Saturday, April 29, 2017

Arya sammaditti

මම ත්වය කුමක් දැයි හඳුනා නොගන්නා තාක්, මමත්වය නැති කිරීමට කුමන විසඳුමක් සෙවූව ද, එය මමත්වයේ හැඩය වෙනස් කර ගැනීමක් පමණි. බුදු දහමේ ඔබට මමත්වයක් නැතැයි කියන්නේ නැහැ. ඔබට මමත්වයක් තිබෙනවා. ඒ තිබෙන මමත්වය හඳුනා ගැනීමටයි උපකාර කරන්නේ. එසේ හඳුනා ගන්නා විට මමත්වය අවිද්‍යා සහගත ක්‍රියාවලියක ප්‍රතිඵලයක් යැයි ඔබ ලබනා අවබෝධයයි ඔබට මමත්වයෙන් මිදීමට සැබෑ අවශ්‍යතාව සහ මාර්ගය ඇති කරන්නේ..

මහණෙනි යමකට රාගය තිබේ නම් රාගයටයි මම කියන්නේ. යමකට ද්වේෂය තිබේනම් ද්වේෂයටයි මම කියන්නේ. යමකට මෝහය තිබේනම් මෝහයටයි මම කියන්නේ..

එහෙනම් මම අවබෝධ වෙනවා කියන්නේ මෙම රාග ද්වේෂ මෝහයන්ගෙන් මම සකස් වූ ආකාරය අවබෝධ කර ගැනීමයි.. එනම් රාගයේ දී හටගන්නනා රාග අනුෂයෙන් ද්වේෂයකදී හට ගන්නා ද්වේෂ අනුශයෙන් එනම් තණ්හා අනුශයෙන් මම සෑදෙන ආකාරය අවබෝධ කර ගැනීමයි.. මෙවිටයි සක්කාය දිට්ටිය ප්‍රහානය වන්නේ..

නමුත් අද පවතින ඉගැන්වීම් තුලින් ඔබට කිසිවක මම නැත යන පිළිතුරක් සාදා දෙනවා විනා, සැබෑ මමත්වය හඳුනා ගන්නට උපකාර වන්නේ නැහැ.. එනිසයි අද යමෙකු පුහුදුන් භාවයේ විවිධ හැඩයන් ලබමින් පුහුදුන් භාවයෙහිම රැඳී සිටින්නේ..

තෙරුවන් සරණයි.
Arya Sammaditti..