Tuesday, May 9, 2017

සිත හා මනස

සිත" මනස නොවෙයි..මනස සිත නොවෙයි.
සිත කුමක්ද..?මනස කුමක්ද?
මුල් සිතේ ප්‍රභාශ්වරය කුමක්ද?
රාග අඛ්ඛය
ද්වේශ අඛ්ඛය
මෝහ අඛ්ඛය
යනුවෙන් අදහස් වන්නේ කුමක්ද..?
මුල් සිතේ ප්‍රභාශ්වරය සමඟ රාග,ද්වේශ ,මෝහ යෙදෙන්නේ කෙසේද?
============================

මනස යනු සිතිවිලි නිසා සැකසෙන්නක්.
එනම් රූප, වේදනා, සංඥා, සංඛාර නිසා වූ විඤ්ඤානයයි.

මුල් සිත රූපය නිසා වන වේදනා හා සංඥා යි. ඒවා සංස්කරණය අනුව විඤ්ඤාණ වේ. සංස්කරණය අභිසංස්කරනයක් නම් විඤ්ඤාණය අභිසංඛතයි (කර්‍මජ).
එසේ නොවේ නම් විසංඞ්කාරයි.

මුල් සිතේ ප්‍රභාස්වරය යනු කෙලෙසුන්ගෙන් කිලිටි නොවුන බවයි.
කෙලෙසුන් නම් රාග, ද්වේශ හා මෝහයි.
කෙලෙස් ඇතිවිට, ප්‍රභාස්වර සිත (විඤ්ඤානය) සංස්කරනයට ලක්වේ.
කෙලෙස් සුන් විට සංස්කරණය නොවේ. දිට්ටේ දිට්ටමත්තං.

කෙලෙස් හටගත්තාවූ දෙයක් ම බැවින් නැවත නැවත පෝෂනය නොකරන්නේ නම් සිදීයයි. ⁣ ක්ෂය හෙවත් ඛය වේ.

රාගය හා ද්වෙශය සීලයෙන් හා සමාධියෙන් නිලීනවන අතර, ප්‍රඥාව නිසා සිදුවන මෝහදුර දුරුවීමෙන් සමුච්ජේදප්‍රහානය සිදුවේ.


එනම් රාග ද්වේශ මෝහ හටනොගන්නා බවට පත්වීම. හෙවත්  අවිද්‍යාව (මෝහ) දුරුවීම, විද්‍යාව පහලවීමයි.

----------------------------

මුල් ප්‍රභෂ්වරය නිවනයි කියන අයටයි මේ ...
ආභස්සර සත්වයා කියන්නෙ ඇයි ?
මුල් ප්‍රභාෂ්වරය තුල අවිදය්‍යාව නැද්ද ?
මුල් ප්‍රභාෂ්වරය ආගන්තුක කෙලෙස් වලින් කිලිටි වූ වා කියන්නෙම නොදන්න කම නිසා නෙවේද ?

===================================


අාභස්වර සත්වයා - අාලෝකය බවට පත්වූ සත්වයා. රූප අරමුනක ධ්‍යාන වැඩීමෙන් ඒම බඹ තලයට පත්වේ. ලෝක විනාශයේදී සියලු සත්වයන් මේ තත්වයට පත්වනවා යැයි කියයි.

මුල් ප්‍රභාෂ්වරය - සිතක මුල් අවස්තාව (විපාකය), රූප, වේදනා හා සඣා. මේවා මත සංස්කරනය - අවිද්‍යා සහගත වීම - නිසා කර්ම විඤ්ඤානය සැකසේ. අවිද්‍යාව නොයෙදෙන අසෙඛයන්ට ක්‍රියා සිත් පමණි.


අවිද්‍යාව අාදී අාගන්තුක කෙලෙස් යෙදීම නිසා කිලිටිවීම සෑම පෘතග්ජන සිතකම සිදුවේ.


ඒම සිදුවීමට නොදන්නාකම යැයි කියන්නේ දන්නාවුන්ට සාපේක්ෂකවය. දන්නාවුන්ට අවිද්‍යාව නොයෙදෙන බැවිනි.


----------------------------------------------

Saturday, May 6, 2017

..."මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද, රූපය නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යය,” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුකය,” “යමක් අනිත්‍යයද, දුකද පෙරලෙන සුලුද, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි කියා දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි, එය නොවේමය.”
මේ අනත්තලක්ඛණ සූත්‍රයේ කොටසකි  මෙහිදි මම නොවේ මාගේ නොවේ මගේ ආත්මය නොවේ කියා මෙනෙහි කිරිමක්(දකීමට පෙර) ගැන නොකියවේ. එනම් පංචඋපාදානස්ඛන්ධයන් පැහැදිලිව පිරිසිදුව දුටුවිට(පරමාර්ථ ධර්ම, සම්මුති නොවේ.) මෙතෙක් මම දකිනවා මම අහනවා කියා හැදින්වූයේ මේ ක්‍රියාදාමයට මේ ධර්මතා වල⁣ට බව පෙනෙන්නට පටන් ගනී ඒ ධර්මතා  ඒවා අනුකූල හේතුඵල ස්වභාවයකින් ක්‍රියාකරනවා මිස ඒවාට බලපෑම් කල හැකි කිසිවෙක් නැති බව පෙනෙන්නට පටන් ගනී. අත්ම එනම් තමා වශයෙහි පැවැත්විය හැකි බවක් නැති බව දකී. එසේම ඒ ධර්මගොනුව එකක් ලෙස ගෙන මම කිවුවා මිස ඒ තුල ධර්මතා වලට අමතරව කිසිවක් නැති බව දකී. පෙර මම රැෑපයක් දකිනවා කියා කිවුවත් මම නැතිවද රැෑපයක් දැකීම ආදී දේ සිදුවන බව දකී. මේ දැකීම් සියල්ල ප්‍රත්‍යක්ෂ දර්ශණය මත සිදුවන්නකි. මේ අනත්තලක්ඛණ සූත්‍රය දේශණා කලේද "යංකිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං" යන ප්‍රත්‍යක්ෂ දර්ශණයට පත් වූ පිරිසකටයි.
එබැවින් මෙය ප්‍රත්‍යක්ෂයෙන්  දකින්නට පෙර මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියා මෙනෙහි කිරීම යමක් හිතාගෙන දර්ශණයෙන් තොර සංඥාවක් ගෙන මෙනෙහි කිරීමකි. එය නිවැරදිම දෙයක් නොවන මුත් යමෙකුට කෙලෙස් අඩුකරගැනීමට ⁣එය හේතුවිය හැකිය.