Thursday, June 8, 2017

චක්‍රය



 උත්තර දෙන්න වචන සංකල්ප තියෙන්න ඕනෑ. සිතීමට පවා සංකල්ප ඕන. සසරට පවා සංකල්ප ආහාරයක් වෙනව. අපි කුඩා කල සිට මේ දක්වා ඉන්න බව, තියෙන බව කියන හැම දෙයක්ම සංකල්ප ම වුවත්, මේ සංකල්පයන් සත්ව පැවැත්මට හේතුවක් (සාධකයක් පමණි).
අපි තේරුම් ගැනීමට උදාහරණයක් සලකමු.
කොස් හා අඹ සලකමු. මෙම කොස් ගතිය පරමානුවල හෝ රසායනද්‍රව්‍යය වල ම ලක්ෂනයක් නම් කොස් හා අඹ  වෙන් කල නොහැකි වෙනව. නමුත් ජීව (bio) මට්ටමින් (ජාන) මට්ටම කියමු. වෙනස් කම් (පරිනාමය හෝ විකෘති) නිසා බාහිර ගස් වර්ගයට බලපෑමක් තියෙනව.
සත්වයන්ගේ මනසක් සහ චරිතලක්ෂණ ත් මෙසේ බාහිර මොලයට සිරුරට බලපානව. කෝපය රාගය වැනි හැඟීම් මනසත් සිරුරත් පරිනාමනයකට ලක්කරවන සාධක වෙනව. චරිත ලක්ෂණ හෝ භවය සැකසෙනව. මේ භවය ජාතියට හේතුවන්නේ කෙසේද?
අඹ ගසෙන් අඹබීජ සැකසීමත් එවා හේතුවෙන් තව අමතර සාධකද බලපෑමෙන් නැවත වෙනත් ගසක් වුනත් අඹ වගේ ගසක් හැදෙනව. මේ පෙර තිබූ ගසම නොවන අතර එයින් පූර්ණව ස්වාධීන වූ වක් ද නොවේ.
පුද්ගලයා ගේ චරිත ලක්ෂණ මේ බීජ වැනිය. ඒවා සුදුදු බිමක වැටුනොත් (මව් කුසක් හෝ අන් කුසක් ජීවින් හට ගන්නා තැනක්) එය හේතුවක්වී පැවැත්මක් ගෙනයයි. මේ භවයේ ජීවිතයට පෙර බවයක බලපෑම එවැනිය.
චරිතය බිංදුව දක්වා ගෙවීඇත්නම් පැවැත්මට (පෞද්ගලික) පදනමක් නැත.
Identity ක් තිබේනම් එහි බලපෑම නැතිනොවේ.
සංකල්ප(සංඛාර) විඤ්ඤානයටත් එය මනසටත් (නාමරූප) එය සිරුරටත් (ෂඩායතන) එය ඉන්ද්‍රිය ස්පර්ෂය ටත් නැවත සංකල්ප සංඛාර නිර්මානයටත් එකිනෙක ප්‍රත්‍යය වීමෙන් චක්‍රීය ක්‍රියාවලියක් සැකසේ.

No comments:

Post a Comment