Showing posts with label පටිච්චසමුත්පාදය. Show all posts
Showing posts with label පටිච්චසමුත්පාදය. Show all posts

Saturday, July 1, 2017

වට්ටය

කරජකාය, මනෝමයකාය, සංඥාමයකාය යනුවෙන් ආත්මබාවයේ අවස්තා තිබිය හැකියැයි පොට්ටපාද සූත්‍රයේ තිබේ.
පොට්ඨපාදය, ඖදාරික වූ ආත්මප්‍රතිලාභය, මනෝමය වූ ආත්මප්‍රතිලාභය, අරූප ආත්මප්‍රතිලාභය යැ යි මේ ආත්මභාවප්‍රතිලාභ තුනෙකි.”

පොට්ඨපාදය, ඖදාරික ආත්මප්‍රතිලාභය කවරේ යැ? රූපවත් වූ සතර මහාභූතයන්ගෙන් පහළ වූ, කබලීකාරාහාරය අනුභව කරන යමෙක් වේ ද, මෙය ඖදාරික ආත්මභාවප්‍රතිලාභ යැ.

මනෝමය ආත්මප්‍රතිලාභය කවරේ යැ? රූපවත් වූ ධ්‍යාන සිතින් නිපන්, සියලු අඟපසඟින් යුත්, නොපිරිහුණු ඉඳුරන් ඇති යමෙක්වේ ද, මෙය මනෝමය ආත්මප්‍රතිලාභ යැ.

අරූපාත්මප්‍රතිලාභය කවරේ යැ? රූපවත් නොවූ සංඥාමය වූ යම් අත්බවෙක් වේ ද, මේ අරූපාත්මප්‍රතිලාභ යැ.

ශක්තියක් යන අර්ථය සම්මුතියක්. ඇත්තෙන්ම එය හුදු ක්‍රියාවක් පමණයි..

රූප කියන්නෙත් ක්‍රියාව ක්, නාම (විඤ්ඤාන) කියන්නෙත් ක්‍රියාවක්. මෙම ක්‍රියාවන්මත සකස්වන තවත් ක්‍රියාවලියක් සත්ත්වයා.
උදාහරනයකට කොස් ගසක් ගැන සිතන්න. එතැනද රූප ක්‍රියාවලියක් මෙන්ම යම් ආකාරයක නාම කුියාවක් (කොස් ගතිය) සැකසේ.
නාමය හා රූපය අනොන්‍යව පවතී.

ශබ්දයේ ගමන මෙන්, ජල තරංගයක ගමන මෙන්, කිසිවක් නොයයි නමුත් ප්‍රචාරණයක් වේ. ඒ ඒ අංශු කම්පනය වනවා පමණි.
මෙහිදී ශක්ති හුවමාරුවක් පරිවර්තනයක් සිදුවේ. චාලක ශක්තිය විභව ශක්තියට හා නැවත විභව ශක්තිය චාලක ශක්තියට. එය නිරීක්ෂණය කරන්නෙකුට තරංගයක් පැතිරෙන අන්දමක් වැටහේ.(එය නිර්මිත ක්‍රියාව යැයි ගනිමු). ආලෝකය ද මෙසේ විද්‍යුත්ශක්තිය හා චුම්භකශක්තිය අතර පරිවර්තනය හේතුවෙන් (විද්‍යුත්චුම්භක කිරණක්) පැතිරෙන්නාක මෙන් සලකනු ලබන නිර්මිත ක්‍රියාවකි.
මෙසේ යම් ද්වයතාවක් , එකිනෙකට ප්‍රත්‍යවන ක්‍රියාවලියක් පවතිනවිට ඒ සමඟ තුන්වන ක්‍රියාවක් නිරීක්ෂණය කලහැකිවේ.
මෙම ලක්ෂණය ඕනෑම ස්වභාවික ක්‍රියාවලියකට පොදුය.
ශාකයක ස්වභාවික පැවැත්මට මෙය යොදා බලමු.
ගසක් බීජයක් තුල ආහාර ගබඩා කරයි. (විභවය). බීජය ආහාර දහනය කරමින් වර්ධනය වේ.(චාලකය). මෙම ද්වයතාව මත (ආහාර ක්‍රියාව) ශාක පරපුරක පැවැත්මක් දැකිය හැක.(තෙවන ක්‍රියාව).
සත්වයන්ද (DNA) මෙවැනිම ස්වභාවික ක්‍රියාවලිය කි.
සත්වයන් අතරද ඒක ශෛලිකයන්, මිනිස් දේහ ශෛල ආදිය ගත හැක. පුද්ගලයා හෙවත් ආත්මයක් යැයි සලකනු ලබන පැවැත්මද මෙවැනිම ක්‍රියාවලියකි. එහිදී එම ක්‍රියාවලිය මනස මත සිදුවන ක්‍රියාවලියකි. (වට්ටයකි)
විඤ්ඤාණයත් නාමරූපයත් එකිනෙක ප්‍රත්‍යව ද්වයතාවක නිරතවන විට පෞද්ගලිකත්වයක් තෙවැනි ක්‍රියාවලියක් ලෙස නිරීක්ෂණය වේ.
(මායාවක් වන උපාදානස්කන්ධයක්). විඤ්ඤාණයේ හෝ නාමරූපයේ බිඳවැටීමෙන් එම වට්ටය නතරවේ.

Saturday, May 13, 2017

යමක මහා ප්‍රාතිහාරය්‍යය

 


මෙම කාරණය බුදුදහමින් විග්‍රහ වෙන විදිය පිලිබඳව යම් අදහසක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.
බුදුසහම ලෝකය අැත හා නැත යන අන්ත දෙකටම නො එලබී වෙනත් විසදුමක් ඉදිරිපත් කරයි.
එම විසඳුම නම් සම්මුති හා පරමාර්ථ යන විසදුමයි. පටිච්චසමුත්පාද විසදුමයි. මජ්ජිමාපටිපදා ලෙස ඉදිරිපත් කල විසදුමයි.
එම විසදුම යමකමහා ප්‍රාතිහාර්යයකි. එකවරම ප්‍රතිවිරුද්ධවූ අන්ත දෙකම පිලිගැනීමකි. සහ ඉන් මිදීමටද මගක් කියන්නකි.

ලෝකය දෙස බලන දෘෂ්ටිකෝනය අනුව එය පෙනෙන අන්දම වෙනස් වේ.
පරමාර්ත, ක්ෂණ ලෙස බලන විට ලෝකය නැතිබව පෙනෙන අතර,
සම්මුති, කාලය හෝ පැවැත්මට අනුව ලෝකය අැතිබව පෙනේ.

හේතුඵල වශයෙන් චක්‍රීය ක්‍රියාවලියක් වශයෙන් පටිච්චසමුත්පන්නව බැලීමෙන් මද්‍යයට එලඹීම හා ඉන් මිදීම වෙයි.
ශුන්‍යතාව හා අන්තර්වීම යනුවෙන් ZEN දහමේ සඳහන්වේ.



මනසින් දකින රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යනු ක්ෂනික පරමාර්තය.
ඒවා සම්මුති වශයෙන් ගැනීමෙන් පංචඋපාදානස්කන්ධය වේ.