Saturday, May 6, 2017

..."මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද, රූපය නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යය,” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුකය,” “යමක් අනිත්‍යයද, දුකද පෙරලෙන සුලුද, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි කියා දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි, එය නොවේමය.”
මේ අනත්තලක්ඛණ සූත්‍රයේ කොටසකි  මෙහිදි මම නොවේ මාගේ නොවේ මගේ ආත්මය නොවේ කියා මෙනෙහි කිරිමක්(දකීමට පෙර) ගැන නොකියවේ. එනම් පංචඋපාදානස්ඛන්ධයන් පැහැදිලිව පිරිසිදුව දුටුවිට(පරමාර්ථ ධර්ම, සම්මුති නොවේ.) මෙතෙක් මම දකිනවා මම අහනවා කියා හැදින්වූයේ මේ ක්‍රියාදාමයට මේ ධර්මතා වල⁣ට බව පෙනෙන්නට පටන් ගනී ඒ ධර්මතා  ඒවා අනුකූල හේතුඵල ස්වභාවයකින් ක්‍රියාකරනවා මිස ඒවාට බලපෑම් කල හැකි කිසිවෙක් නැති බව පෙනෙන්නට පටන් ගනී. අත්ම එනම් තමා වශයෙහි පැවැත්විය හැකි බවක් නැති බව දකී. එසේම ඒ ධර්මගොනුව එකක් ලෙස ගෙන මම කිවුවා මිස ඒ තුල ධර්මතා වලට අමතරව කිසිවක් නැති බව දකී. පෙර මම රැෑපයක් දකිනවා කියා කිවුවත් මම නැතිවද රැෑපයක් දැකීම ආදී දේ සිදුවන බව දකී. මේ දැකීම් සියල්ල ප්‍රත්‍යක්ෂ දර්ශණය මත සිදුවන්නකි. මේ අනත්තලක්ඛණ සූත්‍රය දේශණා කලේද "යංකිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං" යන ප්‍රත්‍යක්ෂ දර්ශණයට පත් වූ පිරිසකටයි.
එබැවින් මෙය ප්‍රත්‍යක්ෂයෙන්  දකින්නට පෙර මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියා මෙනෙහි කිරීම යමක් හිතාගෙන දර්ශණයෙන් තොර සංඥාවක් ගෙන මෙනෙහි කිරීමකි. එය නිවැරදිම දෙයක් නොවන මුත් යමෙකුට කෙලෙස් අඩුකරගැනීමට ⁣එය හේතුවිය හැකිය.

No comments:

Post a Comment