Thursday, April 20, 2017

බුදු දහම සහ බුද්ධ සාසනය

මූණු පොතේ Pannaloka Thero විසිනි.

බුදු දහම යනු කුමක්‌ද සහ (සිංහල) බුද්ධ සාසනය යනු කුමක්‌ද ?

බුදුරජාණන් වහන්සේ විසින්ම බුදු දහම යනු කුමක්‌දැයි හඳුන්වා දෙනු ලැබූ අවස්‌ථා ත්‍රිපිටක පාළියේ නොයෙක්‌ විට හමුවේ. ඒ අනුව සංයුක්‌ත නිකාය
ේ නගර සූත්‍රයේ දී.... අද්දසං පුරාණං මග්ගං පුරාණඤ්ජසං පුබ්බකෙහි සම්මා සම්බුද්ධෙහි අනුයාතං" ආදී වශයෙන් සඳහන් වන්නේ පෙර බුදුවරයන් වහන්සේලා ද ගමන් කළ පැරණි මගක්‌ ලෙස ධර්ම මාර්ගය හඳුන්වාදී තිබේ. බුදු දහම පැරණි නගරයකට උපමා කොට ඇති අතර, බුදුරජාණන් වහන්සේ විසින් සිදුකර ඇත්තේ එකී නගරයට යා හැකි මාර්ගය අන්‍යන්ට හෙළිකර දීමයි. සරලව ගත් කල්හි සමස්‌ත විශ්වයේම අනිත්‍ය දුක්‌ඛ අනාත්ම ස්‌වාභාවය පැහැදිලි කරන ධර්මය බුදු දහමයි. ඒ අනුව බුදු දහම ලොව පවතින ක්‍රියාකාරිත්වයේ යථා ස්‌වාභාවය පැහැදිලි කරදෙන අතර කවුරුන් හෝ යමෙක්‌ එය පිළිගත්ත ද නොපිළිගත්ත ද සමස්‌ත විශ්වයේම යථාර්ථය අනාවරණය කිරීම බුදු දහමේ කාර්යයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට ජාතියෙන් ජාතියට හෝ රටෙන් රටට වෙනස්‌ වන්නක්‌ නොවේ. මේ නයින් ගත් විට බුදු දහම විශ්වීය වේ. බෞද්ධ, අබෞද්ධ කාටත් එය පොදුය.

එසේනම් බුද්ධ සාසනය යනුවෙන් අදහස්‌ කෙරෙන්නේ කුමක්‌ද? බුද්ධ, ධම්ම, සංඝ ත්‍රිවිධ රත්නය සහ බුදු දහම අනුගමනය කරන උපාසක, උපාසිකා යන පිරිස බුද්ධ සාසනයට ඇතුළත් වේ. බුදු දහම ලි�තව ඉදිරිපත් වී ඇති ත්‍රිපිටකය සහ අනෙකුත් ධර්ම ග්‍රන්ථද ධම්ම ගණයට ඇතුළත්ය. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය නියෝජනය කරන ත්‍රිවිධ චෛත්‍ය ඇතුළු බෞද්ධ සංකේතද බුද්ධ සාසනයට ඇතුළත් වේ. එසේම ත්‍රිවිධ රත්නය කෙරෙහි පූජා කොට ඇති ඕනෑම භෞතික වස්‌තුවක්‌ බුද්ධ සාසනයට ඇතුළත් වේ. බුදු දහමත් බෞද්ධ සිරිත් විරිත්, පුද පූජා ක්‍රම සහ ලි�ත හෝ අලි�ත යම් සම්ප්‍රදායික පිළිගැනීම් ආදිය ද බුද්ධ සාසනයටම ඇතුළත් වේ. මේ සියල්ල පොදුවේ බුද්ධ සාසනය ලෙස සැලකේ. එබැවින් භෞතික සහ භෞතික නොවන යනුවෙන් බුද්ධ සාසනය කොටස්‌ දෙකකින් යුක්‌තය.

ඒ අනුව බුදු දහම විශ්වීය වූවාට බුද්ධ සාසනය විශ්වීය නොවන්නේය. බුදු දහම අකාලික වූවාට බුද්ධ සාසනය අකාලික නොවන්නේය. එසේම බුදු දහම සියලු ජාතීන්ට සහ සියලු රටවලට පොදු වූවාට බුද්ධ සාසනය සියලු ජාතින්ට සහ සියලු රටවලට පොදු නොවන්නේය.

Saturday, April 8, 2017

එකඟතාවන්


ඇස, කන, නාසය, දිව, හම(ශරීරය) යන පංචඉන්ද්‍රියයන්  රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ශ පදනම්ව මන/මොලයේ   හා හදවතේ ( හෝ සිරුරේම) යම් වෙනසක් වේද, එය ජීවවිද්‍යාවට අනුව ස්නායු සන්නිවේදනයක් හා හෝර්මෝන සමායෝජනයක් බව අප දනිමු. එම ක්‍රියාවලිය කිසියම් නිර්මාණ ක්‍රියාවක්ලියක්  සේ ගනිමු.


ප්‍රශ්නය:  සූත්‍ර පිටකාගත බුදුදහම ඉහත ක්‍රියාවලිය කෙසේ හඳුන්වයිද? (අභිධර්‍ම විග්‍රහය පසු පියවරකට ගනිමු.)
පිලිතුර:  ඉන්ද්‍රිය ස්පර්ෂය ලෙස හඳුන්වයි.   (ඵස්ස - බ්‍රහ්මජාල සූත්‍රය)
එකඟතාව(1) : අප මෙම ක්‍රියාවලිය කෙසේ හඳුන්වමුද?
.........
ඉහත ක්‍රියාවලියේදී මනසේ හටගන්නා යමක් ඇත්ද එය කෙසේ හැඳින්වේද?
පිලිතුර:  ධම්ම., (මන හා ධම්ම - මනෝ පුබ්බංගමාධම්මා).
එකඟතාව(2) : අප මෙම ක්‍රියාවලිය කෙසේ හඳුන්වමුද?
...........

එම අවස්තාවේදී සිදුවනුයේ කුමක්ද?

ආයතන හටගැනීම, (ෂඩායතන උත්පාදය).
අටලොස්ධාතු,(චක්ඛුධාතු, රූපධාතු,චක්ඛුවිඣාණධාතු)
එකඟතාව(3) : අප මෙම ක්‍රියාවලිය කෙසේ හඳුන්වමුද?
............

 එවිට කර්මය, හෙවත් චේතනාව., (භවය),හටගන්නා අන්දම  පංචඋපාදානස්කන්ධ ක්‍රියාවලිය මඟින් විවිධ දෘෂ්ඨිකෝන වලින්  විස්තර කර ඇත.
එකඟතාව(4) : අප මෙම ක්‍රියාවලිය කෙසේ හඳුන්වමුද?
...........
පිලිතුර: වේදනා ලෙස හඳුන්වයි. මන්ද වේදනා, සංඣා, චේතනා, ඵස්ස, මනසිකාර.

..........

විඣානයේ හටගැනීම. :සාධක: චක්ඛුං පටිච්ච රූපේච උප්පජ්ජති චක්කුවිඣානං. තින්නං සංගති ඵස්සෝ.
පිලිතුර: වින්ඣානය ලෙස හඳුන්වයි.
........
පිලිතුර : ප්‍රපංච  වීම :  එනම්  රූප, වේදනා සඟාඣා, සංඛාර, විඣාණ. යන පංචස්කන්ධය දෙයක්, සත්වයෙක්, පුද්ගලයෙක් යන පැනවීම. හටගැනීම.
පිලිතුර: ඵස්ස ලෙස හඳුන්වයි.(මනෝ සම්ඵස්සය).(අධිවචන සම්ඵස්සය).

https://sinhala-bana.blogspot.com/