චක්ඛු සම්ඵස්ස
සෝත සම්ඵස්ස
ඝාණ සම්ඵස්ස
ජිව්හා සම්ඵස්ස
කාය සම්ඵස්ස
මනෝ සම්ඵස්ස
එක ස්පර්ශ ආයතනයකට ප‍්‍රධාන වශයෙන් කාරණා තුනක් එකතු වෙනවා.
චක්ඛු සම්ඵස්සයට - චක්ඛුං පටිච්ච රූපෙච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සො... චක්ඛු සම්ඵස්ස කියන කොට ඇහැත්, රූපයත්, චක්ඛු විඤ්ඤාණයත් තුන් දෙනාගෙ එකතුව ස්පර්ශය... ස්පර්ශය වුනොත් වේදනා, සංඥා, චේතනා හටගන්නවා. මේ වේදනා, සංඥා, චේතනා ස්පර්ශය අනුව ගිය ධර්මයන්... වේදනා, සංඥාවන් ඵස්ස සම්ප‍්‍රයුක්තයි.
මේ සිදුවීම දැකගන්න...
චක්ඛු ව හෙවත් චක්ඛුඉන්ද්‍රිය චක්කායතනය නොවෙයි.
චක්ඛු + රෑප = චක්ඛු විඤ්ඤාණය. (ධාතු ක්‍රියාව - රූප) *(පෙර පියවර).*
මේ තුනේ එක්වයාමයි (තින්නං සංගති) ස්පර්ශය (ඵස්සෝ).
එතකොට ස්පර්ෂ නොවන අවස්තාත් තිබෙනවද? (ඇස් ඇරගෙන සිටියත් නොපෙනෙන නොදැනෙන?)
ඒ වේදනා සංඥා චේතනා ඵස්ස මනසිකාර යන නාම (ස්කන්ධයෝ්) හට නොගත් බැවිනි. එනම් ආයතන පහල නොවූ බැවිනි. මේ මනසින් කෙරෙන ස්පර්ෂය නම් වූ (පසු පියවරයි.)* මේ සත්‍ය වශයෙන් දැනෙන ස්පර්ශයයි.
මේ දැනෙන අවස්ථාවේ එම දැනීම (මනෝ සම්පස්සය) පැති තුනකින් වැටහේ. (අර්තසීමනය වේ). එනම් ස්කන්ධ, ධාතු හා ආයතන වශයෙනි.
ස්කන්ධයෝ මම වශයෙන්ද,(අභ්‍යන්තර)
ආයතනයෝ මගේ වශයෙන්ද,
ධාතු දේවල් (බාහිර) වශයෙනුත් ය.
මෙම වෙන්කර දැනීම වි + ඥාණය = විඤ්ඤාණය යන්නෙහි එක් අර්තයකි. (සනිදස්සන විඤ්ඤාණය).
ස්පර්ෂය ස්පර්ෂයක් ලෙසම වැටහේ නම් , ස්කන්ධ, ධාතු ආයතනයන් ක්‍රමයෙන් නිරුද්ධ වී යාමෙන් (ගෙවී යාමෙන්) විඤ්ඤානයේ නිරුද්ධවීම සිදුවේ.(අනිදස්සන විඤ්ඤාණය).
Very Good Explanation for Passa.
ReplyDelete