත්වයන්
පුද්ගලයන් වශයෙන් හා ගස්වැල් අාදී වස්තු වශයෙන් ද අැත්තා වූ සියල්ල ය. විඤ්ඤානය අැති නැති වස්තු දෙවර්ගය අතුරෙන් උපාදානයන් වඩාත් වැඩෙන්නේ සත්ත්ව සත්ත්ව පුද්ගල සංඛාත සවිඥානක වස්තු විෂයෙහි ය. (පිටුව 226)

https://m.facebook.com/Ven.RerukaneChandawimala/photos/a.348161932041056.1073741829.348144152042834/485284671662114/?type=3


No comments:

Post a Comment