Saturday, April 22, 2017

සොවාන් වීමට බණ ඇසීම පමණක් සෑහ‍ේද?

Chamath N Anusha to Path Nirvana Discussion
සෝවාන් වීම සද්ධර්මය ඇසේමෙන් පමණක් සිදුවන බවත් භාවනාවෙන් කල නොහැකි බවත් අදහසක් ඇතිවී ඇත. මේ ගැන පහද දෙන්න.
භාවනාමය පහතබා යටතේ සෝවාන් වීමෙන් නැති වන සංයෝජන 3 දක්වා නොතිබීමත් මෙයට හේතුවක් ලෙස දැක්වේ. එසේම භාවනා කිරීමෙන් සෝවාන් වූ අය ගැන සඳහනක් ත්‍රිපිටකයේ නැතිවීම මෙයට තවත් හෙතුවක ලෙස දැක්වේ. කරුණාකර පහද දෙන්න.
ඉහත අදහස සත්‍ය නම් සෝවාන් වීමට කලයුතු යෝනිසෝ මනිසකාරය කුමක්ද. එය භාවනාව ලෙස ගත නොහැකිද.


---------------------------
මිනිහෙක් බුරුවෙක් ගේ පිටට පිදුරු පටවනවා. ගොඩාක් පිදුරු පැටෙව්වාට පස්සේ ඔහු පිදුරු ගහක් අරගෙන පිට උඩින් තබනවා. ඒ පිදුරු ගහ තබන ක්‍ෂණයෙන්ම බූරුවාගේ පිට කොන්ද කඩලා යනවා. අවසන් පිදුරු ගහ තබන අවස්ථාව පමණක් දැකපු තව මිනිහෙක් හැමතැනම කියාගෙන යනවා එක පිදුරු ගහෙන් බූරුවාගේ පිට කොන්ද කැඩිච්ච බව. ඒ කථාව සාධාරණද?

බණ අහලා විතරමයි සෝවාන් වෙන්නේ කියලා කියන කථාවත් ඒ වගේමයි. අතීත සංසාරය පුරා විදර්ශණා ඤාණ වඩමින් ජීවිත පරිත්‍යාගයෙන් නිවන් දකින්න උත්සහ කල ඉතාමත් ප්‍රඤ්ඤාවන්ත පිරිස සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වන කාලේදී මේ ලෝකේ උපදිනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ට පමණක් විශේෂිත වූ ඤාණ වන ඉන්ද්‍රිය පරෝ පරයත්තේ ඤාණය (සසර පුරා වඩන ලද ඉන්ද්‍රිය ධර්ම දක්නා වූ ඤාණය), ආසය අනුසය ඤාණය (ගෙවන ලද ආශ්‍රව දක්නා වූ ඤාණය) තුලින් ඔවුන්ව හඳුනා ගන්නා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ට දහම් දෙසනවා. ඔවුන් එක බණ පදයක් හෝ සුත්‍ර දේශනාවක් අසා නිවන් දකිනවා. 

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බුද්ධත්වයට පත්වූ දින සිට පිරිණිවන දිනය දක්වා යමක් පැවසුවේ නම් එය ඒ ආකාරයටමයි සිදුවන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයකින් තොරව නිවනක් නැහැ. සම්මා සමාධියට පසුව සම්මා ඤාණ වැඩෙන්නේ නැතුව සම්මා විමුක්තියක් නැත. අපට අවශ්‍යවන්නේ සුතමය වශයෙන් ඤාණ සෙවීම නොව මාර්ගය වැඩීමයි. මාර්ගය වැඩීම යනු වර්තමාන මොහොතේ හැකිතාක් සිහිය පැවැත්වීමය. එසේ පවත්වන්නා වූ තීව්‍ර සිහියකින් තොරව වර්තමානයේ මම ලෙස රැවටෙන්නා වූ ආයතනයක පිරිසිඳ දැකීමක් සිදු නොවේ.

https://m.facebook.com/groups/1558908207655514?view=permalink&id=1913292062217125


Friday, April 21, 2017

ගැටලු හා පිලිතුරු


පංච උපාදානස්කන්ධයම දුකක්නම්,
මේ සියලු භාහිර උපාධානයන්ගේ හට ගැනීම් කය තුළින් ප්‍රකට වෙනවානම්
නාම රූප තුළ තන්නන්නේ පුද්ගලභාවයනම්,
පුද්ගල භාවයේ නඩත්තු රදා පවතින්නෙ ශරීර කූඩුවක අදාරයෙන්නම්,
පඥාවේ පහල වීම තුළ ස්පර්ශ වන නිවන කයේ වෙන්වීමකින් තොරව සිදු විය හැකිද
 Raju Ramanayake
  1. පංචඋපදානස්කන්ධය ම දුකක් "නම්" // ඒ කියන්නෙ පොඩි සැකයක් තියෙනව. ධර්මයේදී "දුක" යනුවෙන් කෙටියෙන් හදුන්වනු ලබන්නේ පංචඋපාදානස්කන්ධය යි (තනි වචනයක්). (මූලික අර්ථදැක්වීමක්/පිලිගැනීමක්).(සංකිත්තේන පංචඋපාදානක්ඛනධා දුක්ඛා).
2.උපාදානයන්ගෙ හටගැනීම කය තුල// කය හා සිත නිසා (තන්හාව නිසා). (තන්හා පච්චයා උපාදානං).
3.1 නාමරෑප හා පුද්ගලභාවය// නාමරෑප <> විඤ්ඤාණය . (අන්‍යා්න්‍යෙයි).
3.2 (පුද්ගලභාවය (අවිද්‍යාව / සක්කායදිට්ටිය) = පංචඋපාදානස්කන්ධය.)
4.පුද්ගලභාවය රඳා පවතින්නෙ ශරීරයේ// ආහාර නිසා>සිරුර(කය), ස්පර්ෂ>වේදනාව, චේතනාව > සිතුවිලි, විඤ්ඤාණය(අභිසංස්කරණය) > නාමරූප.

5. 1 ප්‍රඥාව පහලවන්නේ කයේ// කය> සිත>ස්පර්ශය> වේදනා>සංඥා >චේතනා කර්ම> මනසිකර (විඤ්ඤාණ සංඛාර ක්‍රියාව) ප්‍රපංචවීම (පංචඋපාදානස්කන්ධය හටගැනීම) සංකල්ප, ආකල්ප, පුරුදු, (ආශ්‍රව)<>(අවිද්‍යාව).
5.2. මෙම ක්‍රියාවලිය හටගන්නාවිටම දැකීම = සති, ප්‍රඥා පහලවීම.(අවිද්‍යාව බිඳවැටීම).
5.3. පංචඋපාදානස්කන්ධයේ නොහටගැනීම = දුක්ඛ නිරෝධය.
5.4. නිවන ස්පර්ශ කිරීම = නිවන අරමුනු කිරීම. (සිතුවිලි හට නොගැනීම # අසංඥය)
6. නිරෝධ සමාපත්තිය අනාගාමී හා අරහත් ධ්‍යාන ලාභීන් විසින් සමවදිනු ලබයි.
7. ධ්‍යන තලයන්හිදී කයෙන් මිදී පවතින බවක් කියැවේ.