Thursday, May 11, 2017

බුදු බණ සරළව බලමු.

බුදු බණ සරළව බලමු.

ඇස,කණ,නාසය,දිව,ශරීරය යන ඉන්ද්‍රිය මගින් බාහිර රූප ලෝකයේ වර්ණ,ශබ්ද,ගන්ධ,රස,පොට්ඨබ්බ යන අරමුණු ග්‍රහනය කෙරෙයි.මේවා විඤ්ඤාණයෙන් දැනගනී.මේ අරමුණු හමුවන තැනම අවසන් වෙයි.ඔබ අත්දකින්න.ඇසට හමුවන රූප චායාව ඇස ඉවතට ගත් විට අවසන් නේද?{මේ කියන්නෙ ඉතා සරලව නැත්නම් ඇසට එන්නෙ ආලෝක තරංග ඒවා උපන් තැනම ඉවර වෙනව.ඒක අපිට අත්දකින්න බැහැ.එතරම් වේගවත්.}
කනට ඇහෙන ශබ්දයත් කනේ කං බෙරය කම්පනය කරල එතනම ඉවර වෙනව නේද?සරළව දකින්න මේ අත්දැකීම්.ආගමක් නොවෙයි.අපි කවුරුත් අත්දකින්නක්.නාසය,දිව,සිරුර ගත්තත් එහෙමයි.හැම ස්පර්ශයක්ම එතන එතනම ඉවර වෙනව නේද?එයින් උපදින විදීමත් එතන එතනම අවසන් වෙනවනෙ.
ඉතින් මොකක්ද ප්‍රශ්නය.දුක.
මෙහෙම අවසන් වුනාම ගැටලුවක් නැහැ. එහෙනම් ප්‍රශ්නය මොකක්ද?
මේ සිදුවෙන්නෙ රූප දෙකක් අතර ගැටුමක් විතරයි.බාහිර රූප හැදිල තීයෙන්නෙත් මහා භූත වලින්,අපේ සිරුර හැදිල තියෙන්නෙත් මහා භූත වලින්.මේ දෙක අතර ගැටුම ස්වභාවිකයි.ගැටලු ඇති නොකරයි.එතනදි දැකීම දැකීමක් විතරයි.ඇසීම,ඇසීමක් විතරයි.දැනීම,දැනීමක් විතරයි.
ගැටලුව උපදින්නෙ අපේ අභ්‍යන්තරයෙ ඇතිවන දෙවන ක්‍රියාදාමයක් නිසායි.
උදාහරනයක් ඇසුරෙන් බලමු.ඇසේ යම් වර්න හැඩතලයක් ඉපදී එතනම නිරුද්ධවීමත් සමගම එතනදි එකතු වෙන ඇසත්,රූප චායාවත්,චක්ඛු විඤ්ඤානයත් එතනම නිරුද්ධ වෙනවත් එක්කම මනෝ ද්වාරය විවෘත වෙනව.
ඉන්ද්‍රියන් නිරෝධ වුන රූප චාය මනසෙ ස්පර්ශ වෙනව.ඒක අමුද්‍රව්‍යයක් කරගෙන එතන අලුත් නිෂ්පාදනයක් හෙවත් සංස්කරණයක් කරනව.එතනදි රූපයක් නිපදවනව.ඒක පෙර නොදුටු රූපයක් නම් බාහිර කෙනෙක්ගෙන විමසල ඒකට නමක් දාගන්නව.ඒකට ලෝභ,ද්වේශ,මෝහ එකතු කරල විදීමක් හදනව,නැවත දැක්කම හදුන ගන්න සංඥාවක් දාගන්නව.මේවා ඔක්කොම කිරීම තමයි සංඛාරයෙ වැඩේ.එයත් තව ඒකට සංකල්ප එකතු කරනව.දැන් එතකොට ඇස,චක්ඛු ආයතනය වෙනව.ආයතනය කියන්නෙ එතන නිපදවිමක් කරන නිසා.දැන් මනසෙන් චේතනා කරන්න සුදුසු නාම - රූපයක් මනෝමයෙන්ම නිපදවා අවසන්.ඒක දැනගන්නෙ මනෝ විඤ්ඤානයෙන්.දැන් මේක තන්හාවෙන් උපාදානය කරනව.රැස් කරනව.එහෙම රැස් කරන්නෙ වර්ග පහක් යටතේයි.ඒ රූප උපාදානස්කන්ධය,වේදනා උපාදානස්කන්ධය,සංඥා උපාදානස්කන්ධය,සංඛාර උපාදානස්කන්ධය,විඤ්ඤාන උපාදානස්කන්ධය ලෙසයි.
දැන් මේ රැස්කල ස්කන්ධ පහ තමයි මම,මගේ,මගේ ආත්මය කියල තදින් අල්ලගෙන ඉන්නෙ.පෙර දකින ලද රූපය හා සමාන රූප දකින හැම විටම මේ පහ අලුත් වෙනව.කැමති / අකැමැති වෙනව.එක්කෝ ලෝභ කරනව,නැත්නම් ද්වේශ කරනව.මේ සියලු කටයුතු මෙලෙස සිදුවීමයි අවිද්‍යාව කියන්නෙ.
මේ පන්ච උපාදානස්කන්ධය නිසා තමයි දුක් උපදින්නෙ,සසර හැදෙන්නෙ,මම හැදෙන්නෙ.ඉන්ද්‍රිය අපහේම සියලු අරමුණු ගැනීම් වලට මේ ක්‍රියාදාමය පොදුයි.එහෙනමයි ඉන්ද්‍රිය පහ ආයතන හයක් වෙන්නෙ.මනායනතනය සමග.ඉන්ද්‍රිය පහම සම්බන්ධ වෙලා තියෙන්නෙ මේ මනායතනයටයි.මනායතනය නිෂ්පාදනය කරන පන්ච උපාදානස්කන්ධ ගබඩා වෙන්නෙ සිතේයි.චිත්තයේයි.එයින් සිත අපිරිසිදු වෙයි.
මේක ඉතා සරලව දකීමක් පමනයි..මේකට ලොකු වචන දාල ගොඩක් ගැබුරු කරල කියන්නත් පුලුවන්.මේක ආගමක් නොවෙයි සියලු සත්වයන්ට පොදු ක්‍රියාදාමයක්.මේක තමන් තුලින් මේ මොහොතේම සකල සිදුවීමම දකින එකට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නෙ.දකින්න පුලුවන් ඉන්ද්‍රිය අරමුණු ගන්නා මොහොතේම පමනයි.මේක තමයි බුදුන්වහන්සෙ අපිට දුන්න ලොකුම භාවනාව.කරන්න කිව්වෙ යොනිසෝ මනසිකාරයෙන් පන්ච උපාදානස්කන්ධයන් උපදින තැන දකින එකයි.

පොඩි හැදින්වීමක් ආධුනිකයන්ට පමනයි.සැමටම තෙරුවන් සරණයි !!!

සං - මිත්‍යාව

2017 වෙසක් පොහොය වෙනුවෙන් ඉදිරිපත් කරමි චතුරාර්ය සත්‍යය සමිබන්ධ්‍ය --- සිතක හටගත් කැමැත්ත නිසාම සිතෙහි අරමුණු වු අාරමිමනයක් කෙරෙහි ප්‍රිය මනාප බවක් උපදවා ගනි. ඒය බලාපොරොත්තුවකි. බැම බලාපොරොත්තුවක්ම (අවිද්‍යාසගත විඤ්ඤාණයක්ම ) රාග. ද්වෙිෂ. මෝහ නිසාම උපදි. ඒ් බලාපොරොත්තු වීම අර මුලින් කි අරමුණ සමග ඒකතු විමකි. සමිබන්ධයකි මෙතන ඒ් බලාපොරොත්තුවට බැදුනේ -සං - නිසාය සං යනු රාග - ද්වෙිෂ - මෝහ උපත ලැබු මැලියමක් කොහොල්ලැවක් බදු සිතක හටගන්නා ඒකතු කරන ගති ලක්ෂණයකි මෙය කැමැත්තෙන්ම කරගත් බැදිමක් නිසා ඒය චංදරාගය නිසාම වු සමිබන්ධයකි ---- සමිබන්ධ = සං ඒකතු විම නිසා ලෝකයට අැදිමයි. - සංකාර - සංසාර - සංයෝග - සංයෝජන - සංවෙිග - සමිමත - සමිමාන - සංවෙිදනා - සංතාප - සංතෝෂ - සංසර්ග - සංවාස - සංභාවන - සංවර්ධන (සං නිසා සිතක උපදින මෙවැනි සංඛත ධර්මයෝ පෙන්විය හැක. ) සියල්ලම යමි අාකාරයක ඒකතු කර ගැනීමි අදහස් කරයි . ------------- (2) -- මෙි සිතට අරමුණු වු සමිබන්ධයතාව නිසාම සංසාරයි කියමින් . සංඛාර කරමින් සංයෝජන වී යන මෙි ගමන _අනිචිචයි _ දුක්ඛයි _ අනත්තයි _ කියා අසා තේරැමි ගෙන මෙනෙහි කළ හොත් මුළු ගමනම දුකත් බව වටහා ගනියි මෙය දුක්ඛ අාර්ය සත්‍ය අවබෝධයය _ධමිමෝ සංදිටිධිකෝ_ යනු (සං) ඒකතු කරගන්නා ධර්මතාවය දැකිමයි සංවර - සංසිදවිම - සංසුන් - සංයම - විමට දැන් උස්සහ කරයි ඒය සිලයයි සමාධියයි. -------( සංඝ යනු සං බිද හැරී උත්තමයා යන තේරැමයි ) සංඝ යන වචනය අද වැරදි ලෙස පැවදි අය හැදින්විමට සමිමතයෙහි භාවිතා කරයි ------------(3) තම තමන් සිතින් ක්‍රියාවෙන් වචනයෙන් සංවර වීමෙන් (සිලයෙන්) සංසිදවිමෙන් (සමිමතයෙන් ) විදර්ශනා කරන්නෙකුට අසා දැන ගත් සමුදය දකින්නට ලැබෙයි (සමුදය = සං+ උදය සං උපත දෙවන අාර්ය සත්‍ය දැකිමයි මෙි සං උපදින උල්පත් මුලින්ම සදහන් කළ අරමුණක් නිසා සිතෙහි හට ගන්නා බලාපොරාෙත්තුම බව දකි ඒසේ නමි සං උපදින උල්පත තම සිතින් මතුවන අවිද්‍යා සහගත විඤ්ඤාණයම බව දකි උල්පතකින් ජලය උනන්නාසේ සිතෙහි බලාපොරොත්තු උපදි ඒ් බලාපොරොත්තු උපදීම නැවැත්විය නොහැකිය නමුත් උපන් බලාපොරොත්තු නිරෝධ කල හැකිය ඒ් අනුව උපදින උපදින සං නිරෝධ කල හැකිය මෙය නිරෝධ සත්‍යය නමි වු තුන්වනි අාර්ය සත්‍යයි. මෙය උපදින උපදින සං නිෙරා්ධ කිරිමෙන්ම පමණක් සං උපදින උල්පත වියලා ගත හැකි බව දැකිමයි ඒ් සදහා සමිමා විය යුතු බව දකි ඒය හතරවන අාර්ය සත්‍යයි සමිමා යන මාගධි වචනයේ තේරැම - සං+මා (මායනු මිදිමයි සං නිසා අැතිකරගත් බැමි බැදිමි වලින් පුර්ණ ලෙස මිදිම යන්නයි ඒය ප්‍රඥාවයි ---------------- සමිමා දිටිධි - සමිමා සංකප්ප - සමිමා වාචා - සමිමා කමිමන්ත - සමිමා අාජිව - සමිමා වායාම - සමිමා සති - සමිමා සමාධි - සමිමා ඥාණ - සමිමා විමුක්ති (නිවන) ---- - ලෝභ - ද්වෙිෂ - මෝහ - අලෝක - අද්වෙිෂ - අමෝහ සං ඒකතු කරයි - ලෝභක්ඛය - ද්වෙිෂක්ඛය - මෝහක්ඛය පමනක් සං උපත නිරෝධ කර පුර්ණ වශයෙන්ම සංගති උදුරා දමයි යහපතක්ම වෙිවා /// සවපත් වෙිවා ///