සිංහලයා සහ බුදුදහම

[ත්‍රිපිටක⁣යේ මජ්ඣිම නිකායේ මූළපණ්ණාසකයෙහි අති පූජනීය කෝදාගොඩ ඤාණාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලියූ සංඥාපනයෙනි, ]

පමණ විසින් බලත් ම, අප දිවයින කුඩාවුව ද, එය බුද්ධශසෙසනයෙහි සිද්ධක්ෂෙත්‍රය විසින් සැලකිය හෙන්නේ ය. අද ලොක්යෙහි ප්‍රවචනපාළිය පවත්නෙ එය ලක්දිව සිංහල මහතෙරවරුන් ලියා තැබූ හෙයිනි. ඉදින් එචා මුඛ පරම්පරායෙන් ගෙන ආ තෙවළාදහම මාතාලේ අලුවිහාරයේ දී නො ලියුහු නම්, ලොව ත්‍රිපිටක පාළියෙක් නැත. හැම ත්‍රිපිටක අර්ථකථායෙක් සිය බසින් නිරවුල් ව මෙහි පැවතිණ. ස්ථවිරවාද සංඛ්‍යාත විභජ්ජවාදයෙහි සිද්ධක්ෂෙත්‍රය වන අනුරාධපුර මහාවිහාරය සිංහලන් විසින් ම ගොඩනැංවිණ. බුදුන් පහළ වැ දහම් දෙසු දඹදිව් තෙලෙහි සිට ඒ බුදුන්ගේ දහම නිසිසේ දක්නට බුද්ධඝොසාචාරීන් වහන්සේ බඳු මහ පඬිවරුන් සිංහලද්විපයට පැමිණීම ද සිංහලයන් කෙරෙහි පැවැති ධර්මඥාන මහිමය දක්වන සාධකයෙකි.
සම්බුද්ධ ශාසනභාරය නි:ශෙෂයෙන් සිංහල වර්ගයා කෙරෙහි රැඳීයන බව දැනැ එය උන් කෙරෙහි පිහිටුවනු සඳහා මෙහි වැඩි මිහිඳු මහ රහතන් වහන්සේ සිංහලයන්ට පළමු මැ දෙසූ දහම වන චූළහත්ථිපදොපම සූත්‍රය මෙ මැදුම්සඟියෙහි ඇතුළත් වෙයි. එයින් සිංහල ජාතිය බුද්ධශාසනයෙහි උපාසකත්වයට පැමිණ වූයේ මෙ මජ්ඣිමාගම යයි සලකන්නේය.

No comments:

Post a Comment