Monday, May 1, 2017

පුනරුප්පත්තිය



ඇයි මේ ආගම් හින්ද මිනිස්සු මරා ගන්නෙ....... ....
සියලු ආගම් පටබැදුනේ ඉපදුනාට පස්සෙ ! දෙමාපියෝ බෞද්ධ නම් දරුවත් බෞද්ධ !! . දෙමාපියෝ මුස්ලිම් නම් දරුවත් මුස්ලිම් !! . දෙමාපියෝ ක්‍රිස්තියානි නම් දරුවත් ක්‍රිස්තියානි !!
සමහර විට බේබි රූම් එකේදී දරුවා මාරුවෙලා ගිහිං මුස්ලිම් පවුලක හැදුනා නම් ඔහු ඉස්ලාම් !! එතකොට ඔහු නැවැත ඉපදීම පිලිගන්නෙ නෑ.... . ඕක තමයි මේ සමාජයේ තියන දේ. .. .
ලෝකයේ යථාර්තය තේරුම් ගන්න ..
මේ විශ්වයේ ඇති සියුම් සත්ය තේරුම් ගන්න උත්සාහ ගන්න.
මේ පන ඇති පන නැති සියලු දේ සෑදී ඇත්තේ ඉතාම කුඩා අංශු සමූහයකින් ! මරණයෙන් පස්සේ අංශු පොලොවට පස් වෙනවා මිසක කොහෙවත් යන ක්රමයක් විශ්වයේ නැහැ.
අපිට පොඩි කාලේ ඉදලා පංසල් පල්ලි කෝවිල් වලින්,දෙමාපියන්කියාදුන් දේවලුත් ,සහ පොත් කියවලා ලබාගත් දැනුමත් ඔලුවෙ තියාගෙන මේ ජීවත්වන ටික කාලේ තර්ක කර කර ඉදලා අන්තිමේ නිකම්ම මැරිලා යනවා මිසක ඊට පරිබාහිරව වෙනස් විදියකට හිතන්න අපිට මේ "සිත" ඉඩ දෙන්නේ නැහැ.

--------------------------------------------------------


Thissa Niluka
Thissa Niluka මේ පණ ඇති පණ නැති සියලු දේ හැදිල තියෙන්නෙ ශුද්ධ ආශ්ටක වලින් තමයි..ඒක ඇත්ත නමුත් අපේ ඇහැට පේන්නෙ මේවායෙන් 2%ක් විතර පොඩි කොටසක්..හුලග ඇගේ වදින නිසා ඒක දැනෙනවා..සංඛ්‍යාතයක් දුරකථනය එක්ක සම්බන්ධ වෙනවා පේනවද දැනෙනවද අපිට??😀😀😀
නොපෙනෙන නොදැනෙන දේවල් වැඩියි...පෘතුවියෙන් ගත්තු පෘතුවි ශුද්ධ ආශ්ටක ටික මේකෙ දාල යනව තමයි...නැවත උපත විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා ඕරා කිරණ හදුනා ගන්න උපකරණ හදල ඉවරයි...බුදු දහම සත්‍යක්...
ආගම් හින්ද ගහමරාගන්න වෙන්නෙ මොකද කාගෙද වැරැද්ද කියල හොයාගෙන ගිහින් බලන්න..බෞද්ධයන් කිසි දවසක ආගමට වරෙවු කියල ගහමරාගන්න ගිහින් තියෙනවද??
ඔලුගෙඩි වැඩිකරගෙන බෞද්ධයන්ට වැඩක් නෑ..හැබැයි නිඝණ්ඨයො වගෙ සේරම කර්මය කියල අවිහිංසාවේ අන්තගාමී වෙන්නෙත් නැ....

Sunday, April 30, 2017

ආපසූ......හැරෙන්!




කුමක්ද මේ කියන්නෙ?






විවිධ ආකාරයෙන් හමුවන අරමුනු වලට අයිතිවාසිකම් නොකියන්න. 

මන්ද "අයිතිය ඇති තාක් අයිතිකරුවකු නිර්මානය වේ."


Raju Ramanayake
Raju Ramanayake මේ වාක්‍ය කොහෙන්ද? මෙය මිල කල නොහැකියි. මේ තමයි පටිච්චසමුත්පාදයේ රහස. හැමෝම හිතන්නෙ අයිතිකරුවා අයත්කරගන්නා බවයි. නමුත් අයත්කරගන්නා නිසයි අයිතිකරුවා බිහිවන්නේ.

 



මෙය වටහාගැනීමට ක්‍රමයක් තබේ. මෙතනින් බලන්න