Saturday, May 13, 2017

නාම රූප කියන්නෙ මොනාද

නාම රූප කියන්නෙ මොනාද කියල කාට හරි දීර්ඝ ව පහදන්න පුලුවන් ?
එක දේශනාව කදි කියැවුනා නාම යන්න සිත බවත් රූප යනු කය බවත්ය .මෙය කවුරු හරි පැහැදිලි කරන්න .
මම නම් හිතාගෙන ඉන්නෙ මෙහෙමයි .
නාම යනු අපි ගොඩ නගා ගත් අර්ත කතනයි.පොඩි කාලෙ අපිට කියල දෙනව මේක මල අරක ගහ ආදීවශයෙන් විවිධාකාර නම් ටිකක් .එය නාම වශයෙන්
හදුනා ගත්තෙ මි,වැරදි ද ???
එතකොට රූප කියන්නෙ අපේ මොලයෙ මැවෙන අනේක විද පින්තූර ,චිත්‍ර ලෙස ගතිමි.
මා නිවැරැදි කරන්න ....

සිත හා කය යනු සම්මුති කතාවකි.
නාම රූප යනු පරමාර්ථ කතාවකි.
මනසින් දකින රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යනු ක්ෂනික පරමාර්තය.
ඒවා සම්මුති වශයෙන් ගැනීමෙන් පංචඋපාදානස්කන්ධය වේ.

යමක මහා ප්‍රාතිහාරය්‍යය

 


මෙම කාරණය බුදුදහමින් විග්‍රහ වෙන විදිය පිලිබඳව යම් අදහසක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.
බුදුසහම ලෝකය අැත හා නැත යන අන්ත දෙකටම නො එලබී වෙනත් විසදුමක් ඉදිරිපත් කරයි.
එම විසඳුම නම් සම්මුති හා පරමාර්ථ යන විසදුමයි. පටිච්චසමුත්පාද විසදුමයි. මජ්ජිමාපටිපදා ලෙස ඉදිරිපත් කල විසදුමයි.
එම විසදුම යමකමහා ප්‍රාතිහාර්යයකි. එකවරම ප්‍රතිවිරුද්ධවූ අන්ත දෙකම පිලිගැනීමකි. සහ ඉන් මිදීමටද මගක් කියන්නකි.

ලෝකය දෙස බලන දෘෂ්ටිකෝනය අනුව එය පෙනෙන අන්දම වෙනස් වේ.
පරමාර්ත, ක්ෂණ ලෙස බලන විට ලෝකය නැතිබව පෙනෙන අතර,
සම්මුති, කාලය හෝ පැවැත්මට අනුව ලෝකය අැතිබව පෙනේ.

හේතුඵල වශයෙන් චක්‍රීය ක්‍රියාවලියක් වශයෙන් පටිච්චසමුත්පන්නව බැලීමෙන් මද්‍යයට එලඹීම හා ඉන් මිදීම වෙයි.
ශුන්‍යතාව හා අන්තර්වීම යනුවෙන් ZEN දහමේ සඳහන්වේ.



මනසින් දකින රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යනු ක්ෂනික පරමාර්තය.
ඒවා සම්මුති වශයෙන් ගැනීමෙන් පංචඋපාදානස්කන්ධය වේ.