Friday, April 21, 2017

present day monk can identify an Arahant?

https://buddhism.stackexchange.com/a/20006/5513

In reading the Ariyapariyesana Sutta: The Noble Search – MN 26 one come across the group of five monks (Kondanna, Bhaddiya, Vappa, Mahanama and Assaji) who attended to Buddha when He was resolute in exertion, before Buddhahood. They were far more intelligent than any of us in the present day. Even they could not identify the Buddha as an Arahant. So what would make one think that a present day monk can identify an Arahant? Only after a monk leaves this existence can one identify that he is someone special (an Arahant ) in observing the dead body. Such an incident took place in Sri Lanka, a couple of months ago.
Waharaka Abhyaratanalankara Thero was one such. Those who knew him, kknew the person only as a mopnk who gave us a different meaning to Anicca and Anatta. Unfortunately Waharaka Abhyaratanalankara Thero left us for good just two months ago, in February 2017. Several years ago he had declared that he would not be reborn again. It is quite possible that he did attain Parinibbana at the dying moment, which does happen. What we got to observe was that his body that was not embalmed never decomposed even on the seventh day when it was cremated. For six days his death was not declared as it was uncertain whether the Thero had passed away or gone into Nirodha Samapatti. The body was warm for 6 days, and then it started to get cold. Even at this stage the body was not hard, rigid & heavy which is the norm. He is one of the handful of monks who told us of Anicca and Anatta as seen in a new light, when almost all past publications have translated anicca, dukkha, anatta as impermanence, suffering, and no-self.

Thursday, April 20, 2017

ඥාණ

උදයව්‍ය ඥාණය

සංස්‌කාර ධම_යන්ගේ උදයව්‍ය ස්‌වභාවය මෙනෙහි නොකිරීම නිසාද පරම්පරාවෙන් (සන්තතියෙන්) ප්‍රතිච්ඡන්න වීම නිසාද අනිත්‍ය ලක්‍ෂණය නොවැටහේ. ගමනාදී සතර ඉරියව්වෙන් ආවරණය වීම නිසාද සංස්‌කාර ධම_යන් නිසා නිතර සිදුවන පීඩාව මෙනෙහි නොකිරීම නිසා දුක්‌ඛ ල
ක්‍ෂණය අවබෝධ නොවේ නා නා ධාතූන් බෙදා වෙන්කර ගැනීම මෙනෙහි නොවීම නිසාද ඝන සංඥවෙන් වැසී ඇති නිසාද අනාත්ම ලක්‍ෂණය අවබෝධ නොවේ.

භාවනා යෝගියා උදරයේ පිම්බීම දැනීමත් එය මෙනෙහි කරන සිතත් පවතින්නේ පිම්බිම පවතින තාක්‌ ය හැකිලීම වැටහෙන විට ඒ කිසිවක්‌ම නැත. හැකිලීම දැනීමත් එය මෙනෙහි කරන සිතත් පවතින්නේ පිම්බිම පවත්නා තෙක්‌ය. නැවත පිම්බිම වැටහෙන විට ඒ කිසිවක්‌ම නැත. මේ ආකාරයෙන් හුස්‌ම දැකීමක්‌ පාසාම දැනීමත් එය මෙනෙහි කරන සිතත් දැනීමෙන්ම විනාශයට පත්වන බව මෙනෙහි වේ.

එක්‌ ඇසීමක්‌ එය මෙනෙහි කරන සිතත් එම ඇසීමෙන්ම විනාශයට පත්වේ. ඊළඟට ඇතිවන ඇසීමත් එය මෙනෙහි කරන සිතත් එයින්ම විනාශයට පත්වේ. අතක්‌ ඔසවන දැනීමත් එය මෙනෙහි කරන සිතත් ඒ දැනීම සමගම විනාශවේ. පයක්‌ ඔසවන දැනීමත් එය මෙනෙහි කරන සිතත් ඒ හා සමගම විනාශවේ. සක්‌මන් මනසිකාරයේදී පය ඔසවන දැනීමත් එය මෙනෙහි කරන සිතත් එයින්ම නැතිවේ. පය ඉදිරියට යවන දැනීමත් එය මෙනෙහි කරන සිතත් එයින්ම නැතිවේ. මෙසේ එක්‌ ක්‍රියාවක්‌ සිදුකළ සිත් හා එම ක්‍රියාව මෙනෙහි කරන සිත් එකටම විනාශ වේ. ඊළඟ ක්‍රියාව සිදුකරනවිට කලින් ක්‍රියාව සිදු කළ හා මෙනෙහි කරන සිත් කිසිවක්‌ම නැත. මෙසේ සදොරෙහි ඇතිවන සෑම ක්‍රියාවක්‌ පාසාම ක්‍රියාව කරවන සිත්ද ක්‍රියාව මෙනෙහි කරන සෑම මනසිකාරයක්‌ පාසාම විනාශවෙමින් ක්‍රියා දැනීම් සන්තතිය පවතින බව මනසට අවබෝධ වේ. සිදුකරන ක්‍රියාව සිතට දැනෙන ලෙස සිදුකිරීම සලකා බැලීම හෙවත් මෙනෙහි කිරිම වේ.

මෙසේ සෑම ක්‍රියාවකදීම වර්තමාන වශයෙන් සිදුවන කායික හා මානසික ක්‍රියාවන් සංස්‌කාර පැවැත්ම සේ අවබෝධකර ගනිමින් මෙනෙහි කරන කල්හී කල් යැමේදී නාමරූප සංස්‌කාරයන්ගේ ඇතිවීම නැතිවීම අවබෝධය සඳහා සිත යොමුවේ. සෑම මනසිකාරයක්‌ පාසාම සිතින් අරමුණු දැනීම ස්‌පර්ශ කරන බවත් ඒ ස්‌පර්ශයත් සමගම ඇතිවන නාම රූප ක්‍රියාව භංගයට පත්වන බවත් ප්‍රත්‍යක්‍ෂ ලෙස අවබෝධ වේ. වැසි දිනක ජලාශයකට වැසි පොද පතිත වන විට දිය බුබුළු නැගී ඒ මොහොතේම විනාශයට පත්වන්නාක්‌ මෙන් සෑම මෙනෙහි කිරීමක්‌ පාසාම හටගැනෙන නාම රූප විනාශයට පත්වන බව වැටහෙන්නට වේ. මෙසේ නාමරූප ධම_යන්ගේ ඇතිවීම හා නැතිවීම වැටහෙන සම්මර්ශන ඥනය දියුණු වන කල්හී සෑම ක්‍රියාවක්‌ පිළිබඳව පවතින අනිත්‍ය ස්‌වභාවය යෝගියකුට මනසෙහි වැඩෙන්නට වේ.

මෙසේ එක්‌ සංස්‌කාරයක්‌ බිඳුන තැනට එය නිරුද්ධ වනු සමග අලුත් සංස්‌කාරයන් අතරක්‌ නොදකින පරිදි ඉපදීම් වශයෙන් වහා පැමිණෙන හෙයින් සංස්‌කාරයෙන් නොබිඳී තිබූ පරිදිම බොහෝ කාලයක්‌ පවතින බවක්‌ පෙනේ. විනාශ වූ සංස්‌කාර ධම_යන් විනාශ වූ බව සහ එතැනට අලුත් සංස්‌කාරයන් පහළ වූ බවත් නොපෙනන සේ වේගවත්ව පවතින පරම්පරා සම්බන්ධයට සන්තතියයි කියනු ලැබේ.

සංස්‌කාරයන්ගේ විනාශය ඒවා ආත්ම වශයෙන් සලකනු ලැබීම තමාට සිදුවූ විනාශයක්‌ බැවින් එය පීඩාවකි. විනාශ වූ සංස්‌කාර වෙනුවට අලුත් සංස්‌කාර උපදවා ගැනීමට වෙහෙස විය යුතු හෙයින් අලුත් සංස්‌කාරයන් ඉපදීම ද පීඩාවකි. උදයව්‍ය දැකීමෙන් නිතර පීඩනය ගෙන දෙන දුක්‌ඛ ලක්‍ෂණය අවබෝධ වේ. එක්‌ ඉරියව්වකදී දැනෙන දුක අනෙක්‌ ඉරියව්වෙන් මුවාවන හෙයින් ඉරියාපථයද දුක්‌ඛ ලක්‍ෂණය වසන්නේය. ආත්ම සංඥව දුරුවීම පිණිස නානා ධාතු බෙද බෙදා බැලිය යුතුය. ධාතූන් වෙන් වශයෙන් දකින කල්හී ඒවායේ අනාත්ම ස්‌වභාවය ආවරණය කරන ඝන සංඥව ඉබේමම නැතිවේ. ඝන සංඥව බිඳී යැමෙන් උදයව්‍ය දර්ශනයේ අනාත්ම ස්‌වභාවය අවබෝධ වේ.

භංග ඥාණය


රූප නාම සංස්‌කාරයන්ගේ උදය වස දකිමින් මෙනෙහි කරන කල්හි රූප නාමයන්ගේ ඇතිවීමේ ස්‌වභාවය වැටහෙන ආකාරය අඩුවෙමින් වය ලක්‍ෂණය (නැතිවීම) පැහැදිලි වෙන්ට පටන් ගනී. මෙසේ ක්‍රම ක්‍රමයෙන් රූප නාම සංස්‌කාරයන්ගේ ඇතිවීමේ ස්‌වභාවය නැවතී නැතිවීමේ අවස්‌ථාව (භංග අවස්‌ථාව) වැටහීමට පටන් ගනී.

මෙසේ රූපය අරමුණු කරන සිත ඉපිද බිඳීයයි. එම රූප අරමුණ බිඳී ගියේයෑයි දැක දැන බිඳී ගියේයෑයි කියා දැක ගත් විපස්‌සනා සිත බිඳී ගියේ යෑයි යළි යළිත් මෙනෙහි කර අවබෝධ කර ගනී. වේදනාව අරමුණු කරන සංඥාව අරමුණු කරන සිතද සංස්‌කායන් අරමුණු කරන සිතකා විඤaඤdණය අරමුණු කරන සිතද ඉපිද බිඳී ගියේ යෑයි දුක දුනගෙන දැක දත ගත් එම විපස්‌සනා සත බිඳී ගියේයෑයි නැවත භාවනා කර බලයි. මෙසේ නාම රූප සංස්‌කාරයන්ගේ ඇතිවීමට වඩා බිඳීම ඉක්‌මනින් සිදුවන බව අවබෝධ වේ. මෙනෙහි කරන සිතේ සහ රූප අරමුණේ බිඳී යැමද පැහැදිලිව අවබෝධ වේ.

කායික ක්‍රියා මෙනෙහි කරන විට ක්‍රියා රූපයේ බිඳීම අවබෝධ වෙනවාත් සමඟම එය මෙනෙහි කළ සිතේ භංගය දකී. කායික ක්‍රියා මෙනෙහි කරන විට ක්‍රියාවේ බිඳීයාමත්, ක්‍රියාව මෙනෙහි කරන විට සිතේ බිඳීමත්, ඒ දෙකම දකින සිතේ බිඳීයාමත් වැටහෙන්නට වේ.

මෙසේ මෙනෙහි කරන සිහිය වැඩෙන විට මෙනෙහි වන අරමුණෙන් එය මෙනෙහි කරන සිතේ බිඳීයාමත් පැහැදිලිව වැටහේ. ශරීරයේ "හිඳින" ඉරියව්ව මෙනෙහි වන විට අත් පා හිස,කඳ,බඩවැල් ආදී කොටස්‌ ඒ අයුරින්ම මෙනෙහි වේ. තවදුරටත් සිටීම්, සැතපීම් ඉරියව් මෙනෙහි කරන කල්හී අභ්‍යන්තර බාහිර සිරුරු කොටස්‌ද මෙනෙහි වේ. සිහි නුවණ දියුණුවට පත්වන විට ධාතු රූප කලාප ආදියේ භංගය වැටහෙන්නට වේ. දැන් යෝගියාගේ මනසිකයෙ භංග අවස්‌ථාව වෙතම යොමුවෙමින් පවතී. සමාධි ප්‍රඥ දියුණුවීම නිසා මනසිකාර සිත හා අරමුණු ඇතිවන නැතිවන ඉතා සියුම් වූ සංස්‌කාරයෙත් හැටියට අනිත්‍යාදී ලක්‍ෂණද වැටහෙන්නට වේ. සංස්‌කාරයන්ගේ බිඳීම කෙරෙහි මනසිකාරය පවතින හෙයින් සියුම් අරමුණු කෙරෙහිද මනසිකාර සිත පැවැත්වීම අපහසු නොවේ. මනසිකාර පැවැත්ම දියුණුවීම නිසා ඇසීම් දැකීම් ආදී සඉර පිළිබඳ සියලු ඇසීම් දැකීම් ආදී රූප නාම ක්‍රියා අවබෝධ වන්නේ ඒවා විනාශයට පත්වන ආකාරයෙනි.

අතක්‌ එසවීම පහත් කිරීම ආදී ක්‍රියා මනසිකාරය පැවැත්වීමේදී ක්‍රියාව කරන සිත කෙරෙහි මනසිකාර සිත කෙළින්ම එක එල්ලේම අරමුණු වීම නිසා කායික ක්‍රියාවල වේගයේ අඩුවීමක්‌ සිදුවිය හැක. කායික ක්‍රියා මනසිකාරක වේගය අඩු වී මෙනෙහි කිරීම දුර්වල වූයේ නම් කායික ක්‍රියා මෙනෙහි කිරීම් නවතා ඇසීම් දැකීම් ආදී සංදොර රූපනාම පැවැත්ම මෙනෙහි කළ යුතුය. පිම්බීම හැකිළීම පහත්වීම සිටීම සැතපීම ආදී පුරුදු පරිදි අරමුණු මෙනෙහි කිරීමෙන් මනසිකාර වේගය වැඩි වූ විට ශරීරය පුරා වේදනාවන් විඳීම් ආදී වේදනාද මෙනෙහි කළ හැකිය. මෙසේ මෙනෙහි කිරීමේ යෙදෙන විට මෙනෙහි කිරීම් අතර යම් සිතේ කැළඹීමක්‌ හෝ මහන්සියක්‌ හෝ දැනේ නම් පුරුදු පරිදි පිම්බීම හැකිළීම යන ක්‍රියා අරමුණු මෙනෙහි කළ යුතුය.

මනසිකාරයට හසුවන සියලු අරමුණු වෙන් වශයෙන් මෙනෙහි කිරීමට තරම් දියුණුවට පත් වූ කල්හී සෑම අරමුණකම වාගේ රූප නාම පැවැත්වීමේ විනාශයම (භංහය) වටහා ගැනීමට හැකිවේ. වැසි දිනක ජලාශයකට වැටෙන වැසි බින්දු සමඟම දිය බුබුළු නැඟි නැගී බිඳෙන්නාක්‌ මෙන් මෙනෙහි කරන සියලු සංස්‌කාර අරමුණුවල බිඳීම වැටහෙන්නට වේ. මෙසේ භාවනාමය මනසිකාරය දියුණු වීම නිසා සියලු රූප නාම සංස්‌කාරයන් වෙන් වෙන්ව ද ධාතු හා රූපකලාප වශයෙන් ද ඒවායේ බිඳීම (භංගය) වැටහෙන්නට වේ. මේ අවස්‌ථාවේදී මනසිකාරය නැවැත්වීම අදහස්‌ කළත් රූප නාම සංස්‌කාරයන් නොනැවතී වැටහෙන්නට වේ.

මෙසේ සියලු සංස්‌කාර ඉපදීමෙහි හා පැවැත්මෙහි පැවැති නිමිති අතහැර බිඳීමම දකියි. යමෙක්‌ පොකුණු තරක සිටින කල්හි වැසි වසින කල්හි දිය මතුයෙහි දිය බුබුළු ඉපිද වහ වහා බිඳෙනු දකින කල්හි ඒ ආකාරයෙන්ම නාමරූප සංස්‌කාර ධර්ම බිඳෙන බව ප්‍රත්‍යක්‍ෂව අවබෝධ කරගනී. පටිසම්භිදාමග්ග අට්‌ඨ කථාවෙහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළහ.

"යථා බුබ්බුලකං පස්‌සෙ යථා පස්‌සෙ මරිචිකං
එවං ලෝකං අවෙක්‌ඛනතං - මච්චුරාජා න පස්‌සති"

යම් සේ දිය බුබුලක්‌ දකින්නේද, මිරිඟුවක්‌ දකින්නේද මේ ආකාරයට ලෝකය දකින්නේ මච්චුරාජා නොදකී. සියලු සංස්‌කාර බිඳෙන බව නිරන්තරයෙන් දක්‌නා කල්හි ආනිසංස අටකින් යුත් භංගාත්‍ර පස්‌සනාව ඥනය බලවත් වේ.

භවදෘෂ්ඨි ප්‍රහාණය, ජීවිත ආශාව අත්හැරීම යහපත් ක්‍රියාවන්හී යෙදීම, පිරිසිදු දිවි ගෙවීම, භාවයන් පිළිබඳ පහසු බිය ඇතිවීම, ඉවසීම හා සුචච බව ලැබීම නොඇලීම හා ඇල්ම ඉවසන බව ආදිය යි.

භයතු පට්‌ඨාන ඥාණය

භංග ඥන අවස්‌ථාවේදී අවබෝධ කළ පරිදි මෙනෙහි කරන නාමරූප සංස්‌කාරයන් නිරන්තරයෙන් බිඳීමට පත්වන බව අවබෝධවීමෙන් අතීත සංස්‌කාරයන්ද මෙසේම බිඳීමට විය. අනාගත සංස්‌කාරයන්ද මේ ආකාරයෙන් බිඳෙනු ඇත. යනාදී වශයෙන් හේතු සහිත අදහස්‌ පහළ වුවහොත් ඒවා මෙනෙහි කිරීමට නොයා යුතුය. සංස්‌කාරයන්, මෙනෙහි කරන කල්හී සංස්‌කාරයන්ගේ බියජනක ස්‌වභාවය පිළිබඳවද මෙවන් අදහස්‌ ඇතිවිය හැක. යමෙක්‌ සංස්‌කාරයන් ගැන තුටු පහටු වන්නේ ඒවා බිඳීමට පත්වන බව නොදත් නිසාය. සංස්‌කාරයත් පිළිබඳ බිය ජනක හැඟීම් ඇති වේ. මේ ආත්මයේදී භංගයට පත්වූ අතීත සංස්‌කාරයන් බියජනකය.
(උපුටා ගතිමි.)