Showing posts with label ලිපි. Show all posts
Showing posts with label ලිපි. Show all posts

Sunday, April 30, 2017

මාරයුද්ධයේ අැරඹුම

මම මගේය කියන අාත්මීය සංකල්පය හා, ඒ මත තැනු සිමාව, රාමුව තුල සිටිමින් ම , මමත්වය පැන නගින  බව දකින්න බැ.
Image result for people illusion


 ඒ සකසා ගත් සිමාව, රාමුව,  නමි සාක්කාය දිටිඨියයි.


ඒය බිදි සුනු විසුනු වන තුරු මමත්වයේ පැන නැගීම, එනමි සක්කාය උපදින අයුරු දකින්න බෑ.

No automatic alt text available.
මුලින්ම මෙන්න මෙ මම මගේය කියන අල්ලා ගෙන ඉන්න රාමුව සිමාව සැකසුම බිදින්න.

ඒන්න ඒ බිදෙන තැනම, ඔබෙි මමත්වය විසිරි යයි,එසැනින් මමත්වය ඉපදෙන අකාරය දකින්න ගන්නවා.
පංචඋපාදානස්කන්ධයේ හටගැනිම දකින්න ගන්නේ ඒතැන් සිටියි .
එ් මාරයුද්ධයේ අැරඹුමයි .

Image result for මාර පරාජය

ස්තූතිය . පරමාර්ථ බුද්ධ සමූහයට

Saturday, April 29, 2017

Arya sammaditti

මම ත්වය කුමක් දැයි හඳුනා නොගන්නා තාක්, මමත්වය නැති කිරීමට කුමන විසඳුමක් සෙවූව ද, එය මමත්වයේ හැඩය වෙනස් කර ගැනීමක් පමණි. බුදු දහමේ ඔබට මමත්වයක් නැතැයි කියන්නේ නැහැ. ඔබට මමත්වයක් තිබෙනවා. ඒ තිබෙන මමත්වය හඳුනා ගැනීමටයි උපකාර කරන්නේ. එසේ හඳුනා ගන්නා විට මමත්වය අවිද්‍යා සහගත ක්‍රියාවලියක ප්‍රතිඵලයක් යැයි ඔබ ලබනා අවබෝධයයි ඔබට මමත්වයෙන් මිදීමට සැබෑ අවශ්‍යතාව සහ මාර්ගය ඇති කරන්නේ..

මහණෙනි යමකට රාගය තිබේ නම් රාගයටයි මම කියන්නේ. යමකට ද්වේෂය තිබේනම් ද්වේෂයටයි මම කියන්නේ. යමකට මෝහය තිබේනම් මෝහයටයි මම කියන්නේ..

එහෙනම් මම අවබෝධ වෙනවා කියන්නේ මෙම රාග ද්වේෂ මෝහයන්ගෙන් මම සකස් වූ ආකාරය අවබෝධ කර ගැනීමයි.. එනම් රාගයේ දී හටගන්නනා රාග අනුෂයෙන් ද්වේෂයකදී හට ගන්නා ද්වේෂ අනුශයෙන් එනම් තණ්හා අනුශයෙන් මම සෑදෙන ආකාරය අවබෝධ කර ගැනීමයි.. මෙවිටයි සක්කාය දිට්ටිය ප්‍රහානය වන්නේ..

නමුත් අද පවතින ඉගැන්වීම් තුලින් ඔබට කිසිවක මම නැත යන පිළිතුරක් සාදා දෙනවා විනා, සැබෑ මමත්වය හඳුනා ගන්නට උපකාර වන්නේ නැහැ.. එනිසයි අද යමෙකු පුහුදුන් භාවයේ විවිධ හැඩයන් ලබමින් පුහුදුන් භාවයෙහිම රැඳී සිටින්නේ..

තෙරුවන් සරණයි.
Arya Sammaditti..