Saturday, July 1, 2017

වට්ටය

කරජකාය, මනෝමයකාය, සංඥාමයකාය යනුවෙන් ආත්මබාවයේ අවස්තා තිබිය හැකියැයි පොට්ටපාද සූත්‍රයේ තිබේ.
පොට්ඨපාදය, ඖදාරික වූ ආත්මප්‍රතිලාභය, මනෝමය වූ ආත්මප්‍රතිලාභය, අරූප ආත්මප්‍රතිලාභය යැ යි මේ ආත්මභාවප්‍රතිලාභ තුනෙකි.”

පොට්ඨපාදය, ඖදාරික ආත්මප්‍රතිලාභය කවරේ යැ? රූපවත් වූ සතර මහාභූතයන්ගෙන් පහළ වූ, කබලීකාරාහාරය අනුභව කරන යමෙක් වේ ද, මෙය ඖදාරික ආත්මභාවප්‍රතිලාභ යැ.

මනෝමය ආත්මප්‍රතිලාභය කවරේ යැ? රූපවත් වූ ධ්‍යාන සිතින් නිපන්, සියලු අඟපසඟින් යුත්, නොපිරිහුණු ඉඳුරන් ඇති යමෙක්වේ ද, මෙය මනෝමය ආත්මප්‍රතිලාභ යැ.

අරූපාත්මප්‍රතිලාභය කවරේ යැ? රූපවත් නොවූ සංඥාමය වූ යම් අත්බවෙක් වේ ද, මේ අරූපාත්මප්‍රතිලාභ යැ.

ශක්තියක් යන අර්ථය සම්මුතියක්. ඇත්තෙන්ම එය හුදු ක්‍රියාවක් පමණයි..

රූප කියන්නෙත් ක්‍රියාව ක්, නාම (විඤ්ඤාන) කියන්නෙත් ක්‍රියාවක්. මෙම ක්‍රියාවන්මත සකස්වන තවත් ක්‍රියාවලියක් සත්ත්වයා.
උදාහරනයකට කොස් ගසක් ගැන සිතන්න. එතැනද රූප ක්‍රියාවලියක් මෙන්ම යම් ආකාරයක නාම කුියාවක් (කොස් ගතිය) සැකසේ.
නාමය හා රූපය අනොන්‍යව පවතී.

ශබ්දයේ ගමන මෙන්, ජල තරංගයක ගමන මෙන්, කිසිවක් නොයයි නමුත් ප්‍රචාරණයක් වේ. ඒ ඒ අංශු කම්පනය වනවා පමණි.
මෙහිදී ශක්ති හුවමාරුවක් පරිවර්තනයක් සිදුවේ. චාලක ශක්තිය විභව ශක්තියට හා නැවත විභව ශක්තිය චාලක ශක්තියට. එය නිරීක්ෂණය කරන්නෙකුට තරංගයක් පැතිරෙන අන්දමක් වැටහේ.(එය නිර්මිත ක්‍රියාව යැයි ගනිමු). ආලෝකය ද මෙසේ විද්‍යුත්ශක්තිය හා චුම්භකශක්තිය අතර පරිවර්තනය හේතුවෙන් (විද්‍යුත්චුම්භක කිරණක්) පැතිරෙන්නාක මෙන් සලකනු ලබන නිර්මිත ක්‍රියාවකි.
මෙසේ යම් ද්වයතාවක් , එකිනෙකට ප්‍රත්‍යවන ක්‍රියාවලියක් පවතිනවිට ඒ සමඟ තුන්වන ක්‍රියාවක් නිරීක්ෂණය කලහැකිවේ.
මෙම ලක්ෂණය ඕනෑම ස්වභාවික ක්‍රියාවලියකට පොදුය.
ශාකයක ස්වභාවික පැවැත්මට මෙය යොදා බලමු.
ගසක් බීජයක් තුල ආහාර ගබඩා කරයි. (විභවය). බීජය ආහාර දහනය කරමින් වර්ධනය වේ.(චාලකය). මෙම ද්වයතාව මත (ආහාර ක්‍රියාව) ශාක පරපුරක පැවැත්මක් දැකිය හැක.(තෙවන ක්‍රියාව).
සත්වයන්ද (DNA) මෙවැනිම ස්වභාවික ක්‍රියාවලිය කි.
සත්වයන් අතරද ඒක ශෛලිකයන්, මිනිස් දේහ ශෛල ආදිය ගත හැක. පුද්ගලයා හෙවත් ආත්මයක් යැයි සලකනු ලබන පැවැත්මද මෙවැනිම ක්‍රියාවලියකි. එහිදී එම ක්‍රියාවලිය මනස මත සිදුවන ක්‍රියාවලියකි. (වට්ටයකි)
විඤ්ඤාණයත් නාමරූපයත් එකිනෙක ප්‍රත්‍යව ද්වයතාවක නිරතවන විට පෞද්ගලිකත්වයක් තෙවැනි ක්‍රියාවලියක් ලෙස නිරීක්ෂණය වේ.
(මායාවක් වන උපාදානස්කන්ධයක්). විඤ්ඤාණයේ හෝ නාමරූපයේ බිඳවැටීමෙන් එම වට්ටය නතරවේ.

Friday, June 30, 2017

සමූහය

ලෝකය හා සත්වයා යනු සංකල්පයකි.
සමූහය යනු ද සංකල්පයකි.
ඒ බැවින් ලෝකයේ අැති ඕනෑම සංකල්පයක් සමූහය යන වදනින් නිරෑපනය වේ.

ඒ බැවින් ඒකත්වය යන්න අර්ථවිරහිත ප්‍රකාශයකි.
ඒකත්වයෙන් මිදීමම අතම්මයාවයි.

උත්පාද තිථි භංග?
බුදුසහම තිථි අවස්තාව පිලි නොගනී. (ස්තීර වූ කිසිවක්).
ඒවිට උත්පාද හා භංග යනු උදය වය යන අවස්තාවයි.
තිථි යනු සංකල්පීය ලෝකයයි.

ඒකත්වය යන සංකල්පය තිථි අවස්තාව සලකා ගොඩනැගී අැත. ඒනම් ස්කන්ධයකි.
සංකල්ප රාගය අැති තාක් නැවත නැවත සංකල්පයන් ගොඩනැංවේ.
ඒය ලෝකයේ හටගැනීමයි.

ඒකත්වයෙන් මිදීම සඳහා පාරුව වන්නේ සමූහයයි.
සමූහය මායාවක්, දුකක් ශුන්‍යයක් වශයෙන් විදසුනට නැංවීමෙන්
දුකත් දුකින් මිදීමේ මගත් පහල වේ.

හෙවත් සැබෑ අනන්තය, ශුන්‍යය ස්පර්ෂ කෙරේ.
ඒය ඒකත්වය නොවේ. දුකින් මිදීමයි.
අනිදස්සන අප්පටටිත්තිත විඤ්ඤානයයි.
ඒකත්වයේ නොපිහිටි, සමූහයේද නොපිහිටි විඤ්ඤානයයි.

අරමුනු කිරීම් වශයෙන් නිවනට පැනවැදීම නම් ඒයයි.
ප්‍රඥා විමුක්තියයි.

ඒම අරමුන මත ධ්‍යාන කිරීමෙන් උපදිනුයේ චේතෝ විමුක්තියයි.