Showing posts with label බාවනා. Show all posts
Showing posts with label බාවනා. Show all posts

Thursday, July 20, 2017

මම නොවේ, මගෙ නොවේ.

මේ මම නොවේ.
------------------
මේ යනු යතාපැවැත්මයි.


මම යනු අවිද්‍යාවයි.

නොවේ යනු ප්‍රඥාවයි.

Saturday, May 27, 2017

මෙත්ත සූත්‍රය

“යම් ගිහියෙක් හෝ පැවිද්දෙක් එළඹ සිටි සිහි ඇත්තේ මෛත්‍රී ධ්‍යානය අප්‍ර‍මාණ්‍ය වශයෙන් වඩා ද, නිර්‍වාණය දක්නා වු ඔහුගේ සඤ්ඤෝජනයෝ තුනී වෙත්.
( මෙත්‌තා චෙතොවිමුත්ති සූත්‍රය - ඉතිවුත්තක)
මෙත්තාසහගතසුත්තං හෝ හලිද්දවසන (මෙත්තා) සූත්‍රය.
-------------------------------------------------------------
මෙම සූත්‍රය තුල මෙත්‍රිය වැඩීම මගින් නිවන ප්‍රත්‍යක්ෂවන බව බෝධිඅංග හත සම්පූර්ණ වන බව පෙන්වාදීමෙන් තහවුරු කර දක්වා ඇත.
එසේ ලොකොත්තර ධර්මය අවබොධ නොකලොත් දෙයාකාරයක පිහිටක් ලැබේන බවත් එහි සඳහන්ය.
එනම්
(1). සුභය කෙළවරකොට ඇති මෛත්‍රී සමාධිය හෝ
(2). ආකිඤ්චඤ්ඤායතනය කෙළවරකොට ඇති මෛත්‍රී සමාධිය යි.
දිසා වශයෙන් මෙත්‍රිය වැඩීම බුදුසසුනේ මෙන්ම අන් සසුන් වලත් තිබේ. නමුත් බුදුසසුනේ විශේෂත්වය වන්නේ නිවන් ලැබෙන අන්දමින් මෙත් වඩන ආකාරය ඉගැන්වීමයි.
..........
‘ඇවැත්නි, කෙසේ වඩන ලද මෛත්රීස සමාධිය කිනම් නිපදවීමක් ඇත්තේද? කුමක් පරමකොට ඇත්තේද, කුමක් අනුසස්කොට ඇත්තේද, කුමක් අවසානයකොට ඇත්තේද? කෙසේ වඩනාලද කරුණා සමාධිය කුමක් නිපදවීමකොට ඇත්තේද? කුමක් පරමකොට ඇත්තේද? කුමක් අනුසස්කොට ඇත්තේද? කුමක් අවසානය කොට ඇත්තේද? කෙසේ වඩනාලද මුදිතා සමාධිය කුමක් නිපදවීමකොට ඇත්තේද? කුමක් පරමකොට ඇත්තේද? කුමක් අනුසස්කොට ඇත්තේද? කුමක් අවසානයකොට ඇත්තේද? කෙසේ වඩනලද උපෙක්ෂා සමාධිය කුමක් පරමකොට ඇත්තේද? කුමක් අනුසස්කොට ඇත්තේද? කුමක් අවසානයකොට ඇත්තේද? කියායි.
.....................
මහණෙනි, දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්රනහ්මයන් සහිතවූ, ලෝකයෙහි, මහණ බමුණන් සහිත ප්රෙජාව අතුරෙහි, දෙව් මිනිසුන් අතුරෙහි තථාගතයන් හෝ තථාගත ශ්රායවකයෙකු හෝ මේ සාසනයෙන් ඇසුවක් හෝ හැර යමෙක් මේ ප්ර්ශ්න විසඳන්නේ නම් (එබඳුකෙනෙකු) මම නුවණැසින් නොමදකිමි.
....
“මහණෙනි, කෙසේ වඩනා ලද මෛත්රීඅ සමාධිය කුමක් නිපදවීම කොට ඇත්තේද, කුමක් පරම කොට ඇත්තේද, කුමක් අනුසස් කොට ඇත්තේද, කුමක් අවසානකොට ඇත්තේද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවෙකය ඇසුරුකළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණු මෛත්රීි සහගත සති සම්බොජ්ඣංගය වඩයිද,........ උපෙක්ෂා සම්බොජ්ඣංගය වඩයිද,.....
........
“ඉදින් හෙතෙම පිළිකුල් නොවූවෙහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේ නම්, එහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරයි. .......ඉදින් පිළිකුල් නොවුවද පිළිකුල් වුවද යන ඒ දෙක දුරුකොට සිහි ඇතිව මනා නුවණැතිව උපෙක්ෂා ඇත්තේව වාසය කරන්නෙමියි කැමැත්තේ නම් එහි සිහි ඇතිව, නො නුවණැතිව උපෙක්ෂා ඇතිව වාසය කරයි.
සුභවූ විමොක්ෂයට හෝ පැමිණ වාසය කරයි. මහණෙනි, මම ලොකොත්තර ධර්මය අවබොධ නොකළාවූ මහණහට සුභය කෙළවරකොට ඇති මෛත්රීර සමාධිය කියමි.
.......
ඉදින් පිළිකුල් නොවූවද, පිළිකුල් වුවද යන ඒ දෙක හැර සිහි ඇතිව මනා නුවණැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි සිහි ඇතිව මනා නුවණැතිව උපෙක්ෂාවෙන් යුක්තව වාසය කරයි.
සියළු ආකාරයෙන් වනාහි විඥානඤ්චායතනය දුරුකොට කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, ලොකොත්තර ධර්මය අවබොධ නොකරන්නාවූ මහණහට උපෙක්ෂා සමාධිය ආකිඤ්චඤ්ඤායතනය කෙළවරකොට ඇතැයි මම කියමියි වදාළේය.
(යොමු කිරීමට ස්තූතිය Charith Sandaruwan මහතාට )

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව යුනිකේතයට හරවා උතුම් වූ ධර්ම දානයක් ලෙස සදහම් පිපාසාවෙන් සිටින සියළුම දෙනාගේ හිත සුව පිණිස අන්තර්ජාලයට එකතු කිරීම මෙම වෙබ්අඩවියේ පරම චේතනාවයි.
thripitakaya.org

Tuesday, April 25, 2017

නිවනට පසුව මාර්ගය.

පඨම සච්චධාරණ සූත්‍රය
“මහණ, යහපති, යහපති, මහණ නුඹවනාහි මවිසින් දෙශනා කරණලද සතරආර්‍ය්‍යසත්‍යය දරන්නෙහි (ඉතා) මැනවි. මහණ, මවිසින් වනාහි පළමුකොට දුක්ඛාර්‍ය්‍යසත්‍යය දෙශනා කරනලදී. එය එසේ දරාගනුව. මහණ, මවිසින් වනාහි දෙවනුව දුක්ඛසමුදාර්‍ය්‍යසත්‍යය දෙශනා කරනලදී. එය එසේ දරාගනුව. මහණ, මා විසින් තෙවනුව දුක්ඛ නිරොධාර්‍ය්‍ය සත්‍යය දෙශනාකරනලදී. එය එසේ දරාගනුව. මහණ, මවිසින් වනාහි සතරවෙනුව දුක්ඛනිරොධගාමිණීපටිපදා ආර්‍ය්‍යසත්‍යය දෙශනා කරන ලදී, එය එසේ දරාගනුව.

දුතිය සච්චධාරණ සූත්‍රය 
“ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරනලද තෙවෙනි ආර්‍ය්‍යසත්‍යය දුක්ඛ නිරොධාර්‍ය්‍ය සත්‍යයයි දරමි යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දෙශනා කරනලද මේ දුක්ඛනිරොධාර්‍ය්‍යසත්‍යය තෙවෙනි ආර්‍ය්‍යසත්‍යය නොවේ. මම මේ තෙවැනි දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්‍රතික්ෂෙපකොට අන්‍යවූ තෙවෙනි දුක්ඛ නිරොධාර්‍ය්‍යසත්‍යයක් පනවන්නෙමියි’ කියන්නේ නම් ඒ කාරණය සිදුනොවේ.
http://pitaka.lk/252127/cs,aps
 

Saturday, April 22, 2017

ආර්ය මග - කියවා සැනසෙන්නට නොව ප්‍රයෝගිකව කරන්නටයි.


බුදුන් වහන්සේ දෙසුවේ තමාව කැඩපතක් කරගන්න කියල, තවත් අයුරකින් දෙසුවේ තමන්ව සැමවිටම උපමා කරගන්න කියාය. සබ්බ සුත්‍රයේ ද රෝහිතස්ස සුත්‍රයේද දෙසූයේ "සිත් සහිත සඥා සහිත මේ බඹයක් පමණ සිරුර තුල ලෝකය පනවමි" යන්නයි. ආර්ය මගට යොදාගන්න ලෝකයද මෙයයි. අවිය මයිත්‍රීයයි.

තමා පර්යංකයේ කොන්ද බෙල්ල කෙලින් තියාගෙන වම් අත උඩ දකුණු අත තබමින් හිඳ ගන්න. (පර්යංකය අපහසු අයට ඕනෑම ඉරියව්වක සිට මේක කල හැකිය. පුටුවක වාඩි වී හෝ, ඇඳේ නිදාගනිමින් හෝ කුමන ඉරියව්වක සිට කල හැකිය) දෙඇස් වසා එකවරක් පමණක් මෙසේ අධිෂ්ඨාන කරන්න.

"මා මේ විදර්ශනාව තුලින් සෝවාන් මාර්ග ඵල නිවනට පත් වෙත්වා !" යැයි අධිෂ්ඨාන කරන්න. මෙය නැවත භාවනාවට පැමිණීමේදී අධිෂ්ඨාන කිරීමෙන් වලකින්න. මන්ද යත් සිතට මෙසේ යම් විධානකයක් කළ විට සිත විසින් එය අදාළ ප්‍රතිපදාව කරනා විටදී ඉටු කර දෙන හෙයිනි. එසේම පැයක් විදර්ශනාවේ සිටීමටද අධිෂ්ඨාන කරගන්න

මා මෙසේ රුප කොටස් 25 කට බෙදා ගත්තෙමි. තමාට රුචි පරිදි තම කය රුප කලාප වලට බෙදාගත්තාට කම් නැත. මෙසේ පහත දක්වා ඇති පරිදි හෝ තමාට රුචි අයුරින් රුප කලාපවලට බෙදා පිට සිට තමාගේ කයම දකිනවා යැයි සිතින් දකින්න.

1 හිස් මුදුන
2 නළල
3 දකුණු ඇස
4 වම් ඇස
5 නහය
6 දකුණු කම්මුල
7 වම් කම්මුල
8 තොල
9 නිකට
10 බෙල්ල
11 පපුව (තන පුඩු වලින් උඩ)
12 තන පුඩු වලින් පහල බඩ තෙක්
13 බුරියෙන් ඉහල කොටස
14 බුරියෙන් පහල කොටස
15 යටි බඩ
16 දකුණු කකුල දණහිස දක්වා
17 දකුණු දණහිස
18 දකුණු දන හිසේ සිට කකුලේ විලුඹ දක්වා
19 විලුඹ සිට ඇඟිලි දක්වා
20 දකුණු පයේ ඇඟිලි
21 වම් කකුල දණහිස දක්වා
22 වම් දණහිස
23 වම් දන හිසේ සිට කකුලේ විලුඹ දක්වා
24 විලුඹ සිට ඇඟිලි දක්වා
25 වම් පයේ ඇඟිලි

හිස් මුදුන සිතින් දැක ස්පර්ශ කර මෙසේ මයිත්‍රී කරන්න. "සියලු සත්වයෝ නිරෝගී වෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා" ලෙස. මේ පිලිවෙලම තබා ගත යුතු වේ. මන්ද යත් ඔබ හිස් මුදුන සිතින් බැලු පමණකින් එහි නාම රුප ඉපදේ, එනම් ජීවියෙක් ඉපදේ. එම ජීවියා ඉපදෙන්නේ රාග, ද්වේශ, මෝහ, නමැති ලෙඩ ගොන්නත් සමගය, ලෙඩ ගොහොරකින් සමන්විත වූ හිස් මුදුනේ ඉපදුනු ජීවියාට මෙත් වැඩිය යුත්තේ "නිරෝගී වෙත්වා" කියාය. එම ජීවියා ලෙඩින් ඉපිද ජිවත් වන්නේ දුකින්ය. එහෙයින් එම පැවැත්මට "නිදුක් වෙත්වා" යැයි ආශිර්වාද කරයි. එයින් පිටවන විට "සුවපත් වෙත්වා" යැයි කියන්නේ දුකින් පෙලෙන ජීවියා ඉන් මිදවීම පිණිසය. මෙසේ හිස් මුදුනේ සිට නළල් තලයට පැමිණ සිතින් නළල් තලය ස්පර්ශ කරමින් ඉහත පරිදිම මයිත්‍රී කරන්න. මෙසේ මයිත්‍රී කරන්නේ ඇයි දැයි පසුව ප්‍රඥාව මෝරනවාත් සමගම ඔබට වැටහේවි.

මෙසේ විදසුන් වැඩීමේදී භාවනාවට බාධා වන අයුරින් භාහිරින් ශබ්ධයක් ඇසුනොත් එයටද මයිත්‍රී කරන්න. නැවත රූප කලාප වලට පැමිණෙන්න. තමා නතර කළ රූප කලාපය මතක නැතිනම් නැවත හිස් මුදුනින් ආරම්භ කලාට කමක් නැත. මෙසේ විදසුන් වැඩීමේදී මදුරුවෙක්, කුහුඹුවෙක් හෝ ඔබේ ගතට වේදනා ලෙස ඇන්නේ නම් එම වේදනාවටද මෙසේ මයිත්‍රී කරන්න. වේදනාව දුරු වනු ඇත. මෙසේ තවදුරටත් විදසුන් වැඩීමේදී පාදයේ බාහු මතින් දරුණු ගනයේ වේදනාවන් ඉපදෙන්න පුළුවන්, එම වෙදනාවන්ටද මයිත්‍රී කරන්න. වේදනාව නිම වුයේ නැතිනම් තුන් වරක් මෙසේ එම වේදනාවන්ට මයිත්‍රී කර රූප කලාප වලට පැමිණෙන්න.

මෙසේ කිරීමේදී ඔබේ සිතට නොයෙක් සිතුවිලි පහල විය හැක. එම සිතුවිලිවලට ගලා එන්නට සලස්වා එම සිතුවිල්ලටද මයිත්‍රී කරන්න. සිතුවිල්ල අතහැරෙනු ඇත. කම්මැලි කමක් කුසිත කමක් ඇතිවුවහොත් එයටද මයිත්‍රී කරන්න. නිදිමතක් ඇතිවූවහොත් එයටද මයිත්‍රී කරන්න. කකුලේ දරාගත නොහැකි එනම් ඉවසිය නොහැකි වේදනා මතු වේ නම් ඔබට දිග හැරීමට ඉඩක් සලසා දෙයි, මෙසේ දිග හැරීමේදී පවා එම ක්‍රියාවටද මයිත්‍රී කරන්න. පුළුවන් තරම් කකුල් දිග නොහැරීමට වග බලා ගන්නේ නම් යහපත්.

මෙසේ විදර්ශනාව තුල සිදුවන සෑම අපහසුතාවයකටම මයිත්‍රී කරන්න. මෙසේ පැයක් කය නොසොල්වා කරගෙන යන්න.

සාමාන්‍ය දිවියේදී කන බොන විට පවා කෑම වල රසයටද මයිත්‍රී කිරීමෙන් එයද විදර්ශනාවට එකතු වේ. පාරේ ඇවිදින විටදීද අදාළ පියවර ද, චලනයන්ද දකිමින් මයිත්‍රී කල විටද එයද විදර්ශනාවට එකතු වේ. වැසිකිලි කැසිකිලි කෘත්යයේදී පවා මයිත්‍රී කිරීම පුරුදු පුහුණු කලේ නම් එයද විදර්ශනාවට එකතු වේ. මෙසේ එදිනෙදා දිවියේදී ක්‍රියාවන්ටද එම ක්‍රියාව දෙස බලමින් මයිත්‍රී කරන්නේ නම් ඵලය ඉක්මන් වනු ඇත.

එනම් සාමාන්‍ය දිවියේදී

රුපයක් දැක විට එයටද මයිත්‍රී කර අතහරින්න
ශබ්ධයක් අසුන විට එයටද මයිත්‍රී කර අතහරින්න
ගන්ධයක් දැනුන විට එයටද මයිත්‍රී කර අතහරින්න
දිවට රස දැනුන විට එයටද මයිත්‍රී කර අතහරින්න
ස්පර්ශයක් දැනෙන විට එයටද මයිත්‍රී කර අතහරින්න

මයිත්‍රීය යනු සෙනෙහෙපෑමක් නොව අතහැර නොඇලිමට යොදාගන්නා අවියයි

මෙසේ පැයෙන් පැය දවසට පැය පහක්වත් කරන්නේ නම් අගනේය,
කාර්යබහුල දිවියේදී හැකිපමණ විදසුනට වාඩි වන්නේ නම් යහපත ඔබටම මිස අන් කවරෙක්ටද ^_^

අවසානයේදී සෝවාන් මාර්ග ඵල නිවණ ස්පර්ශ කරනු ඇත. සකෘදාගාමී, අනාගාමි, අරිහත් යන උත්තම ඵල නෙලා ගැනීමට විර්යෙන් කළ යුතු අභ්‍යාසයද මෙයයි.

සෝවාන් මාර්ග ඵල නිවණ - මං සලකුණු - (ආර්යයන්ට පමණි - පෘතග්ජනයන් කියවා සිත කුරුවල් කර නොගන්න)

අනුපස්සනාවේ සෑහෙන වෙලාවක් ගතවූ විට හිටි ගමන් තමුන්ගේ කය ගල් ගැසී, පරම සුවයක් කය පුරා පැතිරී ගියේ නම්ද, මෙම තත්ත්වය තිබුනේ ඇසුරක් සැන කිහිපයක් ගහන කාලයක් නම්ද හිතත් කයත් මොහොතකට භෞතිකව වෙන් වූ බවත් දැක්කේ නම් ද, හිත නැති කය මල මිනියක් සේ ගල් වූ බව දැක්කේ නම් ද, කයින් වෙන් වූ හිතේ ස්වභාවය කය සිසාරා පැතිරී ගිය සුවය බවට අවබෝධ වුයේ නම් මේ සුවය පැතිරුණු සුළු වෙලාවේදී සිත නියම පවිත්‍ර භාවයට පත් උණු බවත් ආර්ය පර්යේෂණයේ ආරම්භක ඵලය නිවන් සුවය ලද බවත් තවද කුසලයේ (නොඇලීමේ) ප්‍රථම ඵලයද මේ නිවන් සුවයම බව අවබෝධය ලැබුවේ නම් හේ සතර අපායෙන් මිදුන සොතාපන්නයෙක්මැයි.

සැලකිය යුතුයි - අදාළ සංයෝජන දුරු වූ බව දසුනෙන් පහ වූ විටම අවබෝධ කරගනී.

සකෘදාගාමි මාර්ග ඵල නිවණ - මං සලකුණු -

අභ්‍යාසය එක දිගට මෙසේ කරගෙන යාමේදී වරෙක බඩ පිම්බෙන හැකිලෙන ස්වභාවයක් නිරීක්ෂණය කරමින් පසුව මේ තත්ත්වය නැති වී මුළු කයේම රෝම කුප තුලින් ආශ්වාස ප්‍රශ්වාස කරන බවක්ද, මුළු ශරීරයම පිම්බෙන හැකිලෙන ස්වභාවයක්ද දක්නට ලැබෙයි. එම තත්ත්වය දින කිහිපයකින් අතුරුදහන් වී දින කිහිපයක් ආර්ය බ්‍රහ්ම චර්යාවේ යෙදීමෙන් උඩු තොලටත් විදුරු මසටත් අතර නාඩි ගැසීමක් වැනි දෙයක් මතු වේ නම්ද, එය ඉතා සිහින්ව ආරම්භ වී පසුව තරමක් වේදනාවක් සේ වර්ධනය වෙමින් පසුව එම ගැස්මක් ටික දිනකින් අතුරුදහන් වේ නම්, තවත් ටික දිනකින් එම ගැස්ම ඉතා සියුම්ව දිව අග පවතින බව ප්‍රකටව දැකගත්තේ නම් ද මේ අවස්ථාවේදී කාමරාඝ පටිඝ තුනී වීද ඒ නම් සකෘදාගාමි ඵලය ලැබුවෙකි.

අනාගාමි මාර්ග ඵල නිවණ - මං සලකුණු
සකදාගාමී ඵලය ලැබීමෙන් අනතුරුව, දින කිහිපයකින් විවේක සුවයෙන් ගතකොට නැවත අභ්‍යාසයේ (විදර්ශනාවේ) නිරත වූ විට දිව අග ගැස්සිමත්, ඉඳ හිට පහල වන සාමාන්‍ය වේදනාවක් හැරුණු කොට සුවිශේෂී යමක් නිරීක්ෂණය නොවෙයි. ටික දිනකින් දිව අග චලනය වන ජිවය තුලින් පරම සුවය වහනය වන බව පෙනේ. එය ටිකෙන් ටික වර්ධනය වී ඒ සුවය හිස පුපුරන තරමට වේදනාවක් මෙන්ද තද වී දැනේ. එහෙත්, හිත, කය දෙස බැලීමට යනවිට, සුවයද ඒ සමගම ගොස් කය පුරාම පැතිරෙයි. මේ අවස්තාව වන විට, දිව අග ඇති, ගැස්මක්, කය පුරාවටම පැතිරී ගිය සුවයත්, ඉඳ හිට පහල වන සුළු වේදනාවන්ද නිරීක්ෂණය කල හැක. මේ තුලින් අනාගාමි වන විට, සෝවාන් වීමේදී ලැබූ සුවය හා සකදාගාමිවිමේදී ලැබූ ජිවය එකවරම පෙන්වමින් නිවන මෙසේ යැයි කියා නිවනේ ඇති
1. පරම සුවය
2. ජිවය සහ එවැනි දේ දැකිය හැකි
3. ප්‍රඥාව එකටම එකවරම දකියි. අනාගාමි වූ විට සාමාන්‍ය පෘතග්ජන ජීවිතයේදී මෙන් බාහිර ලෝකයේ මධුර වූ අරමුණු කරා හඹා යාමක් වන්නේ නැත. බොහෝ විට පෙර මධුර වූ ඒ අරමුණු ගැන කලකිරීමක් ඇති වෙයි. ප්‍රතික්ෂේප වෙයි.

සම්මා සම්බුදු සරණයි

10 Comments
Comments
Athula Siriwardhane
Athula Siriwardhane බුදුන් වහන්සේ දෙසූ දහමින් බැහැරව
එහි වචන භාවිතා කරමින් තනා ගන්නා
සියලු නව නිර්මාණ, රැප් කිරීම්, රි-මික්ස් කිරීම් ආදී
...See More
Vishwa Karma - විශ්ව කර්ම
Vishwa Karma - විශ්ව කර්ම තමන්ගේ පණ්ඩිත කම තමා ළඟ තියාගත්තනම් තමා හොඳ අතුල අංකල්, ඔයා හැම දේම වන වන ඉන්නවා මිසක කවදාවත් ප්‍රායෝගිකව යමක් කරල ගොඩ ගිහින් නැහැනේ. අර සිරිධම්ම සමග සංවාදෙදිත් ඔබම ලැජ්ජාවක් නැතුව කිව්වේ තමා මුකුත් කරගත්තේ නැති කෙනෙක් කියල. ඒ නිසා ඔයාට මේ ගැන හරිද වැරදිද කියල කතා කිරීමේ අයිතියක්ද නැහැ.
ලක්ෂිත
ලක්ෂිත "රුපයක් දැක විට එයටද මයිත්‍රී කර අතහරින්න ශබ්ධයක් අසුන විට එයටද මයිත්‍රී කර අතහරින්න ගන්ධයක් දැනුන විට එයටද මයිත්‍රී කර අතහරින්න දිවට රස දැනුන විට එයටද මයිත්‍රී කර අතහරින්න ස්පර්ශයක් දැනෙන විට එයටද මයිත්‍රී කර අතහරින්න" මෙහෙම දෙයක් බුද්ධ දේශනාවේ කොතනද ...See More
Vishwa Karma - විශ්ව කර්ම
Vishwa Karma - විශ්ව කර්ම ”දිට්ඨේ දිට්ඨ මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති”
Arundathi Liyanaarachchi
Arundathi Liyanaarachchi මේක මොකක්ද



https://www.facebook.com/Methth/#
https://www.facebook.com/ajax/sharer/?s=2&appid=2305272732&id=510335975819416&p[0]=510335975819416&sharer_type=all_modes&av=100000494282383&feedback_referrer=%2F&feedback_source=17