Monday, May 15, 2017

අබුද්ධස්ස කාලෙට ධර්මය වනගත වේලු!






පොලොන්නරු යුගයෙන් පසු විදේශ ආක්‍රමන හේතුවෙන් රටේ සාමය පිරිහී ගියා. පොඩියෙන් හරි දීප්තියක් තිබුනේ දඹදෙනි යුගයෙදි, කුරුණෑගල යුගයෙදී පන්සිය පනස් ජාතක පොත් වහන්සෙ සම්පාදනය වනවා. කෝට්ටේ යුගයත් අභ්‍යන්තර ආරාවුල්, රටේ එක්සත් බව සාමය අදටත් අභියෝගයක්.
අනුරාධපුර රාජධානිය අවුරුදු දහසකටත් වඩා පැවතුනා. රටේ සමෘධිමත්ම යුගය. එදා තෙරවාදයේ මූලස්තානය වූ මහා විහාරයට රුවන්වැලි සෑය , ජයශ්‍රීමහාබෝධිය ආදීය, ලෝවාමහාපාය ආදිය අයත් විය.
මහාායානයේ මූලස්තානය ලෙස පැවැති අභයගිරිය ජ්‍යාත්‍යන්තර කීර්තියක් දැරූ අධ්‍යාපන ආයතනයක් විය. චීනයට පවා ධර්මදූතයින් ගියබව සදහන්ය. - දේවසාරා මෙහෙනින්වහන්සෙ.
මහායානයේ මූලික කෘතියක් වන ලංකාවතාර සූත්‍රයේ එදා ලංකාවේ අතීත තොරතුරු හා කාර්‍ය්‍යභාරය දැක්වේ.
මහායාන අභියෝගයට - විමුක්ති මාර්ගයට - තෙරවාදී පිලිතුර වූයේ - විසුද්ධිමාර්ගයයි.
ලංකාව යටත් විජිතයක් වූවාට චීන, කොරියන්, බුරුම ආදී රටවල් පූර්ණ ලෙස යටත් නොවුන බැවින් පෙර සිට රැගෙන ආ සම්ප්‍රදායයන් සුරැකිනි.

තෙරවාද සම්ප්‍රදාය ධර්මය රැකගැනීම තම ප්‍රමුඛ කාර්යය ලෙස සැලකූ අතර, මහායානය යාවත්කාලීන වෙමින්, නව අභියෝගයන් සොයා ගිය ප්‍රතිසංස්කාරණ වාදීන් වූහ. ජපන් zen එවන් වූ කාලීන නවතාවකි.
ටිබෙටය දැනුම රඳවාගත් භාන්ඩාගාරයකි. එහි සෑම සම්ප්‍රදායකටම අයත් කෘති වල පරිවර්තන සුරැකී තිබුනි. චීන හා ටිබෙට් පරිවර්තන හා සැසඳීමෙන් තෙරවාදී ත්‍රිපිටකයේ ඉපැරනි බවත් පූර්ණ බවත් තහවුරු විය.
මහායානිකයින් අන් සම්ප්‍රදායයන් ගැන අතීතයේ සිටම උනන්දුවිය. ෆාහියන් ආදී චීන භික්ෂූන් ලංකාවට පවා ධර්මය සොයා පැමිනඇත.
මහායානිකයින් නූතන විද්‍යාත්මක අදහස් හා මත ධර්මානුකූලව වටහා ගැනීමේ රුසියෝය. බටහිර ද්විකෝටික (බූලියන්)(0 1) තර්ක ක්‍රමය මත චින්තනය මෙහෙයවන විට, පෙරදිග චතුස්කොටිකයටත් නොවන (Fazey) තර්කනය ප්‍රිය කරයි. එබැවින් නූතන ක්වොන්ටම් සංකල්ප පවා ධර්මානුකූලව වටහාගැනීමේ නිපුනතාවක් ඔවුන් සතුය.
ඇත හා නැත යන අන්ත ඉක්මවූ, මධ්‍යයද ඉක්මවන්නාවූ, පටිච්චසමුත්පන්නවූ, සම්මුති හා පරමාර්තවූ, කාලිකය තුලින් අකාලික වන්නාවූ, මජ්ජිමාපටිපදාවක් තුලින් එකම මාර්ගයක් පනවන්නාවූ, වෙනස් නොවන ඒකාන්ත සත්‍ය ලෙස චතුරාර්‍යසත්‍ය දර්ශනය අවසන් කොට අැත්තාවූ, විමුක්තිය ජිවිත කාලය තුලම ප්‍රත්‍යක්ෂකට යුතුවූ, ජීවන ක්‍රමයක් ඔවුන් සතුය.
සංසාරය පවතිනුයේ අවිද්‍යාවක් මත නම්, විද්‍යාව උපදවාගැනීම සඳහා විප්ලවකාරී චින්තනයක් අත්‍යවශ්‍යය සාධකයකි. එබැවින් එම අභියෝගයට මුහුනදීමේ හැකියාව ඇති ජනතාවක් සිටින සංස්කෘතියකින්ම රහතුන්බිහිවනු ඇත.
අනුරාධපුර යුගයේදී රහතුන් ගෙන් පිරී පැවතුන බව ඉතිහාස ගතව ඇත. එබැවින් නුදුරු අනාගතයේදීද ඉතිහාසය නැවත සිදුනොවේ යැයි කිව හැකිද?

No comments:

Post a Comment