Saturday, April 22, 2017

ආර්ය මග - කියවා සැනසෙන්නට නොව ප්‍රයෝගිකව කරන්නටයි.


බුදුන් වහන්සේ දෙසුවේ තමාව කැඩපතක් කරගන්න කියල, තවත් අයුරකින් දෙසුවේ තමන්ව සැමවිටම උපමා කරගන්න කියාය. සබ්බ සුත්‍රයේ ද රෝහිතස්ස සුත්‍රයේද දෙසූයේ "සිත් සහිත සඥා සහිත මේ බඹයක් පමණ සිරුර තුල ලෝකය පනවමි" යන්නයි. ආර්ය මගට යොදාගන්න ලෝකයද මෙයයි. අවිය මයිත්‍රීයයි.

තමා පර්යංකයේ කොන්ද බෙල්ල කෙලින් තියාගෙන වම් අත උඩ දකුණු අත තබමින් හිඳ ගන්න. (පර්යංකය අපහසු අයට ඕනෑම ඉරියව්වක සිට මේක කල හැකිය. පුටුවක වාඩි වී හෝ, ඇඳේ නිදාගනිමින් හෝ කුමන ඉරියව්වක සිට කල හැකිය) දෙඇස් වසා එකවරක් පමණක් මෙසේ අධිෂ්ඨාන කරන්න.

"මා මේ විදර්ශනාව තුලින් සෝවාන් මාර්ග ඵල නිවනට පත් වෙත්වා !" යැයි අධිෂ්ඨාන කරන්න. මෙය නැවත භාවනාවට පැමිණීමේදී අධිෂ්ඨාන කිරීමෙන් වලකින්න. මන්ද යත් සිතට මෙසේ යම් විධානකයක් කළ විට සිත විසින් එය අදාළ ප්‍රතිපදාව කරනා විටදී ඉටු කර දෙන හෙයිනි. එසේම පැයක් විදර්ශනාවේ සිටීමටද අධිෂ්ඨාන කරගන්න

මා මෙසේ රුප කොටස් 25 කට බෙදා ගත්තෙමි. තමාට රුචි පරිදි තම කය රුප කලාප වලට බෙදාගත්තාට කම් නැත. මෙසේ පහත දක්වා ඇති පරිදි හෝ තමාට රුචි අයුරින් රුප කලාපවලට බෙදා පිට සිට තමාගේ කයම දකිනවා යැයි සිතින් දකින්න.

1 හිස් මුදුන
2 නළල
3 දකුණු ඇස
4 වම් ඇස
5 නහය
6 දකුණු කම්මුල
7 වම් කම්මුල
8 තොල
9 නිකට
10 බෙල්ල
11 පපුව (තන පුඩු වලින් උඩ)
12 තන පුඩු වලින් පහල බඩ තෙක්
13 බුරියෙන් ඉහල කොටස
14 බුරියෙන් පහල කොටස
15 යටි බඩ
16 දකුණු කකුල දණහිස දක්වා
17 දකුණු දණහිස
18 දකුණු දන හිසේ සිට කකුලේ විලුඹ දක්වා
19 විලුඹ සිට ඇඟිලි දක්වා
20 දකුණු පයේ ඇඟිලි
21 වම් කකුල දණහිස දක්වා
22 වම් දණහිස
23 වම් දන හිසේ සිට කකුලේ විලුඹ දක්වා
24 විලුඹ සිට ඇඟිලි දක්වා
25 වම් පයේ ඇඟිලි

හිස් මුදුන සිතින් දැක ස්පර්ශ කර මෙසේ මයිත්‍රී කරන්න. "සියලු සත්වයෝ නිරෝගී වෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා" ලෙස. මේ පිලිවෙලම තබා ගත යුතු වේ. මන්ද යත් ඔබ හිස් මුදුන සිතින් බැලු පමණකින් එහි නාම රුප ඉපදේ, එනම් ජීවියෙක් ඉපදේ. එම ජීවියා ඉපදෙන්නේ රාග, ද්වේශ, මෝහ, නමැති ලෙඩ ගොන්නත් සමගය, ලෙඩ ගොහොරකින් සමන්විත වූ හිස් මුදුනේ ඉපදුනු ජීවියාට මෙත් වැඩිය යුත්තේ "නිරෝගී වෙත්වා" කියාය. එම ජීවියා ලෙඩින් ඉපිද ජිවත් වන්නේ දුකින්ය. එහෙයින් එම පැවැත්මට "නිදුක් වෙත්වා" යැයි ආශිර්වාද කරයි. එයින් පිටවන විට "සුවපත් වෙත්වා" යැයි කියන්නේ දුකින් පෙලෙන ජීවියා ඉන් මිදවීම පිණිසය. මෙසේ හිස් මුදුනේ සිට නළල් තලයට පැමිණ සිතින් නළල් තලය ස්පර්ශ කරමින් ඉහත පරිදිම මයිත්‍රී කරන්න. මෙසේ මයිත්‍රී කරන්නේ ඇයි දැයි පසුව ප්‍රඥාව මෝරනවාත් සමගම ඔබට වැටහේවි.

මෙසේ විදසුන් වැඩීමේදී භාවනාවට බාධා වන අයුරින් භාහිරින් ශබ්ධයක් ඇසුනොත් එයටද මයිත්‍රී කරන්න. නැවත රූප කලාප වලට පැමිණෙන්න. තමා නතර කළ රූප කලාපය මතක නැතිනම් නැවත හිස් මුදුනින් ආරම්භ කලාට කමක් නැත. මෙසේ විදසුන් වැඩීමේදී මදුරුවෙක්, කුහුඹුවෙක් හෝ ඔබේ ගතට වේදනා ලෙස ඇන්නේ නම් එම වේදනාවටද මෙසේ මයිත්‍රී කරන්න. වේදනාව දුරු වනු ඇත. මෙසේ තවදුරටත් විදසුන් වැඩීමේදී පාදයේ බාහු මතින් දරුණු ගනයේ වේදනාවන් ඉපදෙන්න පුළුවන්, එම වෙදනාවන්ටද මයිත්‍රී කරන්න. වේදනාව නිම වුයේ නැතිනම් තුන් වරක් මෙසේ එම වේදනාවන්ට මයිත්‍රී කර රූප කලාප වලට පැමිණෙන්න.

මෙසේ කිරීමේදී ඔබේ සිතට නොයෙක් සිතුවිලි පහල විය හැක. එම සිතුවිලිවලට ගලා එන්නට සලස්වා එම සිතුවිල්ලටද මයිත්‍රී කරන්න. සිතුවිල්ල අතහැරෙනු ඇත. කම්මැලි කමක් කුසිත කමක් ඇතිවුවහොත් එයටද මයිත්‍රී කරන්න. නිදිමතක් ඇතිවූවහොත් එයටද මයිත්‍රී කරන්න. කකුලේ දරාගත නොහැකි එනම් ඉවසිය නොහැකි වේදනා මතු වේ නම් ඔබට දිග හැරීමට ඉඩක් සලසා දෙයි, මෙසේ දිග හැරීමේදී පවා එම ක්‍රියාවටද මයිත්‍රී කරන්න. පුළුවන් තරම් කකුල් දිග නොහැරීමට වග බලා ගන්නේ නම් යහපත්.

මෙසේ විදර්ශනාව තුල සිදුවන සෑම අපහසුතාවයකටම මයිත්‍රී කරන්න. මෙසේ පැයක් කය නොසොල්වා කරගෙන යන්න.

සාමාන්‍ය දිවියේදී කන බොන විට පවා කෑම වල රසයටද මයිත්‍රී කිරීමෙන් එයද විදර්ශනාවට එකතු වේ. පාරේ ඇවිදින විටදීද අදාළ පියවර ද, චලනයන්ද දකිමින් මයිත්‍රී කල විටද එයද විදර්ශනාවට එකතු වේ. වැසිකිලි කැසිකිලි කෘත්යයේදී පවා මයිත්‍රී කිරීම පුරුදු පුහුණු කලේ නම් එයද විදර්ශනාවට එකතු වේ. මෙසේ එදිනෙදා දිවියේදී ක්‍රියාවන්ටද එම ක්‍රියාව දෙස බලමින් මයිත්‍රී කරන්නේ නම් ඵලය ඉක්මන් වනු ඇත.

එනම් සාමාන්‍ය දිවියේදී

රුපයක් දැක විට එයටද මයිත්‍රී කර අතහරින්න
ශබ්ධයක් අසුන විට එයටද මයිත්‍රී කර අතහරින්න
ගන්ධයක් දැනුන විට එයටද මයිත්‍රී කර අතහරින්න
දිවට රස දැනුන විට එයටද මයිත්‍රී කර අතහරින්න
ස්පර්ශයක් දැනෙන විට එයටද මයිත්‍රී කර අතහරින්න

මයිත්‍රීය යනු සෙනෙහෙපෑමක් නොව අතහැර නොඇලිමට යොදාගන්නා අවියයි

මෙසේ පැයෙන් පැය දවසට පැය පහක්වත් කරන්නේ නම් අගනේය,
කාර්යබහුල දිවියේදී හැකිපමණ විදසුනට වාඩි වන්නේ නම් යහපත ඔබටම මිස අන් කවරෙක්ටද ^_^

අවසානයේදී සෝවාන් මාර්ග ඵල නිවණ ස්පර්ශ කරනු ඇත. සකෘදාගාමී, අනාගාමි, අරිහත් යන උත්තම ඵල නෙලා ගැනීමට විර්යෙන් කළ යුතු අභ්‍යාසයද මෙයයි.

සෝවාන් මාර්ග ඵල නිවණ - මං සලකුණු - (ආර්යයන්ට පමණි - පෘතග්ජනයන් කියවා සිත කුරුවල් කර නොගන්න)

අනුපස්සනාවේ සෑහෙන වෙලාවක් ගතවූ විට හිටි ගමන් තමුන්ගේ කය ගල් ගැසී, පරම සුවයක් කය පුරා පැතිරී ගියේ නම්ද, මෙම තත්ත්වය තිබුනේ ඇසුරක් සැන කිහිපයක් ගහන කාලයක් නම්ද හිතත් කයත් මොහොතකට භෞතිකව වෙන් වූ බවත් දැක්කේ නම් ද, හිත නැති කය මල මිනියක් සේ ගල් වූ බව දැක්කේ නම් ද, කයින් වෙන් වූ හිතේ ස්වභාවය කය සිසාරා පැතිරී ගිය සුවය බවට අවබෝධ වුයේ නම් මේ සුවය පැතිරුණු සුළු වෙලාවේදී සිත නියම පවිත්‍ර භාවයට පත් උණු බවත් ආර්ය පර්යේෂණයේ ආරම්භක ඵලය නිවන් සුවය ලද බවත් තවද කුසලයේ (නොඇලීමේ) ප්‍රථම ඵලයද මේ නිවන් සුවයම බව අවබෝධය ලැබුවේ නම් හේ සතර අපායෙන් මිදුන සොතාපන්නයෙක්මැයි.

සැලකිය යුතුයි - අදාළ සංයෝජන දුරු වූ බව දසුනෙන් පහ වූ විටම අවබෝධ කරගනී.

සකෘදාගාමි මාර්ග ඵල නිවණ - මං සලකුණු -

අභ්‍යාසය එක දිගට මෙසේ කරගෙන යාමේදී වරෙක බඩ පිම්බෙන හැකිලෙන ස්වභාවයක් නිරීක්ෂණය කරමින් පසුව මේ තත්ත්වය නැති වී මුළු කයේම රෝම කුප තුලින් ආශ්වාස ප්‍රශ්වාස කරන බවක්ද, මුළු ශරීරයම පිම්බෙන හැකිලෙන ස්වභාවයක්ද දක්නට ලැබෙයි. එම තත්ත්වය දින කිහිපයකින් අතුරුදහන් වී දින කිහිපයක් ආර්ය බ්‍රහ්ම චර්යාවේ යෙදීමෙන් උඩු තොලටත් විදුරු මසටත් අතර නාඩි ගැසීමක් වැනි දෙයක් මතු වේ නම්ද, එය ඉතා සිහින්ව ආරම්භ වී පසුව තරමක් වේදනාවක් සේ වර්ධනය වෙමින් පසුව එම ගැස්මක් ටික දිනකින් අතුරුදහන් වේ නම්, තවත් ටික දිනකින් එම ගැස්ම ඉතා සියුම්ව දිව අග පවතින බව ප්‍රකටව දැකගත්තේ නම් ද මේ අවස්ථාවේදී කාමරාඝ පටිඝ තුනී වීද ඒ නම් සකෘදාගාමි ඵලය ලැබුවෙකි.

අනාගාමි මාර්ග ඵල නිවණ - මං සලකුණු
සකදාගාමී ඵලය ලැබීමෙන් අනතුරුව, දින කිහිපයකින් විවේක සුවයෙන් ගතකොට නැවත අභ්‍යාසයේ (විදර්ශනාවේ) නිරත වූ විට දිව අග ගැස්සිමත්, ඉඳ හිට පහල වන සාමාන්‍ය වේදනාවක් හැරුණු කොට සුවිශේෂී යමක් නිරීක්ෂණය නොවෙයි. ටික දිනකින් දිව අග චලනය වන ජිවය තුලින් පරම සුවය වහනය වන බව පෙනේ. එය ටිකෙන් ටික වර්ධනය වී ඒ සුවය හිස පුපුරන තරමට වේදනාවක් මෙන්ද තද වී දැනේ. එහෙත්, හිත, කය දෙස බැලීමට යනවිට, සුවයද ඒ සමගම ගොස් කය පුරාම පැතිරෙයි. මේ අවස්තාව වන විට, දිව අග ඇති, ගැස්මක්, කය පුරාවටම පැතිරී ගිය සුවයත්, ඉඳ හිට පහල වන සුළු වේදනාවන්ද නිරීක්ෂණය කල හැක. මේ තුලින් අනාගාමි වන විට, සෝවාන් වීමේදී ලැබූ සුවය හා සකදාගාමිවිමේදී ලැබූ ජිවය එකවරම පෙන්වමින් නිවන මෙසේ යැයි කියා නිවනේ ඇති
1. පරම සුවය
2. ජිවය සහ එවැනි දේ දැකිය හැකි
3. ප්‍රඥාව එකටම එකවරම දකියි. අනාගාමි වූ විට සාමාන්‍ය පෘතග්ජන ජීවිතයේදී මෙන් බාහිර ලෝකයේ මධුර වූ අරමුණු කරා හඹා යාමක් වන්නේ නැත. බොහෝ විට පෙර මධුර වූ ඒ අරමුණු ගැන කලකිරීමක් ඇති වෙයි. ප්‍රතික්ෂේප වෙයි.

සම්මා සම්බුදු සරණයි

10 Comments
Comments
Athula Siriwardhane
Athula Siriwardhane බුදුන් වහන්සේ දෙසූ දහමින් බැහැරව
එහි වචන භාවිතා කරමින් තනා ගන්නා
සියලු නව නිර්මාණ, රැප් කිරීම්, රි-මික්ස් කිරීම් ආදී
...See More
Vishwa Karma - විශ්ව කර්ම
Vishwa Karma - විශ්ව කර්ම තමන්ගේ පණ්ඩිත කම තමා ළඟ තියාගත්තනම් තමා හොඳ අතුල අංකල්, ඔයා හැම දේම වන වන ඉන්නවා මිසක කවදාවත් ප්‍රායෝගිකව යමක් කරල ගොඩ ගිහින් නැහැනේ. අර සිරිධම්ම සමග සංවාදෙදිත් ඔබම ලැජ්ජාවක් නැතුව කිව්වේ තමා මුකුත් කරගත්තේ නැති කෙනෙක් කියල. ඒ නිසා ඔයාට මේ ගැන හරිද වැරදිද කියල කතා කිරීමේ අයිතියක්ද නැහැ.
ලක්ෂිත
ලක්ෂිත "රුපයක් දැක විට එයටද මයිත්‍රී කර අතහරින්න ශබ්ධයක් අසුන විට එයටද මයිත්‍රී කර අතහරින්න ගන්ධයක් දැනුන විට එයටද මයිත්‍රී කර අතහරින්න දිවට රස දැනුන විට එයටද මයිත්‍රී කර අතහරින්න ස්පර්ශයක් දැනෙන විට එයටද මයිත්‍රී කර අතහරින්න" මෙහෙම දෙයක් බුද්ධ දේශනාවේ කොතනද ...See More
Vishwa Karma - විශ්ව කර්ම
Vishwa Karma - විශ්ව කර්ම ”දිට්ඨේ දිට්ඨ මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති”
Arundathi Liyanaarachchi
Arundathi Liyanaarachchi මේක මොකක්ද



https://www.facebook.com/Methth/#
https://www.facebook.com/ajax/sharer/?s=2&appid=2305272732&id=510335975819416&p[0]=510335975819416&sharer_type=all_modes&av=100000494282383&feedback_referrer=%2F&feedback_source=17


ඔව්, මම හදවතින්ම විශිෂ්ට විද්‍යාඥයෙක්‌...

Image result for ajahn brahmඔස්‌ටේ්‍රයාවේ පර්ත් නුවර බෝධිංයාන සෙනසුනේ අනුශාසක අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ මහාතෙරුන්වහන්සේ, ගිහිකල විද්‍යාඥයකු ලෙස ලත් අත්දැකීම සහ බුදුදහමෙන් ලද අවබොධයත් එක්‌කොට දක්‌වන ලද අදහස්‌ සහිත අපූර්ව ලිපියකි...
එවකට මම විද්‍යාඥයෙකුව සිටියෙමි. පසු කාලීනව බොහෝ පිළිගැනීමට ලක්‌ වූ මහාචාර්ය ස්‌ටීවන් හෝකින් හා සමකාලීනව කේම්බි- විශ්ව විද්‍යාලයේ සිද්ධාන්තික භෞතික විද්‍යාව හැදෑරුවෙමි. සමහර විද්‍යාඥයන්ගේ ආධානග්‍රාහී (Dogmatic) බව දැකීමෙන්, විද්‍යාව පිළිබඳ වූ මුලාවෙන් නිදහස්‌වීමට විද්‍යාඥයෙකු වූ මා හට හැකිවිණි.
ශබ්ද කෝෂයට අනුව ආධානග්‍රාහී බව යනු, යම් මතයක්‌ මුල්කරගත් උද්දච්ඡ බවයි. එම අර්ථ දැක්‌වීම, කේම්බිඡ් විශ්ව විද්‍යාලයේ විද්‍යාගාර තුළදී මා දුටු විද්‍යාව අර්ථ දැක්‌වීමට ඉතා සුදුසුවේ. 'විද්‍යාව' තුළ විනය විනාශවී ඇත. නිවහල් චින්තනයකින් යුත් සත්‍යය ගවේෂණය වෙනුවට, ගර්වයෙන් පිරුණු අදහස්‌, සියල්ල අතික්‍රමණය කොට ඇත. එකල සිටම මාගේ ප්‍රියතම තේමා පාඨය වූයේ, 'යම් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයකුගේ විශිෂ්ටත්වය මනිනු ලබන්නේ, තම විෂයේ ප්‍රගමනය ඇහිරී තිබූ කාලය ප්‍රමාණය මත' යන්නයි.
සැබෑ විද්‍යාව යනු කුමක්‌දැයි හඳුනා ගැනීමට, විද්‍යාවේ පීතෘවරයෙකු වූ ඉංගී්‍රසි ජාතික දාර්ශනික µaරැන්සිස්‌ බේකන්ගේ (1561-1628) අදහස්‌ විමසා බලන්න. විද්‍යාව ප්‍රගමනය විය යුත්තේ කුමක්‌ මතද යන්න සඳහා රාමුවක්‌ ඔහු විසින් ස්‌ථාපිත කළේය. එනම් 'යමක නිෂේධාත්මක බව පිළිබඳ වැඩි බලයක්‌ යෙදවීම' මෙහි අදහස නම්, යම් ස්‌වභාවික සංසිද්ධියක්‌ පැහැදිලි කිරීම සඳහා ඉදිරිපත් කරන යම් සිද්ධාන්තයක්‌ (Theory) විසාධනය (Disprove) කිරීමට යමෙක්‌ තම හැකි උපරිමයෙන් උත්සාහ ගතයුතුයි, එය අභියෝගයට ලක්‌ කිරීමට පරීක්‌ෂණ පැවැත්විය යුතුයි යන්නයි. යම් සිද්ධාන්තයක්‌ පිළිබඳව තාර්කිකව දැඩි පරීක්‌ෂණයකට ලක්‌ කොට, එහි දෝෂ සොයාගත යුතුය. විද්‍යාව ප්‍රගමනය වන්නේ එවිටයි. නව සොයාගැනීමකට අනුව, යම් සිද්ධාන්තයක්‌ වෙනස්‌කර පිරිසිදු කිරීමට හැක. විද්‍යාවේ මෙම මූලික ක්‍රමවේදයට අනුව පරම නිශ්චිතතාවයකින් යුතුව යමක්‌ ඔප්පු කිරීමට නොහැකියි. කළ හැක්‌කේ, පරම නිශ්චිතතාවයකින් යුතුව යමක්‌ විසාධනය කිරීම පමණි.
මංමුලාවූ සමහර විද්‍යාඥයන්ට අනුව පුනරුප්පත්තියක්‌ නොමැත. එනම් සංතතික විඤ්ඤාණයක ආගමනයෙන් නැවත අනුක්‍රමිකව මිනිසත්බවක්‌ (හෝ කිසියම් උපතක්‌) ලැබිය නොහැක යන්නයි.
එසේනම්, විද්‍යානුකූලව පුනරුප්පත්තිය සත්‍යය බව ඔප්පු කිරීමට යමෙකුට කළ යුතු වන්නේ, නැවත උපදින බවට එකම එක අවස්‌ථාවක්‌ පෙන්වීම පමණි. නමුත් ඔබ සැම දන්නා පරිදි, මහාචාර්ය ඉයන් ස්‌ටීවන්සන්, පුනර්භවය පිළිබඳ බොහෝ ආදර්ශනයන් මේවන විටත් සපයා ඇත. පුනර්භවයක්‌ නැත යන සිද්ධාන්තය මේවන විටත් විසාධනය කර ඇත. දන් එය විද්‍යාත්මක සත්‍යයකි.
සාමාන්‍ය ජනතාවට ඇති විද්‍යාත්මක දැනුම අල්පවේ. තවද, ඔවුන් පුවත්පත් සඟරා ආදියෙහි දැක්‌වෙන පරිදි' විද්‍යාඥයන් විසින් ප්‍රකාශ කරන ලදී' ආදී වශයෙන් දුටුවිට එය නිතැතින්ම සත්ය වශයෙන් ඇදහීමට යොමුවේ. දැන් මෙය 'දේශපාලඥයෙක්‌ විසින් කියන ලදී?' යනුවෙන් යම් තැනකදී කියෙව්වොත්, අපගේ ප්‍රතිචාරය කුමක්‌ වේවිදැයි සසඳන්න. විද්‍යාඥයන්ට මෙතරම් අවිවාදිත විශ්වසනීයත්වයක්‌ ලැබුණේ ඇයි? සමහරවිට විද්‍යාඥයන්ට අද ලෝකයේ ඇති ගුප්ත පූජ්‍යත්වය නිසා විද්‍යාවේ භාෂාව සහ පිළිවෙත් සාමාන්‍ය ජනතාව කෙරෙන් ඈත්වීමට පටන්ගෙන ඇත. දැකුම්කලු සුදු විද්‍යාගාර ලෝගු ඇඳ, බහු-මාන සමාන්තර විශ්වයන් (Multi)dimensional fractal parallel
universes) ආදී නානාප්‍රකාර නොතේරෙන අන්ඩර දෙමළ දේශනාකරන නූතන අල්කෙමිවරුන් පුදුමාකාරයි, ඔවුන් කියන ඕනෑම දෙයක්‌ අප පිළිගනියි. යමෙක්‌ පාප් වහන්සේ බවට පත්වුනාසේ, විද්‍යාව දැන් උත්කෘෂ්ඨයි. වෙනස්‌ කිරීමට අපහසුයි.
සමහරු මෙය හොඳින් දනිති. අවුරුදු 30 කට පෙර මා උගත් දෙයින් වැඩි ප්‍රමාණය දැන් වැරැදිබව ඔප්පු කොට හමාරය. විද්‍යාව යනු නියත වශයෙන්ම අසම්පූර්ණ (Work In Progress)' දෙයක්‌ බව අවංකව හා නිහතමානීව පිළිගන්නා බොහෝ විද්‍යාඥයන් සිටීම වාසනාවකි. විද්‍යාවට කළ හැක්‌කේ සත්‍ය යෝජනා කිරීම හැර සත්‍යට හිමිකම් කීමට කිසිදිනක නොහැකි බව ඔවුන් දනිති. බෞද්ධ වෛද්‍යවරයෙකු වරක්‌ මා සමඟ කියාසිටියේ, ඔහු ඉගෙනගත් සිඩ්නි වෙද විදුහලේ ප්‍රධානී, සුප්‍රසිද්ධ මහාචාර්යතුමා සිය පළමු දින දේශනය අරඹමින් කියාසිටියේ, 'අප ඉගැන්වීමට යන දෙයින් අඩක්‌ ලබන වසර කිහිපයෙදී වැරදිවේ, ගැටලුව වන්නේ ඒ කුමන අඩද යන්න අප නොදැනීමයි' අන්න නියම විද්‍යාඥයින්.
බුදුදහම, නවීන විද්‍යාවට වඩා බොහෝ විද්‍යාත්මක වේ. විද්‍යාව මෙන්ම, බුදුදහම පදනම්වී ඇත්තේ හරි වැරදි බැලිය හැකි හේතු-ඵල සබඳතාවයකිනි. නමුත් විද්‍යාව මෙන් නොව බුදුදහම සියලු ඇදහිලි වල පූර්ණත්වය අභියෝගයට ලක්‌ කරයි. සුප්‍රකට කාලාම සූත්‍රයේ සඳහන් පරිදි, යමෙක්‌ උගත්දේ, ඇසූදේ, සම්ප්‍රදායෙන් පැමිණි දේ, අනුමානය, වෙනත් ආගමික ග්‍රන්ථවල සඳහන් වූ පමණින්, තර්කයට හසුවූ පමණින්, බාහිර පෙනුමෙන්, සම්මත අදහස්‌ සමඟ එකඟ වූ පමණින්a හෝ ගුරුවරයා එකඟ වූ පමණින් කිසිදෙයක්‌ පිළිනොගත යුතු බවයි. විද්‍යාඥයන් කීදෙනෙක්‌ මෙතරම් බරපතළ ලෙසෙ තම චින්තනය මෙහෙයවයිද? බුදුදහම සියලුදේට අභියෝග කරයි. එය තර්කයද අතික්‍රමණය කරයි.
මහා විද්‍යාඥ අයින්ස්‌ටයින්ට පවා, ක්‌වන්ටම් සිද්ධන්තය ඉදිරිපත් කළ මුල් කාලයෙදී එය තරමක්‌ අතාර්කික බව පෙනීයාම පුදුමයට කරුණක්‌ නොවේ. එය තවමත් විසාධනය කොට නැත. තර්කය, එය පාදක වූ උපකල්පනය තරම්ම පමණ ක්‌ විශවස්‌නීය වේ. බුදුදහම පදනම් වන්නේ පැහැදිලි හා වාස්‌තවික ප්‍රත්‍යක්‌ෂය මත පමණි.
සුපැහැදිලි ප්‍රත්‍යක්‍ෂය ඇතිවන්නේ යමෙකුගේ මිනුම් උපකරණ වන ඉන්ද්‍රියන් (Senses), ප්‍රභාමත් සහ නිරවුල් වූ විට පමණි. බුදුදහමට අනුව මෙය සිදුවන්නේ නීවරණ වන ථිනමිද්ධ හා උද්දච්ඡ කුක්‌කුච්ඡය යටපත් වූ විටයි. සියලු අගතීන්ගෙන් නිදහස්‌ වූ දෙය පරමාර්ථ ප්‍රත්‍යක්‌ෂයයි. බුදුදහමට අනුව තුන් ආකාර අගතීන් වන්නේ, ලෝභය, ද්වේශය හා මෝහයයි. තණ්‌හාව නිසා යමෙකුට බැලීමට අවශ්‍ය දේ පමණක්‌ බැලීමට සලස්‌වයි. එමෙන්ම තණ්‌හාව නිසා සත්‍ය, විමසන්නාගේ කැමැත්තට ලඝූ වේ. යමෙකුගේ මතවාදයන්ට බාධාකරන හෝ අවුල්කරන ඕනෑම දෙයක්‌ මගින් ඇතිවන ද්වේෂය නිසා අන්ධ බවට හා සත්‍යය විකෘති බවට පත්කරයි. පුනර්භවය වැනි සම්පූරණයෙන් වලංගු එහෙත් බැලූ බල්මට යමෙකුට පහසුවෙන් නොවැටහෙන සත්‍යයන් ,විචිකිච්ඡාව හේතුවෙන් හිතුමනාපේ ප්‍රතික්‌ෂේප කෙරේ. කෙටියෙන් කිවහොත්, පැහැදිලි හා වාස්‌තවික ප්‍රත්‍යක්‍ෂය සිදුවනේ, බොදුමඟෙහි සඳහන් 'පංච නීවරණ' යටපත් වූ විටයි. ඉන්ද්‍රියන් හරහා යමෙකුට ලැබෙන දත්ත විශ්වාස කළ හැක්‌කේ එවිට පමණි.
මක්‌නිසද යත් විද්‍යාඥයන් සිටින්නේ පංච නීවරණ යටපත්කරගෙන නොවේ. ඔවුන් සිටින්නේ පැහැදිලි ප්‍රත්‍යෂයෙන් බොහෝ මෙපිටයි. උදාහරණයක්‌ ලෙස තම සිද්ධාන්ත සමඟ නොපෑහෙන කරදරකාරී පරීක්‌ෂණ දත්තයන් නොසලකා හරින එසේත් නැත්නම් එය යම් විෂමතාවයක්‌ ලෙස සලකා ඉවත් කරන විද්‍යාඥයන්ට මෙය සාමන්‍ය දෙයකි. බොහෝ බෞද්ධයන්ද මෙසේමයි. යමෙක්‌ මෙම පංච නීවරණයන් (නලකපාන සූත්‍රය, ම-Cධිම නිකාය 68 ට අනුව ) ප්‍රබල ලෙස යටපත් කර ලබන ධ්‍යාන අත්දැකීමක්‌ ලැබිය යුතුයි. ඉතින් පැහැදිලි ප්‍රත්‍යක්‌ෂය මගින් සැබෑ විද්‍යාඥයන් ලෙස හැඳින්විය හැක්‌කේ භාවනාවෙන් ප්‍රවීනත්වයට පත්වූවන්ට පමණයි.
විද්‍යාව වාස්‌තවික නිරීක්‌ෂණයන් මත පමණක්‌ නොව, මිනුම් (Measurement) මත ද රඳා පවතින්නකි. නමුත් විද්‍යාවට අනුව මිනුම යනු කුමක්‌ද? ක්‌වන්ටම් සිද්ධාන්තික විද්‍යාවට අනුව, යමක්‌ මැනීම සඳහා සිදුවිය යුත්තේ නිරීක්‌ෂණයක්‌ මගින් ශ්‍රොඩිංගර් තරංග සමීකරණය බිඳහෙලීමයි (Collapse the Schroedinger Wave
Equation). වැඩිදුර පැහැදිලි කරන්නේනම්, යම් නිරීක්‌ෂණයක්‌ කිරීමට ප්‍රථම මෙම 'නොබිඳුනු' ස්‌වභාවයේ ඇති ශ්‍රොඩිංගර් තරංග සමීකරණය (^“Un-collapsed” form
of the Schroedinger Wave Equation), විද්‍යාව සතු ලෝකය පිළිබඳ වඩාත්ම පරිපූර්ණ පැහැදිලි කිරීම වියහැක. එම විග්‍රහ විකෘතියකි. ශුද්ධ විද්‍යාවට අනුව යථාර්ථය යනු පදාර්ථ, ශක්‌තීන් හා අවකාශය තුළ පිහිටීම් යන දේවලින් සැදුම් ලද්දක්‌ නොව, මැනීමක්‌ වනතුරු පවතින දේය. මේ අනුව, යථාර්ථය යනු එකකට වඩා අනෙක සිදුවීමට ඇති යම් සම්භාවිතාවක්‌ සහිත, සියලු දෙය වසාගත් අපැහැදිලි යමකි. මූලික මිනිය හැකි ගුණාංගයන් වන පණ ඇතිබව හෝ 'මරණය' පවා විද්‍යාව ට අනුව සිදු නොවිය හැකි ස්‌වභාවයන් ලෙස පෙන්වාදී ඇත. උදාහරණයක්‌ ලෙස, කුප්‍රකට ‘Schroedinger’s Cat’ thought පරීක්‌ෂයණයට අනුව, මහාචාර්ය ශ්‍රොඩිංගර් තම බලළා පණ ඇත්තේත් නැති නැත්තේත් නැති සැබෑ තත්වයකට පත්කළේය. පසුව මෙවැනි දේ අරුත්සුන් ප්‍රයත්න බවට පත්විණ. ක්‌වන්ටම් සිද්ධාන්තයට අනුව යථාර්ථය මිනුම් ඉක්‌මවා යන්නකි. මැනීම සත්‍ය තත්ත්වය දකීමට ඇති බාධාවක්‌ මිස එමගින් ඇතිතතු පරිපූර්ණව පැහැදිලි නොකරයි. සැබෑ ක්‌වන්ටම් ලෝකයත් මැනුම් සහිත බොරු විද්‍යාව ලෝකයත් අතර පවතින නියත දෝෂය පෙන්වන ලද්දේ හයිසෙන්බර්ගෙ සුප්‍රකට 'අවිනිශ්චිතතා මූලධර්මය' (Uncertainty Principle) මගිනි.
කෙසේ වෙතත්, මෙම මනින්නා වන සිත මනින්නේ කෙසේද? මෑතකදී මා සහභාගීවු විද්‍යාව හා ආගම පිළිබඳ සම්මන්ත්‍රණයකදී, සභාගැබේ සිටි කතෝලිකයකු උජාරුවෙන් කියා සිටියේ, දුරදක්‌නයකින් තරු නිරීක්‌ෂණය කරනවිට ඇයට තම ආගම එමගින් තර්ජනයකට ලක්‌වෙතැයි තමන් අපහසුතාවයට පත්වන බවයි. එවිට මා කියා සිටියේ, යම්විටක නිරික්‌සන්නා නිරීක්‌ෂනණය කිරීමට විද්‍යාඥයකුගේ දුරදක්‌නයේ අනෙක්‌ කෙලවරෙන් බැලුවහොත්, ඇසින් දැකීම යන ක්‍රියාව සිදුකරන්නේ කුමක්‌ විසින්දැයි සිතාගත නොහැකිව ඔවුන් අපහසුතාවට පත්වේ යන්නයි. මක්‌නිසාද යත්, ඔවුන්ගේ විද්‍යාව, එමගින් තර්ජනයට ලක්‌ව ඇති හෙයිනි. ඉතින් මෙම දැකීම සිදුකරන්නේ කුමකින්ද? නූතන විද්‍යාව ඉක්‌මවායන මේ සිත කුමක්‌ද?
පළමු වසරේ ගුරුවරියක්‌ වරක්‌ තම පංතියෙන් අසා සිටියේ, 'ලෝකයේ ඇති ලොකුම දේ කුමක්‌ද?' යන්නයි. 'මගේ තාත්තා' යෑයි එවිට කුඩා දැරියක්‌ පිලිතුරු දුන්නාය.'අලියා' තවත් කුඩා දරුවෙකු පිලිතුරු දුන්නේ ඔහු මෑතකදී සත්තු වත්ත නරඹා ඇති නිසාය. තවත් දැරියක්‌ යොජනා කළේ 'කන්දක්‌' ලෙසයි. අවු. 6ක්‌ වයසැති මගේ මිතුරාගේ දියණිය පිලිතුරු දුන්නේ, ලොව ඇති විශාලමදේ 'මගේ ඇස්‌ ලෙසයි. මුලු පංතියම පුදුමයට පත්විය. ගුරුවරියට පවා මෙම පිළිතුර නොතේරිණි. එවිට මෙම දැරිය පැහැදිලි කළේ, 'මගේ ඇහෙන් අරයගෙ තාත්තයි, අලියයි, කන්දයි, තව ගොඩක්‌ දේ බලන්න පුලුවන් එහෙනම් මගේ ඇහැ තමයි ලොකුමදේ' අපූරුයිෘ
ඇත්තෙන්ම ඇය එතරම්ම නිවැරදි නැහැ. කෙනෙකුගේ ඇසින් දැකිය හැකි සියල්ල සිතින් දැකිය හැක, එමෙන්ම සිතින් බොහෝ දේ මනෝමය වශයෙන් ගොඩනැගිය හැක. එමගින්, ඇසීම, ගඳ සුවඳ දැනීම, රස දැනීම, පහස දැනීම මෙනම සිතීමද කළ හැක. ඇත්තෙන්ම, දන්න සියල්ල සිත නමැති දෙය තුළට එබ්බවිය හැක. එමනිසා, ලෝකයේ ඇති විශාලම දෙය විය යුත්තේ සිතයි. විද්‍යාවට සිදුවූ අත්වැරැද්ද දැන් පැහැදිලියි. සිත යනු මොළයවත් ශරීරයවත් නොවේ. මොළය, ශරීරය ඇතුලු ලොව ඇති අන් සියලු දේ ඇත්තේ සිතේ..
බුදුදහම ඇදහීම් පද්ධතියක්‌ නොවේ. එය සමථ විදර්ශනා භාවනාව නම් වාස්‌තවික නිරීක්‌ෂණයන් මත ගොඩනැගුනු සැබෑ විද්‍යාවකි. කෘතීම මිනුම් මගින් ඇතිතතු වැසීයාමට නොදීමට භාවනාවට හැක. එය නැවත නැවතත් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් අත්දැකිය හැක්‌කකි.
ශතවර්ෂ 26 ක්‌ කාලයක්‌ පුරා බොහෝ මිනිසුන් ආර්ය අෂ්ටාංගික මාර්ගාංග නම් පරීක්‌ෂණ තත්ත්වයන් තම ජීවිත තුළ නැවත් නැවතත් ප්‍රතිනිර්මාණය කරමින් සිටිති. එය ඊනියා විද්‍යාවට වඩා බොහෝ කාලයකි. සමථ විදර්ශනා භාවනාව පිළිබඳ උත්කෘෂ්ට මහාචාර්යවරුන් වන අරහත් භික්‌ෂු භික්‌ෂුණින් වහන්සේලා, එදා බුදුරජාණන් වහන්සේ ලද අත්දැකීම ඒ අයුරින්ම ලැබූසේක. උන්වහන්සේලා ඒ අකාලික අමා දහම් නියමය එනම් බුදුදහම ඔප්පු කරන ලදී. ඉතින් එකම සැබෑ විද්‍යාව වන්නේ බුදුදහමයි.
ප්‍රකාශ කිරීමට සතුටුයි, අදත් මා හදවතින් විද්‍යාඥයෙක්‌, අද, මා (බෞද්ධ භික්‌ෂුවක්‌ ලෙස) කේම්බිඡ් සරසවියේ සිටියානම් කිසිදා නොවියහැකි තරම්, විශිෂ්ට විද්‍යාඥයෙක්‌!